ඊයේ(25) දින තුළදී කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මරණ පහක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කරනවා.
ඒ අනුව මියගොස් ඇති සියලුම පුද්ගලයින් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් බවයි එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටිනවා..
මේ අනුව දිනෙන් දින කොවිඩ් - 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන ආකාරයක් දක්නට පුළුවන්.
එමෙන්ම දිනපතා ලැබෙන සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව ද ක්‍රමයෙන් ඉහළ යන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ අද (26) මේ දක්වා කොරෝනා ආසාදිතයින් 119ක් වාර්තා වී ඇති බවයි.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 665,094ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව තවත් කොවිඩ් රැල්ලක් අබියස සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ.
අද උදෑසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වහාම මැදිහත් වී ඉක්මන් පිළියම් නොගත හොත් නැවත වතාවක් රට බරපතල සෞඛ්‍ය අර්බුදයකට ද ලක්විය හැකි බවයි.