කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද පෙරවරු 10.30 න් පසු එම දෙපාර්තමේන්තුවේ විභාග සහ ප්‍රතිඵල ශාඛාවෙන් විදුහල්පතිවරුන් වෙත නිකුත් කෙරෙනවා. අනිකුත් ප්‍රතිඵල ලේඛන පාසල් වෙත තැපැල් මගින් යැවීමට කටයුතු කරනු ඇති. පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කළේ.
පසුගිය අගෝස්තු 04 වනදා ආරම්භ වූ උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් දෙලක්ෂ පනස්පන්දහස් එකසිය අනූ එක් දෙනෙක් පෙනී සිටියා. උසස් පෙළට අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව ද සමඟ විෂය පථ පහක් යටතේ මෙවර ප්‍රතිඵල නිකුත් කෙරේ.
ප්‍රතිඵල සමඟ විෂයධාරාවද සඳහන් කිරීම විශේෂත්වයක්. අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ සිසුන් 14000 ක් විභාගයට පෙනී සිටියා.
ප්‍රතිඵල සම්බන්ධයෙන්
1911
011 2 27 84 208
011 2 27 84 537
011 314 0 314
011 3 188 350 ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකියි.
ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සදහා අයදුම්පත් පෙබරවාරි මස 5 වන දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතුයි.