Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
29
කෙනෙක්ට කසාද දෙකක් බඳින්න පුළුවන්ද? එහෙම බඳින අයට මොකද වෙන්නේ?

- කෙනෙක්ට කසාද දෙකක් බඳින්න පුළුවන්ද? එහෙම බඳින අයට මොකද වෙන්නේ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

ජන්ම පත්‍රයට අනුව යම් පුද්ගලයකුගේ විවාහය සිදුවන දවස හරියටම දැනගත හැකි වන අතර තමාගේ පළමු විවාහය අසාර්ථක වීම හා දෙවන විවාහයක් සිදුවන්නේ ද? නැද්ද යන්නත්, දෙවන විවාහය සිදුවන්නේ කවදාද? තම සහකරු හෝ සහකාරිය කවුරුන්ද? ඔහු හෝ ඇයගේ ගති ලක්‍ෂණ මොනවාද? තමාට සහකරු ලැබෙන්නේ කෙසේද? යන්නත් ජන්ම පත්‍රයට අනුව ප්‍රකාශ කළ හැකි අතර ඔබගේ දෙවන විවාහය සාර්ථක වේද? අසාර්ථක වේද? යන්නත් දැනගත හැකි වේ.



ප්‍රථමයෙන් මතක් කළ යුත්තේ, යම් කෙනෙක් දෙවන විවාහයක් සඳහා යොමුවන්නේ පළමු විවාහය අසාර්ථක වූ විටදී ය. පළමු විවාහය අසාර්ථක වන්නේ තමාගේ ස්වාමියා හෝ භාර්යාව මියයෑම නිසා හෝ දෙදෙනා නීතියෙන් දික්කසාද වී වෙන්වීම නිසා විය හැකිය. දික්කසාද වීම අද ලංකාවේ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. දිසා අධිකරණයක, දිනකට විභාග කරන දික්කසාද නඩු දෙස බැලුවහොත් ඒ බව මනාව පිළිබිඹු වේ.

දික්කසාදය සඳහා හේතුවන කරුණු කාරණා ලෙස එකිනෙකාගේ අදහස් නොගැළපීම, අනියම් සබඳතා පැවැත්වීම, තම සහකරු සුරාවට හා සූදුවට ඇබ්බැහි වීම, ලිංගික ගැටලු හෝ වෙනයම් හේතුවක් විය හැකිය. මෙය ජන්ම පත්‍ර පරීක්‍ෂාව තුළින් ද පැවසිය හැකිය. පළමු විවාහය අසාර්ථක වී, දෙවන විවාහය පමණක් නොව කීපවරක් විවාහ වන අවස්ථා ද දැකිය හැක. විවාහ වීමට පෙර දෙදෙනාගේ පොරොන්දම් සියල්ල ගැළපුනත් ඔවුන්ගේ ජන්ම පත්‍රවල ග්‍රහ ගැළපීම පරීක්‍ෂා කිරීමේදී මේ පිළිබඳව සලකා බැලිය යුතු වේ.

පළමු විවාහය අසාර්ථක වීම ආකාර 2කට සිදුවිය හැකිය. එනම් දික්කසාද වීම හෝ තම ස්වාමියා හෝ භාර්යාව මියයෑම වේ. ජ්‍යොතිෂයේදී මෙය වැන්දඹු යෝග ලෙස හඳුන්වනු ලබන අතර එයට බලපානු ලබන්නේ ස්වාමි, භාර්යා නාශක යෝග වේ. නමුත් ස්වාමි, භාර්යා නාශක යෝග යෙදුණු පමණින් විවාහය මරණයකින් කෙළවර නොවූ අවස්ථාවන් කොතෙකුත් දක්නට ලැබෙන අතර, එයට හේතු වන්නේ විවාහ වූ සහකරුගේ හෝ සහකාරියගේ ආයුෂ බලවත් වීමයි. නමුත් එම අවස්ථාවන්වලදී මරණය සිදු නොවී, දික්කසාදයකින් විවාහය බිඳවැටෙනු දැකිය හැකිය. මෙවැනි යෝගයක් දළ කේන්ද්‍රයක දුටු පමණින් ජ්‍යොතිෂවේදියා අනාවැකි ප්‍රකාශ නොකළ යුතු අතර, එය නිවැරදිව යෙදී ඇත්දැයි අනෙකුත් වර්ග පරීක්‍ෂාකර භාව පරීක්‍ෂාකර, පැවසිය යුතු වේ.

