මිනිස්සු වුනාම ජීවිතේ විදින්න ඕනා
හැබැයි අහිංසක අම්මලා තාත්තල දුක් මහන්සියෙන් හම්බකරන තුට්ටුදෙකෙන් නෙවෙයි ඒ කියන්නේ දෙමාපියන්ගෙ සල්ලි වලින් නෙවෙයි
????ඔයා තාමත් අම්මගෙන් තාත්තගෙන් කාල බීලා එයාලගෙ වහලෙ යට ජීවත් වෙනවනම්
????ඩේට කාඩ් එක දාගන්නත් අම්මගෙන් සල්ලි ගන්නවනම්
????කෙල්ලව කොහේ හරි එක්කන් යන්නෙත් තාත්තගෙන් ඉල්ලගත්ත සල්ලි වලින් නම්
????කොල්ලට තෑගි අරන් දෙන්නේත් එයාලා ඔයාට දෙන සල්ලි ඉතුරු කරගෙන නම්
විශ්වාස කරන්න
ඔයාට ඔයා කැමති කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් ඒත් ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න තරම් ඔයාට තාම සුදුසුකම් නෑ....හොදටම තේරෙන්න කීවොත්
ලව් එකක් මේන්ටේන් කරන්න තරම් ඔයා පරිණත නෑ ‼️
ආදරණීය නංගියේ මල්ලියේ ,,
එයාලගෙන් යැපෙන ගමන් ,
ඒ දෙන්නාගෙ හිත රිදෙන දේවල් කරන්න එපා
මොකද ඔයාට එහෙම කරන්න පොඩ්ඩක් වත් අයිතියක් නෑ
ගැහැනුද පිරිමිද අදාල නෑ
ජීවිතේ විදින්න කලින් ස්වාධීන මිනිහෙක් වෙන්න
මුලින්ම කට්ට කාලා දුක් විදලා ටිකක් හොදට ඉගන ගන්න
ඊට පස්සේ ඔයාගෙ මූලික වියදම්ටික වත් ඔයාට කරගන්න පුලුවන් ගානකට මහන්සිවෙලා පොඩි හරි ආදායම් මාර්ගයක් හදාගන්න ‼️
අන්න එදාට ඔයා කැමති දෙයක් කරන්න
ඇති වෙන්න ජීවිතේ විදින්න
හැබැයි එතනදි අමතක කරන්න එපා ,,
දවසක ඔයත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙනබව
ඔයාගෙ දරුවෙක් ඔයාට කරනවට අකමැති කිසිම දෙයක් කරන්නේ නැතුව ඉන්න ‼️
මොකද සොබාදහම හරි ලස්සනට මේ හැමදේම බලන් ඉන්න නිසා
~ ත්‍රිකලා ධරණි~