මේ හයිබ්‍රිඩ් කාර් එක ආපු වේගේ පාලනය කරගන්න බැරුව තමයි හැප්පිලා තියෙන්නේ. කොහොම හරි කාර් එක වැදුණු පාරට ඒ ළඟ තිබ්බ සුඛෝපභෝගී Audi කාර් එකකත් වැදිලා ඒකෙත් පැත්තක් ඉවරයි. එතනින් මේ ඇක්සිඩන්ට් එක නතරවෙලා නෑ.
පාරේ ගියපු තවත් ටොයොටා කාර් එකකුත් කුඩු පට්ටම් කරගෙන නතර වෙලා තියෙන්නේ ළඟ තිබ්බ රේල් පාරක.
හිතාගන්න පුලුවන්නේ කොච්චර වේගෙන් එන්න ඇතිද කියලා. මහ කළුවරේ වුනු මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කාර් එක නතරවෙලා තිබ්බේ රේල් පාරක. රියදුරාගේ වාසනාවකට වගේ ඒ වෙලාවේ කෝච්චියක් ආවේ නැති නැති නිසා වෙන්න තිබුණු ලොකු අනතුරකින් මේ අය බේරිලා තිබුණා.