භෞම දෝෂය හෙවත් කුජ දෝෂය දුටු පමණින් හෝ 7 වැන්නේ පාපීන් සිටීම, 7 වැනිනාධිපති දුර්වලව, පාපී පීඩිිතව සිටි පමණින් විවාහය අසාර්ථක නොවූ පුද්ගලයන් ද දැකිය හැකිය. නමුත් එයට හේතුව සූක්‍ෂමව ජන්ම පත්‍රය පරීක්‍ෂාව තුළ එනම් ග්‍රහයන් පිහිටීම භාව හා වර්ගවල එම දෝෂයේ යෙදී තිබීම දක්නට නොලැබීමයි. නමුත් ඉහත සඳහන් කළ වැන්දඹු හා දික්කසාද යෝග පිහිටා ඇත්නම් එය සූක්‍ෂම පරීක්‍ෂාවකින් පසු ඒ ආකාරයටම යෙදේ නම් කර්මානුරූපී බලපෑම ප්‍රබල වී එය එසේම සිදු වේ. එය සිදුවන කාල සීමාව මහදශාවන්, අන්තර් දශාවන්, ගුරුගේ රාහුගේ, ශනිගේ ගෝචරයන් පදනම් කරගෙන සිදුවේ. මෙය ජන්ම පත්‍රයෙන් ජන්ම පත්‍රයට වෙනස් වන අතර ඉහත සඳහන් කළ න්‍යාය සෑම විටදීම පලාපල කථනය සඳහා උපයෝගී කරගත යුතු වේ. වැන්දඹු යෝග හා දික්කසාද යෝග විශාල සංඛ්‍යාවක් තිබෙන අතර ඒවා තිබෙන්නේ 7, 8, 11, 2, 3 යන අධිපතීන් සම්බන්ධ කරගෙන වේ. උදාහරණයක් ලෙස 7, 8 අධිපතීන් සම්බන්ධ වීම, ස්වාමියාට අපල ගෙන දෙන යෝගයක් වන අතර, රාශියක 7, 8 අධිපතීන් දුටු පමණින් මෙය එකවර පැවසිය නොහැකි වේ. එයට හේතුව එම ග්‍රහයන් දෙදෙනාගේ බල දුබලතාවය, එක ග්‍රහයකුට අනෙක් ග්‍රහයන්ගෙන් ලැබෙන ග්‍රහ දෘෂ්ටිය ග්‍රහයාට අනුරූපීව, ග්‍රහයන් අතර සංයෝගය සිදුවීමට තිබිය යුතු අවම දුර (අංශක ගණන) ඉතා සූක්‍ෂමව පරීක්‍ෂාකර පලාපල කථනය සිදුකළ යුතු වේ.

උදා :- කුජ, සිකුරු සම්බන්ධවීම තුළ අතිධාවනකාරී කර්ම යෝගයක් ක්‍රියාත්මක වීම පවසන නමුත් ගුරුගේ, රවිගේ දෘෂ්ටිය, ශනිගේ දෘෂ්ටිය තුළ උදාසීන වීම, සංයෝගය සිදු වූ රාශිය, අංශක ගණන තුළ එම යෝගය ක්‍රියාත්මක නොවූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. සූක්‍ෂම පරීක්‍ෂාව තුළ භාවානුරූපීව ඉහත යෝගයන් නිවැරදිව නිර්ණය කරගත හැකි වේ. මෙය එක් උදාහරණයක් පමණි.

දෙවන විවාහයේ ඵලදායිතාව සලකා බැලීමේදී 2, 3, 10 අධිපතීන් පිළිබඳව හා එම ස්ථානවල පිහිටි ග්‍රහ පිහිටීම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වේ. ප්‍රථම විවාහයේ දරුවන් නොමැතිව, දෙවන විවාහයේ දරුවන් ලැබීම ආදී කාරණා ජන්මපත්‍ර පරීක්‍ෂාව අනුව නිවැරදිව නිර්ණය කළ හැකිය. දික්කසාද යෝග හා වැන්දඹු යෝග ජන්ම පත්‍රයෙන් ජන්ම පත්‍රයට වෙනස් ආකාරයට යෙදෙන අතර, එවැනි යෝගයන් ඇත්නම් සහ දෙවැනි විවාහය සඳහා ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීමක් පවතීනම්, එම යෝග බලවත් නම් පළමු විවාහය අසාර්ථක වී දෙවැනි විවාහය සාර්ථක වී දියුණුවට පත්වීම සිදුවේ. නමුත් පළමු විවාහය අසාර්ථක වී පුද්ගලයාගේ ජීවිතය ග්‍රහයන්ගේ ග්‍රහයෝගවල බලපෑම අනුව ලෝකෝත්තර දිශානතියක් පෙන්නුම් කරන්නේ නම් දෙවන විවාහයක් සඳහා ජන්ම පත්‍ර හිමියාට කටයුතු සිදු නොවේ. විවාහ කීපයක් පිහිටන යෝග බහු විවාහ යෝග ලෙස හඳුන්වන අතර, සල්ලාල යෝග හා වෛශ්‍යා යෝග යෙදේ නම් විවාහ කීපයක් ම සිදුවිය හැකිය. මෙවැනි යෝග තිබේ නම් ධර්මානුකූලව ජීවත්වීම තුළින් හා වත්පිළිවෙත් සිදුකිරීම මගින් එහි බලපෑම මැඬපැවැත්විය හැකි අතර, ඒ සඳහා ගත කරන මහදශාව, අන්තර් දශාව හා ග්‍රහ ගෝචරය සෘජුවම බලපෑම් ඇති කරයි. නමුත් ප්‍රබල ආකාරයට මෙහි බලපෑම ජන්ම පත්‍රයෙන් පෙන්නුම් කරයි නම් මතු භවයන්හි යහපත් විවාහයක් හා යුග දිවියේ සතුටක් ඇතිවීම පිණිස ප්‍රාර්ථනා සහිතව, මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් යුක්තව, දාන ධර්ම පිළිවෙත්වලින් හා සිල්වත්කමින් ලෞකික ජීවිතය ගෙන යා යුතුවේ.

ගෝඨාභය මුදලිගේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top