Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
12
"මට නිදහසේ බාත්රුම් යන්නවත් ඉඩක් තියන්නේ නෑ..." දියණියගේ පෞද්ගලිකතත්වයට ගරු කරන්න හැම තාත්තෙක්ම මේක කියවන්න

- "මට නිදහසේ බාත්රුම් යන්නවත් ඉඩක් තියන්නේ නෑ..." දියණියගේ පෞද්ගලිකතත්වයට ගරු කරන්න හැම තාත්තෙක්ම මේක කියවන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

විහාර මහා දෙවි උද්‍යානයට ඇතුළු වුනේ සැමියා මාව රැගෙන යාමට එනතුරුය. අසුන් ගන්නට බංකුවක් නැති තරමටම උද්‍යානය පිරී ඇත. ඈතට වෙන්නට තිබූ එක් දිගු බැංකුවක එක පැත්තක ගැහැණු දරුවෙක් පමණක් වාඩි වී සිටි නිසා අනෙක් පසින් මම අසුන් ගත්තෙමි. මද වේලාවක් ගතවෙද්දී ඒ තරුණියගේ නොසන්සුන් බවක් මට තේරුම් යන්නට විය. අද සමාජයේ අහන්න දකින්නට ලැබෙන දේවල් නිසාම ඇයව මග හරින්නට මට හිත දුන්නේම නැත.


මම ඇයගෙන් වෙලාව විමසුවේ මගේ ඔරලෝසුවේ වෙලාව නැවතී ඇතැයි මුසාවක් පවසමින්. ඇය මා දෙස මහා කරදරකරියක දෙස බලන්නාක් මෙන් එයට පිළිතුරු දුනි. විනාඩි දෙක තුනක් ගතවත්ම ඇය හඬා වැටෙන්නට වුයෙන් මම තව ටිකක් ඇයට සමීප විය. එතැන් පටන් ඇයගේ හිත නොසන්සුන් කළ පීඩනය ඇයත් සමග බෙදා ගන්නට හැකි විය. මේ ඇගේ කතාවයි.

ඇය උසස් පෙළ හමාර කරන්නට ආසන්නයේ සිටි නව යෞවනියක්. සිත් ඇද බැඳ ගන්නා රූ සපුවක් හිමිව තිබූ ඇයට දිගු කෙස් කලබකුත් ලැබී තිබුනේ රූපය ගැන කිසිදු අඩුපාඩුවක් කිසිවෙකුට කිව නොහැකි වන්නට විය හැකියි. පිටතින් වූ ඒ සුන්දරත්වය ඇයගේ සිත තුළ නොවුයේ ඇයි දැයි මම ඔබට කියන්නම්. නව යොවුන් විය පිළිබඳව වෛද්‍ය සාකච්ජා ඇසුරෙන් බොහොමක් දැනුවත් කිරීම් අප වෙබ් අඩවිය හරහා සිදු කෙරුණු බව ඔබට මතක ඇති.

මේ වරුනිගේ කතාව,

“අනේ මට නම් ජිවිතේ එපා වෙලා, මගේ දුක කියන්නවත් කෙනෙක් නැ මට, මම දැන් හිරකාරයෙක් ගානයි.”

“වරුනි, ඇයි එහෙම කියන්නේ, ඔය තාම දරුවෙක්… මෙච්චර ඉක්මනට ජිවිතේ එපා වෙන්නේ කොහොමද දරුවෙකුට, අඩන්නේ, තැවෙන්නේ නැතිව මට කියන්න ඔයාට වුනේ මොකද්ද කියලා, මම ඔයාට උදවු කරන්නම්.”

“අපෝ මට නම් ගෙදර යන්න බැ…. මට නම් ගෙදර යන්න කියන්නත් එපා. එහෙම කියන අයට මම කැමතිම නැ.”

“ඉතිං කියන්න ඔයාට උනේ මොකද්ද කියලා.”

“මම මේ පර A/L කරනවා. මම විභාගේ ෆේල් වෙනවා අනිවාර්යෙන්ම. එතකොට මට පුළුවන් අම්මලාව මට්ටු කරන්නත්.”

“හරි හරි මේ හැම දේම ඔයාට කරන්න පුළුවන්, අපි ඉස්සෙල්ල බලමු ඔයාට මොකද උනේ කියලා.”

“මාත් වැරදියි තමයි. ඒත් ඇයි එයාලා මගේ කිසිම ආසාවක් ගැන නොහිතන්නේ,”

“දැන්වත් කියන්න දරුවෝ උණු දේ, මම පොරොන්දු වෙනවා ඔයාට උදවු කරන්න”

“ආන්ටි, මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා”

“ඉතිං”

“එයා හරිම හොඳයි”

“ඔව් ඉතිං”

“මට එයාව නැති කරගන්න හිතෙන්නේ නැ, එයා මට හරිම ආදරෙයි.. මට කවමදාකවත් ඒ වගේ කෙනෙක් මුණගැහෙන එකක් නැ…”

“ඉතින්…”

“අපේ අම්මලා පිස්සුවෙන් වගේ මේ සිද්ධිය දැන ගනිපු වෙලේ ඉඳල හැසිරෙන්නේ,”

“ඉතින් දරුවෝ …දෙමාපියෝ එහෙම තමයි… දරුවන්ට දැනුම් තේරුම් එන කාලේ වෙනකන් එයාල ඔයාලව පරිස්සම් කරන්න ඕනේ. කරදරයක් උනාට පස්සේ ඔයාගේ ජිවිතේ තේරුමක් නැති වෙනවා නේද කියන බයෙන් තමයි එයාල ඔයාව පරිස්සම් කරන්න දගලන්නේ”

“නැ නැ …”

“අම්මයි තාත්තයි මට නිදහසේ බාත්රුම් යන්නවත් ඉඩක් තියන්නේ නැ…”

“බාත්රුම් යන්නවත් නිදහසක් නැ…”

“මට යාළුවෙක් ආශ්‍රය කරන්න නැ”

“පන්තියකට යන්න නැ, යන යන තැන අම්මා හරි තාත්තා හරි එනවා. ඒක මට කමක් නැ… කොහොමත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මාව මුණ ගැහෙන්න මේ දවස්වල එන්නේ නැ මට ගෙදරින් තියෙන ප්‍රශ්න වැඩි වෙන නිසා.”

