අප කළ සොයා බැලීමකදී තහවුරු වූයේ, එම සුනඛයා මියගිය පුවත අසත්‍යයක් බවයි.
අදාළ ඡායාරූපවල සිටින සුනඛයා, ඊයේ සිදුවීමත් සමඟ කම්පන සහගත තත්ත්වයෙන් පසුවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අග්‍රමාත්‍යවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ රැඳි සිටි එම නිවසේ සුරතල් සුනඛයින් දෙදෙනක් ද සිටින අතර, ඒ අතරින් එක් සුනඛයෙකු මෙසේ හාදයාබාධයකට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, එම සුනඛයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි පශූ වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ.
මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මේ වනවිට කොල්ලුපිටිය පොලිසිය භාරයේ රඳවා ඇති බවයි.
මොවුන් ගල්කිස්ස, ගාල්ල සහ ජාඇළ ප්‍රදේශවල පදිංචිකරුවන්.
එමෙන්ම අරලියගහ මන්දිරයේ තිබූ ගිනි නිවීමේ උපකරණයක් සොරකම් කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.