Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
24
ආයෙමත් කතාබහට ලක්වුන ටයිටැනික් ගැන ඔබ නොදන්නා අරුම පුදුම තොරතුරු

- ආයෙමත් කතාබහට ලක්වුන ටයිටැනික් ගැන ඔබ නොදන්නා අරුම පුදුම තොරතුරුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

  ටයිටැනික් නැවෙහි සුන්බුන් නැරඹීමට ගිය ටයිටන් සබ්මැරීනය අනතුරට පත්වීමත් සමඟ නැවතත් ටයිටැනික් නැව සම්බන්ධයෙන් කතා බහට ලක්වුනා.මේ ටයිටැනික් නැව සම්බන්ධ කතාව. 


" ටයිටැනික් " නෞකාවේ ඔබ නොදත් ඉතිහාසය
එක්සත් රාජධානියෙහි සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරය දක්වා ඇයගේ මංගල චාරිකාවෙහිදීම උතුරු අත්ලාන්තික් සාගරයෙහිදී අයිස් පරයක් හා ගැටීම නිසා 1912 අප්‍රේල් 15 දිනයේදී ටයිටැනික් මගී නෞකාව මුහුදුබත් විය .
අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර නිපදවූ ටයිටැනික් නෞකාව, වයිට් ස්ටාර් සමාගම සතුවූ ඔලිම්පික් ශ්‍රේණියේ නෞකා තුනෙන් දෙවෙනි නෞකාව විය. අනෙක් නෞකා දෙක වූයේ RMS Olympic සහ RMS Britannic ය.( මුලින්ම නම් කෙරුණේ Gigantic ලෙසය ). මෙය සමාගම සතුවූ නෞකා 29 කින් විශාලම නෞකා ත්‍රිත්වය වූහ. මෙම නැවු ත්‍රිත්වයෙහි මූලාරම්භය 1907 මැදදී වයිට් ස්ටාර් සමාගමේ සභාපති වූ J. Bruce Ismay හා වයිට් ස්ටාර් සමාගමේ මව් සමාගම වූ International Mercantile Marine Co. සමාගම පාලනය කළ අමෙරිකානු මූල්‍ය සම්පාදකයෙකු වූ J. Pierpont Morgan හා ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එකල වයිට් ස්ටාර් සමාගම, සිය ප්‍රධානම ප්‍රතිවාදී තරඟ කරුවකු වූ, ඒ වන විට ලොව වේගවත්ම මඟී නෞකාවන් ලෙස සැලකූ Lusitania හා Mauretania යන නෞකාවන් දියත් කොට තිබූ Cunard සමාගම ඉදිරියේ හා ජර්මානු නැව් සමාගම් වූ Hamburg America හා Norddeutscher Lloyd ඉදිරියේ අභියෝගයට ලක්වෙමින් සිටියහ. එම තරඟයට මුහුණදීම සඳහා White Star සමාගමේ සභාපති වූ J. Bruce Ismay විසින් යෝජනා කළ වේගවත් බව වෙනුවට විශාලත්වය සහ අධි සුඛෝපභෝගීත්වය සහිත නැව් පන්තියක ප්‍රතිඵලය මෙම නෞකා ත්‍රිත්වය වේ.
නැව ඉදිකරන ලද්දේ 1867 තරම් ඈත කාලයක සිට වයිට් ස්ටාර් සමාගම හා සුහදව කටයුතු කළ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හී Harland and Wolff සමාගම වේ. Harland and Wolff සමාගම නැව් සැලසුම් කිරීම පිළිබඳව විශේෂඥ සේවයක් White Star Line සමාගම වෙත සැපයුවේය. සමාගම් දෙක එක්ව නැවක් සැලසුම් කෙරීමේදී පිරිවය සාධකය කෙරෙහි අඩුම සැලකිල්ලක් දැක්වූ අතර Harland and Wolff සමාගමට අවැසි කටයුතු සඳහා මුදල් වැයකිරීමේ නිදහස තිබූ අතර පසුව සියයට පහක ලාභාංශ තීරුවක් එකතු කිරීමටද එකඟතාවයක් විය. ඔලිම්පික් පංතියේ නැව් තැනීමේදී, ප්‍රථම නැව් දෙක සඳහා බ්‍රිතාන්‍යය පවුම් මිලියන තුනක් වියදම් වූ බවට ගණන් බලා ඇත.
