බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන ආකාරයට , ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය සුදුසුයි...
Nurses නැමති සෞඛ්‍ය අධ්‍යනය මඟින් පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩුකර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායක බව හඳුනාගෙන තිබෙනවා...
එමෙන්ම, බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට විශේෂයෙන්ම ගුණදායක තෙල් වර්ගයක් ලෙසින් ද මෙය හඳුන්වනවා.. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙසද මෝර තෙල් සුදුසු බව වෛද්‍ය මතයයි...
බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෙහි ඇති බවයි..
මෝර තෙල්වල , ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති බැවින්, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කරනවා. එසේම කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමටද එමඟින් හැකියි.. එම නිසා , අනෙකුත් තෙල්වලට සාපේක්ෂව මෝර තෙල් ශරීර සෞඛ්‍යට හිතකරයි..
බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ, මෝර තෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කළ හැකි බවයි.. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කිරීම සඳහා ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත්..
මෝර තෙල්වල අඩංගු විටමින් A මඟින් පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි..