දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන්.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ පළාතේ උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.
බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.