"ඩීමෝ බට්ටෙක් පදවපු සහෝදරයෙක් මේ ගොල්ලො දකිනවා...එයා දවස පුරා පාරවල්වල ඇවිදල බඩු විකුනල ආපහු යන ගමන් ගෙදර....
අන්තිම තෙල් ටික..
දරුවා එතකොටත් අමාරැවෙන් හුස්ම ගන්නේ.
එයා වහාම දරුවා වාහෙනේට දාගෙන අරන් ආව...ඒ එන්න විනාඩි විස්සක් විතර ගියා...."
ඉන්ධන ගැටලු නිසා කවුරුත් ගෙවන්නෙ අන්ත දුක්බර ජීවිත.
සමාජ මාධ්‍යයේ හුවමාරු වන මේ සටහනත් ඒ වගේ එකක්...
"ඊයේ ..උදේ ලමයට ටික ටික අමාරැයි...ඒත් ගමේ ඉස්පිරිතාලෙ .CD.එකේ doctor නෑ.එයා තෙල් පෝලීමේ ...එයා මොනව කරන්නද.සිකුරාදා සෞඛ්‍ය අයට වෙන් කරපු තෙල් පෝලිම.
හවස් වෙන කොට හොදටම අමාරැයි ..මෝටර් සයිකලේට පෙට්රල් නෑ..තීුවිල් එන්නෑ..තෙල් නෑ..
තාත්ත දරුවායි අමිමයි තියාගෙන පුස් සයිකලේ පැදගෙන කිලෝමීටර් හතරක් විතර එනවා....මාව හොයාගෙන..දරුවා මගෙන් බෙිත් අරන්...ඉස්සර ඉදල..හුස්ම ගන්න අමාරැ වෙනකොට.nebulized කරන්න ඔිනෙ.
ඩීමෝ බටිටෙක් පදවපු සහෝදරයෙක් මේ ගොල්ලො දකිනවා...එයා දවස පුරා පාරවල් වල ඇවිදල බඩු විකුනල ආපහු යන ගමන් ගෙදර....අන්තිම තෙල් ටික..
දරුවා එතකොටත් අමාරැවෙන් හුස්ම ගන්නේ.
එයා වහාම දරුවා වාහෙනේට දාගෙන අරන් ආව...ඒ එන්න විනාඩි විස්සක් විතර ගියා...
ගේන කොටත් සෑහෙන්න අමාරැයි ..අර විනාඩි විස්ස...equation එකට එකතු වුනානමි. මේ සටහන මෙයට වඩා බොහෝ වෙිදනා බර වෙනවා...
අර ඩීමෝ බටිටා..අරන් ආව ...සහෝ...යනකොට කිවිවා ..
සර් දැන් යන්න තරමි තෙල් නෑ...මග.....පන්සලේ නතරවෙලා හෙට මෙනවා හරි කරනවා....
වීරයෙක්..ඌ...
උඔලට මතකද...මීට අවුරැදු දෙකකට ඉස්සෙල්ලා පාරේ කිරිබත් කන්න ඉස්සෙල්ලා අපි ජීවත් වෙච්චි විදිහ.."