හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැති බව ප්‍රකාශ කෙරුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි.
මෙහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡාකර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හිමි සියළු පක්ෂවල නියෝජිතයන්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබුණත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊට සහභාගී නොවීමද විශේෂත්වයක්.