ලංකාවේ පමණක් නොව නිවර්තන කලාපයේ රටවල් බොහොමයකදි අක්කපාන හඳුනාගත හැකියි... Kalanchoe pinnata විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අක්කපාන බහුවාර්ෂික පැළැටියක්...
ගල් තලාවන් දිගේ විහිදී ගාලක් ලෙස වැවෙන අක්කපාන, සමහර විටෙක පොළොවට ලම්භකව අඩි දෙකක් පමණ උසට ශාකයක් ලෙසද වැවෙනවා.. රෝස පැහැයට හුරු අලංකාර මල් පොකුරු හටගන්නවා..
පොත් අස්සේ දමා මුල් අද්දවා ගැනීමට අමතරව, අක්කපාන සමඟ ඊට වඩා සබැඳියාවක් ළමා අපට තිබුණාදැයි නොදැන සිටි මුත් අපේ කෑමවේලේ බත්පත සමඟ ලැබෙන විවිධාකාර වූ ව්‍යාංජන අතර “අක්කපාන” කොළ සම්බෝලය විශේෂ වෙනවා..
ඒත් එක්කම මේ කියන්න යන්නේ අක්කපාන කැඳවල ගුණ.. මෙන්න බලන්නකෝ ඒවා පිළියෙල කරගන්නා විදිහ..
ඉඳහිට බිව්වොත් ඉසිවර ගුණ දෙන අක්කපාන කොළ කැඳ පානය....
හොඳින් සෝදා ගල් වැලි ඉවත් කළ නිවුඩු කැකුළු හාල් දෙමිටක්, සුදුළූණු බික් 04ක් සමඟ වතුර අඬු කෝප්ප 02ක් දමා හොඳට බෙරි වෙන්නට තම්බා පොඩි කරගන්න.
• අක්කපාන කොළ මිටක්
• කරපිංචා කිණිති 04ක්
• ගම්මිරිස් ඇට 05ක්
• තිප්පිලි කරල් 01ක්
• ඉඟිනි පිටි තේ හැඳි 1/2ක් (2.5g / ඇඟිලි දෙකට අසුවන ප්‍රමාණ 01 යි)
• පොල් මේස හැඳි 02ක්
• සූදුරු ඇට 10ක්
• අමු ඉඟුරු ස්වල්පයක්
• කරදමුංගු කරල් කරල් 01ක්
• යවකරලුණු මංචාඩි 10ක්
අඹරා වතුර බෝතල් 1/2 කට දියකර පෙරා කැඳට දමා බුබුළු දමා පැසවා නිවුනාට පසු බීමට දෙන්න.
මෙහි ගුණ :-
මෙම කැඳ වර්ගය මිනිසාට ඇතිවන වකුගඩු වල ගල්, අශ්මරී නාල වල තද ගතිය නැති කර මුත්‍රා නාල ලිහිල් කරයි. වකුගඩු වල පටක තුළ වැලි මෙන් බැඳීම නැති කරයි.
මෙම කැඳ නිතර බීම හොඳ නැත. වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කරන්න. උපරිම දින 04කි