Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
12
මුහුදු මාර්ග ඔස්සේ රටින් පිටව යාමට, ජනපති සූදානමක ? AFP පුවත් සේවය කියන, මේ කතාව මොකක්ද ?

- මුහුදු මාර්ග ඔස්සේ රටින් පිටව යාමට, ජනපති සූදානමක ? AFP පුවත් සේවය කියන, මේ කතාව මොකක්ද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ජනාධිපතිවරයා මුහුදු මාර්ග ඔස්සේ රටින් පිට වීමට උත්සාහ දරමින් සිටින සිටි බව AFP පුවත් සේවය පවසනවා.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙවැනි විකල්ප ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට තීරණය කර ඇත්තේ ගුවන් තොටුපළ හරහා මේ වන විට රටින් බැහැරව යෑමේ අවස්ථා සීමා වෙමින් පවතින නිසාවෙන් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
 
අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ පසු රටේ උද්ගත වූ දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අතර එයට සෘජුව ම චෝදනා එල්ල කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතටයි..


මිලියන 22 ක ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් කරමින් අත්‍යාවශ්‍ය ආනයන සඳහා පවා මුදල් සපයා ගැනීමට විදේශ විනිමය හිඟ වන තැනට ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කළ බවට රාජපක්ෂට චෝදනා එල්ල කරමින් ජනාධිපතිවරයාට වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් රට පුරා බරපතල විරෝධතා ක්‍රියාත්මක කෙරුණා.
 
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 13 වන බදාදා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට භාර දෙන බවයි.
 
73 හැවිරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවස අත්පත් කර ගැනීමට මොහොතකට පෙර ඉන් පලා ගියා.
 
නාවික හමුදා යාත්‍රාවක නැගී ත්‍රීකුණාමලය නාවික හමුදා කදවුර වෙත පිටත්ව ගිය ජනාධිපති වරයා ඉන්පසු ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාම සඳහා නැවතත් ගුවන් මගින් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේ ඊයේ සවස් කාලයේ යි.
 
කෙසේ වෙතත් ගුවන් තොටුපළ හරහා දිවයිනෙන් පිටත්ව යාමේ උත්සාහ අසාර්ථක වූයේ ඒ සඳහා ගුවන්තොටුපල සහ ගුවන් මගීන්ගේ දැඩි විරෝධතාවක් එල්ල වීම හේතුවෙන්.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති වරයා වශයෙන් මුක්තිය භුක්ති විඳින අතර, අත් අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබා ගැනීමේ හැකියාව වළක්වා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට පෙර ඔහුට විදේශගත වීමට අවශ්‍ය බව විශ්වාස කෙරෙන බවයි AFP පුවත් සේවය පවසන්නේ.
 
නමුත් ආගමන විගමන නිලධාරීන් ජනාධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රා තැබීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රභූ මගීන්ගේ පර්යන්තයට යෑම ‍ප්‍රතික්ෂේප කළ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් ජනාධිපති වරයා ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තය භාවිත කිරීමෙන් වැළකී සිටි බවයි වාර්ත වන්නේ.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යා හැකිව තිබූ ගුවන් යානා හතරක් ම මගහැරුණු පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි ගුවන් හමුදා කඳවුරේ රාත්‍රිය ගත කළ බවයි ඒ එෆ් පී පුවත් සේවය සඳහන් කරන්නේ.
 
පසුගිය අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ජනාධිපතිවරයාගේ බාල සොහොයුරා වන බැසිල් රාජපක්ෂ ද ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සමඟ ඇති වූ එවැනිම ගැටුමකින් පසු අඟහරුවාදා අලුයම ඩුබායි බලා යාමට සිටි ඔහුගේ එමිරේට්ස් ගුවන් යානය මඟ හැරී ගියා.
 
