Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
13
ඔයත් කොස් කන්න ආස කෙනෙක්නම් අනිවාර්යයෙන් මේක කියවන්න...

- ඔයත් කොස් කන්න ආස කෙනෙක්නම් අනිවාර්යයෙන් මේක කියවන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

අපේ රටේ ග්‍රාමීය  පරිසරය තුල කොස් ගහක් නැති ගෙදරක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. 


නාගරීකරනයත් එක්ක කොස් ගස නගරයෙන් ටිකක් ඈත් වුනත් වෙනසක් නැතිව හැම දෙනාම කන්න කැමති රස ගුණ පිරි ආහාරයක් තමයි කොස් කියලා කියන්නෙ.

කොස් ගෙඩියක් සෑම වර්ධන අවධියකදීම විවිධ රස වලින් අපට ආහාරයට ගැනීමේ හැකියාව තිබෙනවා.

කුඩාම කාළයේදී පොළොස් විදියට පිළියල කරගන්නවා වගේම කොස් ව්යංජන,තම්බපු කොස්, කොස් ඇට මාළුව වගේ විවිධ ආකාරයට කොස් පිළියල කරගන්න පුළුවන්.

එසේම කොස් ගෙඩිය ඉදුනට පස්සෙ වැල වරකා විදියට රසවත් පළතුරක් අපිට ලබා දෙනවා.

නමුත් වර්තමානය වන විට අපි අතරින් රස ගුණ පිරි කොස් වලට දක්වන ප්රියතාවය ඈත්ව යන බවක් දක්නට ලැබෙනවා. අද අපි ඔබට කියන්නෙ කොස් ගැන ඔබ දැන සිටිය යුතුම කාරණා කිහිපයක්.

පාන් පිටි කෑමේ වැඩි වීම අතිවිශාලය. පාන් පිටි නැත් නම් තිරිඟු පිටි ලෙස අපට ලැබෙන්නේ තිරිඟු ඇටයේ කිසිම ගුණයක් නැති කොටසක් අඹරා එන පිටිය.

ඒ නිසා පාන් පිටි ආශ්රිත ආහාරවලින් ශරීරයට උචිත මට්ටමේ පෝෂණයක් නොලැබේ. වෛද්යවරුන් පවසන ආකාරයට පාන් පිටි වැඩිපුර ආහාරයට ගැනීම දියවැඩියාව, අම්ල පිත්ත රෝගයට හා දරුවන්ගේ මොළේ වර්ධනය හීන වීමට හේතු වේ.

එහෙත් ගැටලුව හාල් අර්බුදය හේතුවෙන් පාන් පිටි දිගටම ජනප්රිය වීමයි.

පසුගිය සතියේ අපට අදහස් දැක්වූ පූජක සංවිධාන නායකයන් පැවසුවේ දැන් ‘චූන් පාන්’ රටපුරා තම ආධිපත්යය තහවුරු කරගෙන ඇති බවයි. පුලතිසිපුර කෙත්වතු සරු කරමින් ඉදි කළ පරාක්රම සමුද්රයේ බැම්මේත් දැන් තිරිඟු පිටි කෑම පුරවාගත් ‘චූන් පාන්කරුවන්’ වේගයෙන් ගමන් කරනු දක්නට ලැබේ.

හාල් නැත් නම් අපේ රටට ඇති එකම විකල්පය පාන් පිටි නම් නොවේ. පාන් පිටි යනු අපේ රටේ සල්ලි එතෙර යන, ලෙඩ ගොඩක් ඇඟට දෙන හිස් කෑමකි. ඒ වෙනුවට අපට බත් වෙනුවට අපේ කොස් දෙල් තුන්වේලම වුව කෑ හැකි හොඳ ආහාර වර්ග අතර ප්රමුඛත්වය ගනී. ඊට අමතරව අපේ රටේ අල, බතල වර්ග රැසක්ම බත් වෙනුවට ගත හැකිය.

දැන් කොස් වාරයයි. එහෙත් තිබෙන කොස් කන්නට කෙනෙක් නැත. මේ දිනවල ගමේ ගස්වල කොස් ගෙඩි කුණු වී ගස් යට ඇති තරම් ඇත. එයට ප්රධාන හේතුව කොස්වල ගුණ පිළිබඳ අපේ තරුණ පරපුරට එතරම් හැඟීමක් නොතිබීමයි.

එහෙත් අද පාන් පිටි වෙනුවට කොස් ජනප්රිය කිරීම මේ ජනතාවට ඉතා සෙතකි.

එයට ප්රධාන හේතුව කොස් යනු සම්පූර්ණ ආහාරයකි. එමෙන්ම ඖෂධයකි. අද අප කළ යුත්තේ කොස් පිළිබඳ පෝෂණ ගුණ, ඖෂධීය ගුණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට සුදුසු ව්යාපෘති වැඩපිළිවෙළක් සකස් කිරීමයි. පේරාදෙණිය විශ්වවිද්යාලයේ බෝග විද්යා අංශයේ මහාචාර්ය එම්.පී.එච්. ගුණසේන මහතා කළ පර්යේෂණ අනුව කොස්වල ඇති පෝෂක සංඝටක ගණන 38කි. ඉන් පිෂ්ටය බහුලය. ශරීරයට අත්යවශ්ය ඇමයිනෝ අම්ල 11ක් එහි ඇත. කොස්වල විටමින් ඒ, ඩී හා බී බහුලව තිබේ.

මහාචාර්ය ගුණසේන කර ඇති පර්යේෂණ අනුව කොස්වල ප්රමාණවත් මාංසජනක ධාතු හා පිෂ්ට ප්රතිශතයක් අඩංගු නිසා මෙන්ම ඛනිජ ලවණද පැවතීම නිසා එය කෙළින්ම බත් වෙනුවට විකල්පයක් වේ.

වස විස නැති, මල බද්ධය නසන කොස්වල ඇති ඖෂධීය වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතී. පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂි විද්යා පීඨයේ මහාචාර්ය ඒ.එස්.බී. රාජගුරු මහතා පවසන පරිදි කොස් මලේ සිට කොස් මදුල දක්වා සියලු මට්ටමේ කොස් ගසේ කොටස්වල ඖෂධීය ගුණයක් තිබේ.

කොස් ඇටවල ගුණ බිත්තරයක ගුණට සමාන බවද පැවසේ. විද්යාත්මක පර්යේෂණ අනුව කොස් ඇටයේ කැල්සියම් පොස්පරස් බහුලව ඇත. ඒවායේ නාඩි බලකාරක ශක්තියක් ඇති බවද සනාථ වී ඇත. කොස් ඇටවල වාජීකරණ බලයක් හා පිත්තාශායිමක (සිරුරේ උෂ්ණත්වය අඩු කරන) ගුණයක් තිබේ. පිත්තාශයේ ගල් ඉවත් කිරීමට මේරූ කොස් කොළවලින් මිරිකාගත් යුෂ ප්රත්යක්ෂ බෙහෙතක් බව මහාචාර්ය රාජගුරු පෙන්වා දී ඇත.

මේ අතර වෛද්ය ඩැනිස්ටර් පෙරේරා මහතා කළ පර්යේෂණ අනුව තුවාල, සැරව ගෙඩි, අස්ථි ඉදිමීම වැනි ආසාධිත තත්ත්ව සුව කිරීමේ බලයක්ද කොස් කිරිවල තිබේ. පොදුවේ ගත් විට කොස්වල ඖෂධීය ගුණ 32ක් පමණ ඇති බව වෙද්යවරු පෙන්වා දෙති.

කොස්වලින් සාදන ආහාර පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කර ඇත. ශ්රී ලංකා කොස් කමිටුවේ සාමාජික ප්රියදර්ශන සමන් කුමාර පවසන පරිදි කොස්වලින් සැදීමට හැකි සාම්ප්රදායික ආහාර 70ක් පමණ ඇත. කොස් බත්, කොස් ඇට ඔම්ලට්, කොස් ඇට පිට්ටු, පොළොස් බිස්ටේක්, පෑන් කේක් ඒ අතර ප්රමුඛ වේ.

කොස් ගෙඩියක් කැපූ විට ලැබෙන කොස් මදුල බත්වලට විකල්ප ලෙස තම්බා තවත් ස්වාභාවික රසකාරක මිශ්ර කර ආහාරයට ගත හැකිය. එමෙන්ම කොස් ඇට තම්බා ගැනීමත් වැලි කොස් ඇට ලෙස කලක් තබාගැනීමත් ග්රාමීය ප්රදේශවල ඉතා ජනප්රිය වේ.

කොස් කාලයට ගමේ ගැහැනු මහත් වෙතියි ගම්වල කතාවක් ඇත. කොස්වල පෝෂ්යගුණය පිළිබඳ පාරම්පරික දැනුම විදහාපාන ප්රායෝගික සංකල්පයක් ලෙස මෙය හැඳින්විය හැකිය. කොස්වල බහුලව ඇති තන්තු සනීපාරක්ෂාවට ඉතා සුදුසුය.

අලුත්ම පර්යේෂණ අනුව කොස් මදුලේ රසායනික සංයුතිය ප්රධාන සංඝටක 38කට බෙදා දක්වා ඇත. ඒ අතර ප්රධාන තැනක් ගන්නේ කාබෝහයිඩ්රේට් හා ශක්තියයි. කොස් මදුලුවල කාබෝහයිඩ්රේට් 18.9%ක්ද කොස් ඇටවල කාබෝහයිඩ්රේට් 38.47% ද අඩංගු වේ. කොස් ඇට ග්රෑම් 100ක කැලරි 151ක ශක්තියක් තිබේ.

මේ අනුව බලන විට අද අපේ රටේ පවතින හාල් අර්බුදයට ඉතා පැහැදිලි විකල්ප විසඳුම වන්නේ කොස්, දෙල් හා අල බතල ජනප්රිය කරවීමයි.

කොස්වල ගුණ පාන්වලට වඩා වැඩි වුවත් ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට මෙන්ම කොස් දෙල් ජනප්රිය කරවීමට කිසිම රාජ්ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක් කටයුතු කර නැත.

ආහාර අර්බුදයක් හා හාල් අර්බුදයක් පිළිබඳ කතා කරන මේ වකවානුවේ කෘෂිකර්ම, ප්රාදේශීය සංවර්ධන හා පළාත් පාලන අමාත්යාංශවල පූර්ණ සහාය ඇතිව කොස්, දෙල්, ඇතුළු දේශීය ආහාර ජනප්රිය කර පාන්පිටිවලට එතෙර යන කෝටි ගණන් මුදල් මෙරටදීම සුරැකීමට කටයුතු කිරීම අද කාලීන අවශ්යතාවක් වී තිබේ.

ඒ සඳහා රටට හිතැති සියලු දෙන මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අපිත් අවධාරණය කරමු.

එසේ නොවුණ හොත්:
“චූන් පාන් කැරකෙනවා කොස් දෙල් ටික කුණු වෙනවා අම්මි නුඹට සුරංගනා කතා කියනවා…” යැයි අපට අනාගතයේදී පැවසීමට සිදු වනු ඇත.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top