Harland and Wolff සමාගම ඔලිම්පික් පංතියේ නෞකා සැලසුම් කිරීමේදී සිය ප්‍රමුඛම සැලසුම කරුවන් ඒ සඳහා යෙදවූහ. Harland and Wolff හා White Star Line යන සමාගම් ද්විත්වයේම අධ්‍යක්ෂක වරයෙකු වූ Lord Pirrie, Harland and Wolff හී සැලසුම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂක Thomas Andrews, ඔහුගේ සහයක ලෙස සහ සැලසුම් ගණනය කිරීම් සහ නැවේ ස්ථායීතාවය ( Stability & trim ) සම්බන්ධයෙන් කටයුතු කළ Edward Wilding සහ නැව් තටාකාංගණයේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන සැලසුම් කරු වූ Alexander Carlisle ගේ මූලිකත්වයෙන් එය අධීක්ෂණය වූහ. කාර්යක්ෂම ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කිරීමේ ක්‍රමවේදයක් සැලසීම Alexander Carlisle ගේ කාර්යයක් විය.
1908 ජූලි 29 වන දින Harland and Wolff සමාගම සිය සැලසුම White Star Line හී සභාපති J. Bruce Ismay සහ අනෙකුත් විධායක ශ්‍රේණියේ නිලධාරීනට පිළිගැන්වීය. Ismay වෙතින් සැලැස්ම අනුමත් වීමෙන් පසුව එකඟතා ගිවිසුම අත්සන් කළ අතර එයින් දින දෙකකට පසුව ඉඳිකිරීම් ඇරබීමට එකඟ වූහ. මෙම මොහොතේදී මුලින්ම ඉඳිකළ නැවට නමක් නොවූ අතර එය Harland and Wolff හී 400 වන ඉඳිකිරීම වූ බැවින් " අංක 400 " විය. එයට පසුව ඉදිකළ ටයිටැනික් නෞකාව " අංක 401 " විය.
පරිමාණය
ටයිටැනික් නෞකාව දිගින් අඩි 882 අගල් 9 කින්ද ( මීටර 269.06 ), පළලින් අඩි 92 යි අඟල් 6 ( මීටර 28.19 ) කි. උස, නැව් පතුලේ සිට පාලන මැදිරියේ ( Bridge ) ඉහළම ස්ථානයට අඩි 104 ( මීටර 32 ) කි. නැවෙහි දළ ලියාපදිංචි පරිමාව ( GRT - Gross Registered tonnage ) ටොන් 46328 කි. ඉපිලුම් ගැඹුර ( Draught ) අඩි 34 අඟල් 7 ( මීටර 10.24 ) කි. නැවෙහි මුළු බර ටොන් 52310 කි.
ටයිටැනික් ඛේදවාචකය
ටයිටැනික් ගිලීයාම නිසා පුද්ගල මරණ 1,514 සිදුවූ අතර ඉතිහාසය පුරාවටම සාමය පැවැති කාලයන්හිදී සිදුවී ඇති සාමුද්‍රීය ව්‍යසන අතුරින් වී ඇති මහත් මාරාන්තික ඒවා අතුරින් එකක් විය. ඇයගේ මංගල චාරිකාව සිදුවන විටදී දියත්ව තිබූ විශාලතම නෞකව වීමට ඕ සමත්ව සිටියාය. වයිට් ස්ටාර් ලයින් විසින් යාත්‍රාකිරීමෙහි යොදවා තිබූ ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකා තුන අතුරින් එකක් වූ ඇය, 1909–11 අතරතුරදී තනනු ලැබුවේ බෙල්ෆාස්ට්හී හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ස් නැව්තටාකාංගනයේදීය. අනතුර සිදුවන විට මගීන් 2224ක් නෞකාව මත සිටියහ.
එම මගීන් අතර, ඒ වන විට ලෝකයේ කෝටිපතියන්යැයි සැලකූ John Jacob Astor IV, Benjamin Guggenheim සහ Isidor Strauss ද වූහ. එයට අමතරව, බ්‍රිතාන්‍යයෙන්, අයර්ලන්තයෙන් සහ ස්කැන්ඩිනේවියානු රටවලින් ඉසුරු සොයා උතුරු ඇමෙරිකාවබලා ගමන් ගත් මගීන් දහස් ගණනක්ද නෞකාව මත වූහ.
ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි. එයට අමතරව ඇය සතුව මගීන්ගේ පහසුව සඳහා සහ මෙහෙයුම් කටයුතු සඳහා අවැසි බලගතු ටෙලිග්‍රාෆ් පණිවිඩ සන්නිවේදන හැකියාවද වූවාය. නවීන තාක්ෂණයෙන් හෙබි ජල පරිරෝධක කාමර සහ දුරස්ථව ක්‍රියා කළ හැකි ජල පරිරෝධක දොරවල් වැනි ආරක්ෂක ක්‍රියාමාර්ග තිබුණද, නෞකාව එය මත සිටින සියලු දෙනාටම ඇවැසි තරම් ජීවිතාරක්ෂක බෝට්ටු වලින් සමන්විත නොව්වාය. නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ පුද්ගලයන් 1178 දෙනෙකුට පමණී. එය නැව මත සිටි මගීන් සහ කාර්යය මණ්ඩලයේ එකතුවෙන් තුනෙන් එකකට පමණක් සෑහිනි.
1912 අප්‍රේල් 10 වන දින, එංගලන්තයේ සදම්ටන් වරායෙන් නික්මුණු නෞකාව, ගමනාන්තය වූ නිව්යෝක් වෙත ගමන් ඇරබීමට ප්‍රථම, ප්‍රංශයේ චේබර්ග් සහ අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් යන වරායන් වෙතද වාර්තා කළාය. ඉන් පසු නිව්යෝක් බලා යන ගමනේදී, 1912 අප්‍රේල් 14 වන දින රාත්‍රී 11:40 ට, නැව අයිස් පරයක ගැටුනේ ගමනාන්තයට සේන්දු වීමට දින හතරක් තිබියදීය. එවිට නැව නිව්පවුන්ඩ්ලන්තයට සැතපුම් 375 ක් දකුණට වන්නට විය. ආනතිකව සිදුවූ ඝට්ටනය නැවෙහි දකුණුපසෙහි බඳ කිහිප පලකින්ම ඇතුළට තෙරපූ අතර, ජල ප්‍රතිරෝධක කුටීර දහසයෙන් පහක්ම මුහුදට නිරාවරණය වූහ.ඊළඟ හෝරා දෙකහාමාර ඇතුළත ජලයෙන් පිරුණ නැව සයුරේ ගිලී ගියාය. මගීන් සහ කාර්යය මණඩලය ජීවිතාරාක්ෂක බෝට්ටු මගින් දිවි ගලවා ගැනීම ඇරබූ අතර බොහොමයක් ජීවිතාරක්ෂක බෝට්ටු අඩක් පිරුණු විට දියත් කරන ලදී. බෝට්ටු වලට පැටවීමේදී " කාන්තාවන් සහ ළමුන් " පළමුවෙන් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතු කොටගෙන සැළකිය යුතු පිරිමින් පිරිසක් ගිලෙමින් පවතින නැව උඩ ඉතිරි වූහ. අලුයම් 02:20 ට පමණ දෙකට කැඩීගිය නැවෙහි ඇණිය, දහසකට වැඩි පිරිසක් නැව මත සිටියදී පළමුවෙන් මුහුදේ ගිලී ගිය අතර මුදට වැටුණු පිරිස් අධික ශීතල කරනකොටගන මොහොතකින් මිය ගියහ. පැය කිහිපයකට පසුව ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි 710 දෙනෙක් RMS Carpathia නැව විසින් බේරා ගන්නා ලදී.
ජගත් ප්‍රජාවම කම්පනයට පත්කළ මේ මහා ඛේදවාචකය, එයට මුල්වූ මෙහෙයුම් සහ පාලන ක්‍රියාදාමයන් හී වූ දුර්වලතා ගැන කතිකාවතක් ඇතිකිරීමට සමත් විය. ඒ පිළිබඳව බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව විසින් පවත්වන්නට යෙදුණු පරීක්ෂණ, නාවික ක්ෂේත්‍රයේ ප්‍රධානම ආරක්ෂක විධිවිධාන සැකසීමේහීලා මුල්විය. මෙයින් බිහිවූ එක් ප්‍රධානම ආයතනයක් නම්, අදටත් නාවික ආරක්ෂණය කෙරිහි බලපවත්වන්නාවූ, 1914 දී පිහිටුවනු ලැබූ, සයුරේදී ජීවිත ආරක්ෂාව පිළිබඳවූ ජාත්‍යන්තර සම්මුතියයි. { International Convention for the Safety of Life at Sea (SOLAS) }
දිවි ගලවා ගත් අය සන්තකයෙහි වූ සියලු වස්තුව සහ මුදල් අහිමිව අනාථ භාවයට පත්ව සිටියහ. බොහොමයක් පවුල්, විශේෂයෙන්ම සදම්ටන් වලින් කාර්යය මණ්ඩලයට සම්බන්ධ වූවන්ගේ බොහොමයක් පවුල් වලට සිය බත සපයන්නන් අහිමිව ගියහ. ඔවුනට සමාජයේ සහ සහනාධාර වල පිහිට මිස අන් සරණක් නොවූහ.
