නිවසේ තනිව විසූ තරුණියක් සමග පෙමින් බැඳුණු තරුණයෙක් ඇයගේ නිවසේ දින 3 ක් නතර වී සිට තිබෙනවා.
මෙම තරුණියගේ පියා දුර බැහැර රාජකාරි කිරීම නිසා මාසයකට දෙතුන් වතාවක් පමණක් නිවසට පැමිණෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් අදාළ තරුණයා දින 3 ක් තිස්සේ නිවසේ නතර වී ඇති බව දැනගත් පියා හදිසියේ නිවසට පැමිණ තිබෙනවා.
එහිදි පියා පෙම්වතාට පවසා ඇත්තේ තමන්ගේ දියණිය හෙට උදෑසනම විවාහ කරගන්නා ලෙසයි. ඊට කිසිදු අකමැත්තක් පළ නොකළද ඔහු රාත්‍රියේ හොර රහසේම නිවසින් පැන ගොස් තිබුණා. කෙසේ වෙතත් පෙම්වතා පැන ගොස් ඇති බව දැනගත් තරුණිය පසුව නිවස තුළම ගෙළ වැලලාගෙන මියගොස් තිබුණා.
මෙම තරුණියගේ මවද මීට වසර 4 කට පමණ පෙර පියාගෙන් වෙන්වී ගොස් තිබූ අතර ඇගේ පියා රැකියාව කර ඇත්තේ කැප්පෙටිපොළ ප්‍රදේශයේයි. මේ නිසා තරුණිය නිවෙසේ තනිව ජීවත්ව ඇති අතර ඇයද නුවරඑළිය නගරයේ ආපන ශාලාවක රැකියාව කර තිබුණා.. එහිදී ඇය එහි සේවය කළ අයකු සමඟ පෙමින් වෙළී ඉන් අනතුරුවයි ඔහුව නිවසට ගෙන්වාගෙන තිබුණේ.
කෙසේ වෙතත් පසුව සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ ඔහු දරු තිදෙනකුගේ පියෙක් වන අතර මෙම තරුණිය රවටාගෙන පෙම්කොට ඇති බවයි. ඒ බව දැනගත් තරුණිය පියා නිවෙසින් පිටව ගිය මොහොතක මෙසේ සියදිවි හානිකරගෙන තිබුණා.