ලෝක කුසලාන ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තම ක්‍රීඩකයින් වසර ගණනාවක් කැප වූ බව ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා පවසනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා පළමු වරට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කරමින් පවසන්නේ ඔවුන්ට ලෝක කුසලානය අහිමි වූයේ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ පරාජය වීම හේතුවෙන් බවයි.
එසේම තමා වසර ගණනාවක් තම කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ බවත් පවසන ඔහු තමන් අපේක්ෂා කළ ජයග්‍රහණය නොලැබීම නිසා කළකිරීමක් ඇතිවන බව පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, අවසන් තරගය තෙක් කණ්ඩායමේ ක්‍රීඩකයින් දැඩි කැපවීමෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.