Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
26
"ඇන්ජි මම ඔයා වෙනුවෙන් අවුරුදු 13ක් බලාගෙන හිටියා..." ඇන්ජලෝ මැතිව්ස්ට උමතුවෙන් ඇලුම් කළ ප්‍රේක්ෂිකාවකගේ සටහනකින් බුකිය කැළඹෙයි

- "ඇන්ජි මම ඔයා වෙනුවෙන් අවුරුදු 13ක් බලාගෙන හිටියා..." ඇන්ජලෝ මැතිව්ස්ට උමතුවෙන් ඇලුම් කළ ප්‍රේක්ෂිකාවකගේ සටහනකින් බුකිය කැළඹෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට තම සියවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ඉන්නවා.

පාකිස්ථානය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියදී මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී යනවා.


2008 වසරේ නොවැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කරන තරුවක් බාට පත්වෙලා හමාරයි.

ක්‍රිකට් ක්‍රීකඩයන්ට උමතුවෙන් මෙන් ඇලුම් කරන ආදරය කරන ක්‍රිකට් ලෝලීන් මෙරට සිටින බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඇන්ජලෝ මැතිව්ස්ට ඇලුම් කරන ප්‍රේක්ෂකාගාරයත් එසේයි.

එලෙස මැතිව්ස්ට ඇලුම් කරන ප්‍රේක්ෂිකාවක් සිය මුහුණු පොතට සටහනක් එක් කරලා තිබුණා. ඇය නමින් රන්දි සමරදිවාකර. රන්දි මැතිව්ස්ට කොයිතරම් ඇලුම් කළාද ආදරය කළාද කියලා මේ සටහනෙන් වටහා ගන්න පුළුවන්.

පහත දැක්වෙන්නේ ඇගේ ඒ සටහන....



ආදරණීය ඇන්ජි!

මම ඔයාව ඉස්සෙල්ලම දකින්නේ 2008 දී zimbabwe එක්ක තිබුන match එකේදි! එදා ඉදන් අද වෙනකන් මගේ ලෝකයේ මම කැමතිම එකම cricketer ඔයා විතරමයි.. හරියටම බැලුවොත් අවුරුදු 13ක්..
එසේ මෙසේ කාලයක් නෙවෙයි.. ඔයාගේ හැම match එකක්ම මම බැලුවා.. ඔයා ඇරෙන්න මගේ ලග ඉන්න හැමෝම දන්නවා මගේ ජීවිතේදී mathews කියන්නේ කොච්චර වැදගත් කෙනෙක්ද කියන එක..
ඉතිං මම matches වලදි කොච්චර try කරත් ඒ කිසිම දවසක මට ඔයාගේ sign එකක්වත් ගන්න බැරි උනා... හැබැයි මම ඉවසුවා මොකද අනිවම දවසක් මට එයි කියන හැගීමත් එක්ක..
ඉතිං මට ඔයාගේ 1st test match එකට එන්න බැරි උනා.. එතකොට මම අවුරුදු 12 පොඩි කෙල්ලෙක් නිසා... හැබැයි මම ඔයාගේ 100th test match එක බලන්න 24 උදේ පාන්දරම නුවර ඉදන් කෝච්චියේ ගාලු ආවා.. අපේ තාත්තා මට බැන්නා.. කොල්ලෙක් වගේ ඔහොම තනියම යනවද කියලා..,ඒත් මම කොහොම හ‍රි එයාව shape කරගත්තා.. අපේ අම්මා කොහොමත් හරිම cool.. එයා එක දෙයයි කිව්වේ 'ඔයාට හිතුනොත් දෙයක් ඔයා කරනවාමනේ අක්කී.. මම ඒ නිසා ඒක නවත්තන්නේ නෑ.. හැබැයි පරිස්සමෙන්'
ඒත් තෙල් නැති නිසා උදේ 5ට තිබුන කෝච්චියට යන්න විදිහක් නැතුව ඉද්දී යාලුවෙක් මාව bike එකේ අරන් යන්න කැමති උනා.. එයා කෙලින්ම කිව්වේ ' හා මම දන්නවනේ ඔයාට ඔය තියෙන anji පිස්සුව.., ඒ නිසා යමු..,මම ගිහිං දාන්නම්.., කොහොම හරි photo එකක් අරන් එන්න' කියලා.. ඉතිං ඒ මගේ යාලුවට පිං
ජීවිතේට මම ගාල්ලේ ගිහිං තිබුනේ නෑ.., පැය හයකට පස්සේ මම ගාලු ආවා.. ඇවිත් match එක බැලුවත් මට poster එකක් ගේන්නවත් එතන security එකෙන් ඉඩ දුන්නේ නෑ.. ඉතිං පලවෙනි දවසේ මට ඔයා එක්ක photo එකක් ගන්න chance එකක් ලැබුනේ නෑ...
හැබැයි මම නිකන් හිටියේ නෑ.. ආපු එකේ කොහොමම හරි ගන්නවාමයි කියලා හිතලා මම අදත් ආවා.. ගාල්ලේ ජීවිතේට ගිහින් නැති මට ගෙදර නවතින්න දීලා මේ පිස්සුවට උදව් කරපු හිරු අක්කි.. 'අවුලක් නෑ අනේ ඔයා මෙහේ නවතින්න.. ඔයාට හෙට අනිවම photo එකක් ගන්න පුලුවන් වෙයි' එහෙම තමා එයා කිව්වේ... ඉතිං මම මගේ හොදම යාලුවෙක්ට කියලා අඩලා අඩලා vip ticket එකක් අරන් ආවේ එතකොටවත් ඔයාව හම්බවෙන්න පුලුවන් කියලා හිතාගෙන..

මගේ වාසනාවට ඔයා fielding හිටියේ ඒ හරියේ.. ඉතිං මම AC pavilion එකේ ඉන්නේ නැතුව එලියට ඇවිත් ඔයාව video කර කර හිටියා.., ඔයා මට එක පාරක් අත වැනුවා.. ඒ වෙලාවේ මට කෑ ගැහුනා.. ඊට පස්සේ මට කොහොම හරි poster එකක් ලියන්නම ඕනි උනා.. මම දස අතේ ඇවිදලා එතන හිටපු securitieslata කියලා කියලා කොහොම හරි A4 sheet එකක් ඉල්ලගත්තා.. ඉල්ලගෙන එතන හිටපු මල්ලි කෙනෙක්ගෙන් black pen එකක් අරන් poster එක හැදුවා.. රතු පාටින් ලිව්වේ මගේ matt lipstick එකට පිං සිද්ද වෙන්න..

ඉතිං poster එක අල්ලන් ඉද්දී ආපහු securitieslage ලොක්කෙක් ඇවිත් මට බැන්නා.. ඔහොම අල්ලන් ඉන්න එපා ඇතුලට යන්න.. posters ගේන්න බෑනේ.. යන්න ඇතුලට කියලා.. ඒත් මම යන්නේ නැතුව බැනුම් අහගෙන ඒක අල්ලගෙනම හිටියා..

මගේ වාසනාවට එතෙන්ට කොල්ලෝ දෙන්නෙක් ඇවිත් කෑගැහුව photo එකක් ඕනි කියලා.. අන්න එතකොට තමා ඔයා මගේ poster එක දැක්කේ..
කොහොමහරි ඔයා ආවා අපි ලගටම..මම වෙව්ල වෙව්ල හිටියේ... ඇත්තටම මට phone එක අල්ලගන්නවත් බැරි උනා..

දෙයියනේ ඔයා මගේ ලගටම ඇවිත්..

'What do you want?' හහ් ඔයා මගෙන් අහපු පලවෙනි දේ... i was confused and shocke. මම වෙව්ලන අතෙන් පෑන දීලා කිව්වා autograph කියලා.. ඉතිං ඔයා මට autograph එක දුන්නා...

මම ඒක අරන් අඩි කීපයක් පස්සට ඇවිත් මට Ground එකේ බිම දණගැස්සුනා.. දෙයියනේ 'I MADE IT' මම හොදටම ඇඩුවා.. මම දන්නෙවත් නැති එතන හිටපු කොල්ලෝ කිව්වා අඩන්න එපා ඔයාට මොකක්ද ඕනි කියලා.. මම ඇඩුවේ දුකට නෙවෙයි..සතුටට..

ඊට පස්සේ එතන හිටපු boy කෙනෙක් කිව්වා 'mathews ආය එයි.. එතකොට අපි photo එකක් ගමු.. make sure to on ur camera'

ඉතිං කිව්වත් වගේ ඔයා ආය ආවා.. මං පිස්සෙක් වගේ ආය දුවලා ආවා.. මිනිස්සු මාව තල්ලු කරද්දී ground එකේ අය ඔයාට යන්න යන්න කියලා කියද්දී මගේ clumsy ගතිය දැක දැකත් ඔයා මම photo එක ගද්දී ඉවසලා හිටියා..

දැන් ඉතිං අනේ මට මැරුනත් සැපයි මම.. ඒ තරම් සතුටුයි මට...

ඔයාගේ injury එක සනීප කරන්න කියලා හිතාගෙන physio කෙනෙක් උන මට, මගේ මුළු ජීවිතේම ඔයා නිසා ලස්සනට වෙනස් උනාට ඔයාගෙන් මේ ලැබුන තෑග්ග ඇති මට මගේ ලොකුම ඉලක්කයත් ජය ගන්න.. ඔව් දවසක team එකේ physio වෙන්න.. ඉතිං මම කාලෙට ඉඩ දීලා බලන් ඉන්නවා.. හරියට මේ මොහොත එනකන් මම අවුරුදු 13කට වඩා බලන් හිටියා වගේ...

Thank you Angelo Mathews you made my whole life....


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top