මා මේ වගකීම භාරගත්තේ රට සහ ජනතාව ගැන හිතල යි.
මුලින්ම අපි රට ගොඩ නඟලා ඉමු. මේ අමාරු තත්ත්වයෙන් ගොඩ යමු. ඉන් පස්සේ අපිට පක්ෂ දේශපාලනයට යොමු වන්න පුළුවන්.
මම හැම විට ම ප්‍රජාතන්ත්‍රවාදී අරගළවලට ගරු කරනවා. අරගළකරුවන් හා කැරලිකරුවන් කියන්නේ, කොටස් දෙකක්. අපේ රටේ මේ කොටස් දෙක ම ඉන්නවා.
අරගළකරුවන්ට සාමකාමී ව එම කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් කැරළිකරුවන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරනවා.
පසුගිය දා යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුට බරපතළ ලෙස පහර දුන්නා. ගිනි අවි දෙකක හා පතොරම් පැහැර ගත්තා. යුද හමුදාවේ 24 දෙනෙක් තුවාල ලබලා තියෙනවා.
මේ වන විටත් මේ කැරලිකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කරමින් සිටිනවා. එළැඹෙන 20 වැනි දා පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය සඳහා යි ඔවුන් එම බලපෑම කරන්නේ.
වැඩ බලන ජනාධිපතිවරයා හැටියට මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව හා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව රකින්න මම පියවර ගන්නවා.
මම හැම විට ම ප්‍රජාත්නත්‍රවාදීව යි කටයුතු කරන්නේ.
ව්‍යවස්ථාවට අනුව යි කටයුතු කරන්නේ.
මම කිසි විටකත් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්නේ නෑ.
රටේ නීති හා සාමය බිඳ වැටුණොත් ජනතාවට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා.
ආහාර, ඉන්ධන, ගෑස්, විදුලිය සපයන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්න ඕනේ. හැමෝම එකතු වෙලා රට ගොඩනැඟීම සඳහා වන මේ මල් වට්ටියට අත ගහමු.