“ඒත් අද උදේ උණු දෙයින් අම්මයි තාත්තයි දෙන්නම ගැන මට මහා කලකිරීමක් ඇති උනා. මට එයාලා ගැනත් දුකයි.. ඊට වැඩ මට මම ගැන දුකයි..”

“ඇයි? අද උදේ විශේෂයෙන් මොකද්ද උනේ,,”

“මුකුත් හිතන්න එපා ආන්ටි, මම මෙහෙම කීවට, මම ඔයා දන්නෙත් නැ, ඒත් මම ඔයාට මේ සේරම කියන්නේ මට මාවම කන්ට්‍රෝල් නැ කියලා දැනෙන්න ගත්ත නිසා.”

“ඔයා මාව විශ්වාස කරන්න, මම ඔයාගේ හිත හයිය කරගන්න උදවු කරනවා අනිවාර්යෙන්ම…”

“ආන්ටි, අද මට පිරියඩ්ස් හදුණා, ඒ මම ක්ලාස් එන්න ලෑස්ති වුනාට පස්සේ, මම අල්මාරියෙන් පෑඩ් එකක් අරගෙන හංගගෙන වගේ බාත්රුම් එකට යන්න ගියා. ඒක අපේ තාත්තා දැක්කා, ඉතින් එයා … ඔහොම ඉන්නවා, ඔහොම ඉන්නවා මොකද්ද උඹ ඔය හංගන් යන්නේ ? ” කියා කියා මගේ පස්සෙන් ආවා. ඒ කතාවට අම්මත් එකතු වෙලා කැගහුවා…”

“මම අතේ තිබුණු පෑඩ් එක ඒ දෙන්න ඉන්න පැත්තට විසිකරලා දාලා ගෙදරින් එලියට දුවගෙන ආපු ගමන තමයි මේ… මට දැන් හරිම ලැජ්ජයි… මම කැමති නැ තාත්තා මේක දැන ගත්තට… මට මැරෙන්නමයි හිතෙන්නේ ”

“නැ දුව… ඔයා ඔහොම හිතන්න එපා. ඉන්න මම ඔයාට පැහැදිලි කරන්න… ගෑනු ළමයෙකුට පිරියඩ්ස් හැදෙන බව මේ ලෝකේ හැම පිරිමියෙක්ම දන්නවා. ඔයාගේ තාත්තත් ඒ ගැන දන්නවා. අපි පුරුදු වෙලා ඉන්නේ ඒ දේවල් රහසිගතව කරගන්න උනත්, අම්මලාට ඔයා ගැන පොඩි සැකයක් තියෙන නිසා එයාල පුංචි දේ ගැනත් වැඩි අවධානයක් යොමු කරනවා.. ඉතින් මෙතැනදී උනෙත් ඒකම නේද? වුනු දේ දැනගත්තට පස්සේ අම්මට තාත්තට උනත් ලැජ්ජාවක් දුකක් ඇති වෙන්න ඇති…”

මෙන්න මේ වගේ බොහොමයක් දේ කතා කිරීමෙන් පසුව ඇයගේ අවශ්‍යතාවය වෙනුවෙනුත් උදවු දී අගේ හිත යම් මට්ටමකින් යථා තත්වයකට ගෙන ඒමට හැකි වීම මට සතුටක්… ඇය මා වෙතින් නික්ම ගියා… ඇය නිවසට ගියාද කොහේ ගියාද කියා මා අදටත් දන්නේ නැ, ඒත් ඇය සියදිවි නසා නොගන්නට ඇතැයි මා විශ්වාස කරන්නේ, එසේ උනා නම් මුහුණු පොතේ පිටු අගේ රුවෙන් වැසී යන බැවිනි.

මව්පියනි,

හිතන්නට යමක් ඇති බව ඔබට හිතෙන්නේ නැතිද? අපේ යොවුන් විය අපිට අමතක කල හැකිද? මේ වයසේ දරුවන්ගේ හැඟීම් වටහා ගන්නට අපිට නොහැකි වන්නේ කෙසේද? තාඩන පීඩන මැද දරුවෙක් පාලනය කීරීම කොයිතරම් නම් දුරට සාර්ථකද යන්න පිළිබඳව ඔබම සිතා බලන්න. නව යොවුන් වියේ දරුවන්ගේ පෞද්ගලිකත්වය දෙමාපියන් ඉදිරියේ මේසා විවෘත කිරීමට ඔවුන්ට හැකියාවක් තිබේද? ඥාන්විතව දරුවන් යහමගට ගැනීම පිළිබඳව දෙමාපියන් වන අපි කොයිතරම් නම අවබෝධාත්මක විය යුතුද යන්න සිතා බලන්නට කාලය එළැඹ ඇති බවක් සිතේ.

සත්‍යය සිදුවීමක් ඇසුරෙනි….
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top