දිවිගලවා ගත් පිරිමින් විශේෂයෙන්ම වයිට් ස්ටාර් සමාගමේ සභාපති J. Bruce Ismay, කාන්තාවන් සහ ළමයින් නෞකාවේ ඉතිරව සිටියදී බියසුලු ලෙස නෞකාව හැර ඒම පිළිබඳව සමාජයේ ගැරහුමටද පාත්‍ර වූහ. [තහවුරු කරන්න]
1985 දී නැවතත් සොයාගන්නා තෙක් , අඩි 12415 ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත්වූ නැවෙහි නෂ්ටාවශේෂ අනුක්‍රමයෙන් කැඩීබිඳියමින් පැවතුන අතර 1985 සිට ගොඩ ගත් දහස් ගණනක් වූ කොටස් ලොව පුරා කෞතුකාගාර වල ප්‍රදර්ශණය වෙමින් පවතී.
ටයිටැනික්, ඉතිහාසය පුරාවටම අතිශයින් ප්‍රසිද්දියට පත්වූ නැව් වලින් එකකි. ලොවපුරා ඒ පිළිබඳව නිකුත්වූ දහස් ගණනක් වූ පොත් පත්, චිත්‍රපට, ප්‍රදර්ශන, සමරු ඒ පිළිබඳ මතකය පවත්වාගෙන යාමට ඉවහල්වී ඇත.
ටයිටැනික් යනු සිය මුහුදුබත් වීමේ සිටම විවිධ වූ ජනප්‍රිය කළා නිර්මාණ රැසකටම පාදක වූ නෞකාවකි. මෙම සිදුවීම පාදක කොටගෙන බොහොමයක් වූ පොත්පත්, චිත්‍රපට, ගීත, ක්‍රීඩා ආදිය එළි දැක්වී ඇත. ප්‍රථමයෙන්ම ඉතා හැඟීම් බර කාව්‍ය සංග්‍රහහක් එළි දැක්වුණු අතර එය The New York Times සඟරාව විසින් කිසිඳු වටිනාකමක් නොමැති, ඉතා නරක නිර්මාණයක් ලෙස ඉවත දමා ඇත. කෙසේ වෙතත් එය ව්‍යසනය මනා ලෙස එළිදැක්වූ නිර්මාණයක් ලෙසද සැලකේ. දිවිගලවා ගත් කිහිප දෙනෙකු විසින් සිය අත්දැකීම් අළලා ලියවුණු පොත් කිහිපයක්ද විය. අසම්පූර්ණ මාධ්‍ය වාර්තා වලින් උපුටා ගත් කරුණු මුල් කොටගෙන ලියවුණු " Dollar Books " මගින් ඇතැම් ජනමාධ්‍යවේදීන් ව්‍යසනය මුදල් ඉපයීමේ මාධ්‍යක්ද කොටගත්හ. 1955 දී Walter Lord විසින් රචිත A Night to Remember නම්වූ ග්‍රන්ථය දිවිගලවා ගත් බොහෝ දෙනෙකුගේ අත්දැකීම් අළලා සැකසී තිබුණු ග්‍රන්ථයකි.
