ඩිලන්ත මාලගමුව කියන්නෙ කවුරුත් දන්න ශූරයෙක්.
පහුගිය දවස්වල අපි දැක්කා ඔහු වගාවටත් යොමුවෙලා ඉන්නවා.
ඉතින් ඒ අතර අපේ ඇස රැඳි ඔහු තැබූ අපූරු සටහනක් මේ..
ඔහු මේ නිහතමානීව ස්තූතියි කියන්නෙ සමස්ත ලාංකිකයන්ට.
"සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම.
මම පලමුවෙන්ම රේස් එක පැද්දේ 1981 කටුකුරුන්ද ධාවන පථයේදී. පලමු තරගයේදීම මම ජයග්‍රහණය කලා.
මම තරග වැදුණු මෝටර් සයිකලය Honda CB50JX.මට ඒක අරන් දුන්නේ මගේ අප්පච්චිගේ අම්මා. මම ඒ ජාතියේ මෝටර් සයිකලයක් අවුරුදු ගානක් සොය සොයා සිටියා.
ජපානයේ සිටින Adisha Aravinda Gamage මල්ලි මට මේ මෝටර් සයිකලය ඊයේ තැගි දුන්නා. අවුරුදු 43 පරන මෝටර් සයිකලයක් නමුත් තවම අලුත්ම තත්වයේ තියෙනවා.
බොහෝම ස්තූතියි අදීශ මල්ලී.....
මම ඒකයි කියන්නේ මගේ ප්‍රධාන අනුග්‍රහය නිහතමානී ශ්‍රී ලාංකිකයන් කියලා. "
සටහන එක්ක මේ අපූරු ඡායාරූපයත් මුහුණු පොතට එකතු කරලා තිබුණා.