තමන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට සිදුකර ඇති පැමිණිල්ල පිටුපස සිටින්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ප්‍රකාශ කළා. පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ෂණ ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
ඔහු අද (09) පස්වරු 2.30 ට පමණ එම විශේෂ විමර්ෂන ඒකකයට පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන් අතර, ඒ, සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූවන්ට නිවාස සෑදීමේ අරමුණින් පසුගිය රජය සමයේ පිහිටවූ ව්‍යාජ ආයතනයක් සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳවයි. ටිරාන් අලස් මන්ත්‍රීවරයා පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.