ටයිටැනික් මුහුදුබත් වීම දෘශ්‍ය මාධ්‍යකරුවන් අතරද ජනප්‍රිය වූ විෂයකි. ටයිටැනික් කෙටි වාර්තා චිත්‍රපට නැව මුහුදුබත් වී ටික දිනකින්ම තිරගත විය. Gaumont Film සමාගම නිකුත් කළ වාර්තා චිත්‍ර පටය ලොව පුරා ආදයම් වාර්තා තබමින් තිරගත විය. එහි උච්චතම අවස්ථාවේදී ගැයෙන Nearer, My God, to Thee ගීතය, ගායනා කිරීමට බොහෝවිට ප්‍රේක්ෂකයන්ද එක්වනු දක්නට ලැබීම විශේෂත්ත්වයකි. එමෙන්ම ටයිටැනික් කතාව තේමා කොටගෙන බොහෝ සිනමා නාට්‍යයන්ද එළි දැක්වී ඇත. එවන්වූ ප්‍රථම නාට්‍යය වූයේ සිද්ධියෙන් දින 29 කට පසු තිරගතකළ Saved from the Titanic චිත්‍රපටයයි. එහි, සත්‍යවශයෙන්ම සිද්ධියෙන් දිවිගලවා ගත්, දෙබස් රහිත චිත්‍රපට වල රඟපෑ නිළියක වූ Dorothy Gibson ප්‍රධාන චරිතය හෙබවූවාය. මුහුදුබත් වීමේ සිද්ධිය නාසි ප්‍රචාරාත්මක චිත්‍රපටයක් වූ Titanic ( 1943 ) හා ඇමෙරිකානු උද්වේගකර නාට්‍යාකටද ( Titanic- 1953 ) යොදාගන තිබුණේ අතිශයින් ප්‍රබන්ධනාත්මක කරුණු එකතු කරමිනි. බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ A Night to Remember (1958) ඉතාමත්ම නිවරදි ඓතිහාසික නිරූපණයක් ලෙස අදටද පැසසුම් ලබයි. ඔබ සැම හොඳින් දන්නා, James Cameron විසින් නිපදවූ Titanic ( 1997 ) චිත්‍රපටය මේ සම්බන්ධයෙන් එදා මෙදා තුරා ඉහළම සාර්ථකත්වයක් හා ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙසට ඉතිහාස ගතවී ඇත.
අති විශාල සිහි වටන සංඛ්‍යාවක්ද මේ සම්බන්ධයෙන් එළිදැක්වී ඇත. ඉතා විශාල තැපැල්පත් සංඛ්‍යාවක් විකිණී ඇති අතර එයිනුත් ජනප්‍රියම වී ඇත්තේ වැලපෙන ගැහැනියක් පිටුපසින් ටයිටැනික් නැව ගිලෙනායුරු දක්වා ඇති තැපැල්පතකි. එහි පසකින් Nearer, My God, to Thee හී පද මාලාවද දක්නට වේ. ව්‍යසනය, රසකැවිලි පෙට්ටි, සමරු ඵලක, විස්කි ජිගර්ස් යනාදි නිර්මාණ වලින්ද ප්‍රතිනිර්මාණය වී ඇත.
ජනප්‍රවාද හා මිත්‍යා මත
ටයිටැනික් කිසිදා ගිල්විය නොහැකි නැවක් ලෙස විශ්වාස කළ බවට ඉතිහාසයේ සඳහන්ව ඇත. නැව මුහුදුබත් වීමෙන් පසු පවා නිමක් නැති පුවත් වාර්තාවල එය ගිල්විය නොහැකි නැවක් ලෙස සඳහන්ව තිබුණි. White Star Line සමාගමද " ගිල්විය නොහැකි ලෙස නිමවා ඇත " යන පදය නැව සඳහා උපයෝගී කොටගෙන ඇත. ආරම්භයේදී නිකුත් වූ බොහෝ ප්‍රකාශන වල සඳහන්ව තිබුණේ " සැබවින්ම ගිල්විය නොහැකි " ලෙසය. තවත් ප්‍රසිද්ධ වෘතාන්තයක් වන්නෙ, නැව ගිලෙන විට පවා නිර්භීතව වාදනයේ යෙදුණු නැවෙහි වාද්‍ය මණඩලයයි. ඔවුන් අවසානයට වාදනය කල ගීතය කුමක්ද යන්න විවාදාත්මක වන නමුදු බොහෝ වාර්තා වලට අනුව එය Nearer, My God, to Thee ලෙස සැලකේ. අප අතර ප්‍රචලිත " නැව ගිලුණත් බෑන් චූන් " කියමන මේ ආශ්‍රයෙන් නිර්මාණය වූවක්ද ? තවත් තදින්ම පැතිරුණු මිථ්‍යා මතයක් වූයේ ජාත්‍යාන්තරව පිළිගත් Morse code SOS ආපදා සංඥා මුලින්ම නිකුත් කෙරුණේ ටයිටැනික් නැව ගිලීමේදී බවයි. මාකෝර්ණි සංඥා කරුවන් පැරණි CQD සංඥා ක්‍රමයම භාවිතා කරමින් SOS සංඥා භාවිතා කිරීමට මැලිකමක් දැක්වුවද, SOS ක්‍රමය 1908 සිට ජත්‍යන්තරව භාවිතයේ පැවතුණි. ටයිටැනික් හී ගුවන් විදුලි සංඥා කරු CQD හා SOS යන දෙවර්ගයේම සංඥා නිකුත් කොට තිබුණි.
(උපුටා ගැනීම-ඉතිහාසයේ මතක)

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top