මැතිව්ගේ සියවැනි ටෙස්ට් තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන්නෙ, පාකිස්ථානු කණ්ඩායම සමඟ යි.
ඇන්ජලෝ මැතිව්ස් ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පිතිකරණ ලැයිස්තුවේ පැමිණි හොඳම ස්ථානය වනුයේ 03 වැනි ස්ථානයයි.
ඒ 2014 වර්ෂයේ අගෝස්තු මස 17 වැනි දිනයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේදී අසීරුවට පත්වන සෑම මොහොතකම ඉනිම ගොඩගැනීමට දායක වූ පුරුකක් වූ නිසාවෙන් ක්‍රීඩා ලොවේ මොහුව හඳුන්වන්නේ ' ඉනිම ගොඩනංවන ඇන්ජිම' යනුවෙන්.
මේ වනවිට ඔහු ලෝක ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ 14 වැනියා ලෙස රැඳී සිටිනවා.
ටෙස්ට් තරගවලදී ඔහු මේ වනවිට රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6867ක්.
ඇන්ජිගේ පිතිකරණ වේගය රඳවා ගෙන ඇත්තේ 45.78ක් ලෙසයි ICC විසින් ඇන්ජලෝගේ ටෙස්ට් පිතිකරණ හැකියාව පෙන්වා ඇත්තේ.
දකුණත් පිතිකරුවෙකු වන ඇන්ජිලෝ මැතිව්ස් සිය ටෙස්ට් වරම් හිමිකරගත්තේ 2009 ජූලි 07 වැනි දිනයි.
මෙහි විශේෂත්වය වන්නේ සිය මංගල ටෙස්ට් තරගය ද ඇන්ජි මුහුණදෙන්නේ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිවයි.
අද දින 100 වැනි ටෙස්ට් තරගය ද සම්පූර්ණ කරගන්නේ ඇන්ජලෝ මැතිව්ස් පාකිස්ථානුවන්ට එරෙහිවයි.
ඉනිම් 176කට මුහුණ දී ඇති ඇන්ජි රැස්කරගෙන ඇති ඉහළම හා හොඳම ලකුණු සංඛ්‍යාව නොදැවී ද්විත්ව ශතකයක්.
ඇන්ජිගේ ටෙස්ට් ලකුණු සටහනට එක්ව ඇති ශතක සංඛ්‍යාව 13ක් වන අතර අර්ධ ශතක 38කින් එය තවත් වර්ණවත් වී තිබෙනවා.
ටෙස්ට් තරගවලට එක්වෙමින් හතරේ පහරවල් 707ක් සහ හයේ පහරවල් 74ක් එල්ල කිරීමටත් ඔහුට හැකියාව ලැබී තිබෙනවා.
දකුණත් මැද පන්දු යවන්නෙකු වන මැතිව්ස් ටෙස්ට් කඩුලු 33ක් බිඳ දමා තිබෙනවා.
එහිදී ප්‍රතිවාදීන්ට නිලකුණු එක් කළ පන්දුවාර 159ක් ද ඇන්ජලෝ මැතිව්ස් විසින් එල්ල කරනු ලැබුවා.