Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
24
ඔයා මුත්‍රාශයේ ගල් නිසා දුක් විඳින කෙනෙක්ද ?මෙන්න නිට්ටාවටම සුව කරගන්න බෙහෙතක්

- ඔයා මුත්‍රාශයේ ගල් නිසා දුක් විඳින කෙනෙක්ද ?මෙන්න නිට්ටාවටම සුව කරගන්න බෙහෙතක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

මුත්‍රා ගල් හැදුණු නිසා දුක් විඳින දහසකුත් එකක් රෝගීන් වෙනුවෙන් ආයුර්වේදමය පැහැදිලි කිරීමක් කරන්න හිතුවා.


වකුගඩු, මුත්‍රාවාහිනි, මුත්‍රාශය යන ප්‍රධාන කොටස්වලින් මිනිස් මුත්‍රා මාර්ගය සමන්විත වෙනවා. මුත්‍රා ගල් හට ගැනීමත් අද බහුලව සිදුවන්නක්. නොදැනීම කලක් ගිය පසුයි දැනගන්නෙ. නමුත් මෙය දරාගන්නට නොහැකි තරම් වේදනා ගෙන දෙන්නක්. ඒ අනුව එහි පරාසය විවිධයි.

මුත්‍රා ගල් ඇති වීමට බෙහෙවින්ම බලපාන්නේ අහිතකර ආහාරපාන අධිකව පරිභෝජනය කිරීමයි. නිසි පරිදි ජලය පානය නොකිරීමත් ප්‍රධාන හේතුවක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අශ්මරි, පිත්තජ, වාතජ, කඵජ, ශුක්‍රජ ආදී වශයෙන් කොටස් හතරක් යටතේ මෙම තත්ත්වය විග්‍රහ වෙනවා.

මෙහි ඇති ලක්ෂණ වන්නේ මුත්‍රාශය පිම්බීම, මුත්‍රාශය හා අවට ප්‍රදේශයේ වේදනාව, මුත්‍රාවල එළු ගඳ පැවැතීම, මුත්‍රා පිටකරද්දී අපහසුතාව, උණ ගතිය, කෑම අරුචියයි.

රෝගයේ සාමාන්‍ය ලක්ෂණ වන්නේ මුත්‍රාශය අවට තද වේදනාව, මුත්‍රා පථය ඇහිරී ඇති විටකදී මුත්‍රා ධාරා කිහිපයකින් විහිදී නිකුත් වීම, අශ්මරිය ඉවත් වූ පසු මුත්‍රා පහසුවෙන් පිටවීම, ගල ගැටීම නිසා මුත්‍රා පථය තුවාල වී නික්මෙන රුධිරය සමඟ තද වේදනාවක්, තද මහන්සියකින් මුත්‍රා පිටවීම, වමනය, හතිය එම මාර්ගයේ තද වේදනාවයි.

කොහොමද මෙවැනි තත්ත්වයකින් මිදී එය සුවපත් කර ගන්නෙ කියලා ඔබේ සිත විමසනවා ඇති. එය මෙහෙමයි. මුත්‍රා ගල්වල මූලිකම එක් ලකුණක් වන්නේ වේදනාකාරී බවයි. මෙම වේදනාව ගල පවතින ස්ථානය, එහි ප්‍රමාණය ආදිය මත ඍජුවම වෙනස් වෙනවා. නොසොල්මනේ පවතිනා කුඩා ගලකින් වේදනාව වෙනවා අවමයි. නමුත් එයට යටි චලනයක් දක්වන්නට හැකි වීමත් සමඟ වේදනාව ඇති වීම සුලබයි.

මෙය බියවිය යුතු දෙයක් නොවේ. මුල් අවස්ථාවේ සිටම නිසි ප්‍රතිකාර කළහොත් නිට්ටාවටම සුවකර ගත හැකි තත්ත්වයක්.

නමුත් නළ මඟින් නික්මවා ගත හැකි අසාධ්‍ය තත්ත්වයන් දක්වා වර්ධනය වුවහොත් ඒවා සැත්කමකින්ද ඉවත් කළ හැකියි. එම නිසා මුල් තත්ත්වයේ සිට මේ ගැන දැනුවත් වීම වටී. නිසි ප්‍රතිකාර වෙත යෑම වටී. නමුත් ස්ඵටික ගතිය පිපිරී යෑමට බෙහෙත් යෙදීම අනතුරුදායකය. එසේ වීමෙන් සියුම් කැබැලිවලට කැඩී නළ තුළ තුවාල තත්ත්වයන් ඇති විය හැකිය. එම නිසා මේ රෝග තත්ත්වය ඇති අය සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරවා ගෙන නිසි ප්‍රතිකාර පටන් ගැනීම මුල් අවධියේ සිටම කරනවා නම් ඔබ දිනුම්.

ගලේ ස්වභාවය හා ප්‍රමාණය අනුව මුත්‍රාශයේ පිටත විවරයේ මෙම ගල් සිරවීම් වෙන්න පුළුවන්. එවිට මුත්‍රා පහ කිරීමේ නොහැකියාව, එනම් මුත්‍රා අඩස්සිය හා වේදනාකාරී ලෙස මුත්‍රා කිරීමේ තදබල වුවමනාවක් ඇති වෙනවා. ගල් රැඳීම නිසා නිතර මුත්‍රා ආසාදනය ඇති වීමත් එම නිසා ආසාදිත දුර්ගන්ධයක් සභික මුත්‍රා පිටවීම, උණ, වෙව්ලීම ආදිය ඇති වන්නත් පුළුවන්.

හෙළ වෙදකමට අනුව නම් මෙම රෝග තත්ත්වයට ගැළපෙන පථ්‍ය ආහාර පාන කිහිපයක් වෙයි. විශේෂයෙන් උණු කළ පිරිසුදු ජලය, තැඹිලි වතුර පානය ඉතා ගුණය.

කැකිරි, පුහුල්, පිපිඤ්ඤා, පතෝල වැනි දියර තත්ත්වයේ එළවළුද ගුණය. තවද සාරන, කූර තම්පලා, පොල්පලා, ඉකිරිය වැනි පලා වර්ග කෑමට ගුණය. කොල්ලු, මුං ඇට, බාර්ලි වැනි ධාන්‍ය වර්ග ඉතා හොඳය. ‍ෙදාඩම්, කොමඩු, කටු අනෝදා වැනි පලතුරු අගනේය. එනසාල්, කරාබුනැටි, කොත්තමල්ලි වැනි කුළුබඩු ගුණය. කෝමාරිකා, අක්කපාන, කුප්පමේනියා වැනි ශාකමය ආහාර ඉතා ගුණය.

එමෙන්ම මෙම රෝග තත්ත්වයට සුදුසු නොවන අපථ්‍ය ආහාරද ඔබ හඳුනාගත යුතුය. එවායෙන් වැළකිය යුතුයි.

එනම් තක්කාලි, බල මාළු, අන්නාසි, ඉස්සෝ, දැල්ලො, කෙළවල්ලෝ වැනි උෂ්ණ ආහාර අගුණය. එසේම කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර, කෘත්‍රිම රසකාරක යෙදූ පාන වර්ග, හාල්මැස්සන්, තක්කාලි එකට ඉවීම හා ආහාරය අගුණය. මෙම තත්ත්වයන් හොඳින් දැනගෙන ඔබත් නිරෝගී අයකු වන්න කටයුතු කරන්න.

වෛද්‍ය මෘතය ඇසුරෙනි.

(මව්බිම)

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top