ශ්‍රී ලාංකික පුරවැසිභාවය ට අමතරව එක්සත් ජනපද පුරවැසිභාවය ද සහිත බැසිල් රාජපක්ෂ ඉන් අනතුරුව ව්‍යාපාරික සංචාරකයින් සඳහා මුදල් ගෙවා ලබා ගත හැකි විශේෂ සේවාව භාවිතා කිරීමට උත්සාහ කළ නමුත් ගුවන් තොටුපල සහ ආගමන විගමන කාර්ය මණ්ඩලය කියා සිටියේ ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවාවන්ගෙන් ද ඉවත් ව ඇති බවයි.
 
“බැසිල් ඔවුන්ගේ ගුවන් යානයට ගොඩවීමට එරෙහිව තවත් මගීන් කිහිප දෙනෙක් විරෝධතා දැක්වූ බව ගුවන් තොටුපල නිලධාරියෙක් AFP වෙත පවසා තිබෙනවා.
 
"එය නොසන්සුන් තත්වයක්, එබැවින් ඔහු ඉක්මනින් ගුවන් තොටුපළෙන් පිටව ගියා." අදාළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.
 
මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට නව ඇමරිකානු එක්සත් ජනපද ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සිදුවී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.
 
එහි දැක්වෙන්නේ අරගලකරුවන් ජනපති මැදුර අත්පත් කර ගැනීමට පැමිණෙන අතර වාරයේ කඩිමුඩියේ ඉන් ඉවත් වීමේදී බැසිල් රාජපක්ෂ සතුව තිබු විදෙස් ගමන් බලපත්‍රය කොටුව ජනාධිපති මන්දිරයේ දමා ගොස් ඇති බවයි.
 
මීට අමතරව ලිපි ලේඛන පිර වූ ගමන් මල්ලක් සහ රුපියල් මිලියන 17.85 ක මුදල් තොගයක් ද ජනපති මන්දිරයේ දමා ගොස් ඇති බවත්, ඒවා දැන් කොළඹ අධිකරණය භාරයේ ඇති බවත් ඒ එෆ් පී වාර්තාවේ දැක්වෙනවා.
 
ඉහළ ආරක්ෂක මූලාශ්‍රයක් පැවසුවේ මේ වන විට ජනාධිපතිවරයාගේ සමීපත ම හමුදා සහායකයින් ජනාධිපතිවරයා සහ ඔහුගේ පිරිවර නාවික හමුදා මුර යාත්‍රාවකින් විදේශගත කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.
 
"දැන් හොඳම විකල්පය වන්නේ මුහුදෙන් පිටවීමයි," තොරතුරු දුන් එම ආරක්ෂක නිලධාරියා පවසා සිටියා. "ඔහුට මාලදිවයිනට හෝ ඉන්දියාවට ගොස් ඩුබායි වෙත ගුවන් යානයක් ලබා ගත හැකිය." ඔහු වැඩි වැඩිදුරටත් කියා සිටියා.
 
එමෙන්ම තවත් විකල්පයක් වනුයේ 2013 දී විවෘත කර ජනාධිපතිගේ වැඩිමහල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂ ගේ නමින් ම නම් කරන ලද මත්තල පිහිටි රටේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් කුලී ගුවන් යානයක් හරහා ජනාධිපතිවරයාව රටින් පිටමං කිරීමයි.
 
සැලසුම්ගත ජාත්‍යන්තර ගුවන් ගමන් නොමැති සුදු අලියෙකු ලෙස පුළුල් ලෙස සලකනු ලබන ලොව අවම වශයෙන් භාවිතා කරන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ද සැලකෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.
 
කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුරෙන් ඉවත් වුවහොත්, 2024 නොවැම්බර් මාසයේදී අවසන් වන ජනාධිපති ධුර කාලය සඳහා වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තෝරා පත් කර ගන්නා තෙක් අගමැති රනිල් වික්‍රමසිංහ ස්වයංක්‍රීයව වැඩ බලන ජනාධිපති බවට පත්වනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top