Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
“....ගඟට - - - කලින් පාලම උඩ ඉඳන් එයාගේ ෆෝන් එකෙන්ම සෙල්ෆියක් අරගෙන තියෙනවා...!” - කළුතර මෝයකටින් මතුවූ ‘කෞෂික’ට මරණය ගෙනාවේ පෙම්වතියගේ තාත්තා ද? අලුත්ම සැකය මෙන්න ! SMS කිහිපයකුත් එළියට

- “....ගඟට - - - කලින් පාලම උඩ ඉඳන් එයාගේ ෆෝන් එකෙන්ම සෙල්ෆියක් අරගෙන තියෙනවා...!” - කළුතර මෝයකටින් මතුවූ ‘කෞෂික’ට මරණය ගෙනාවේ පෙම්වතියගේ තාත්තා ද? අලුත්ම සැකය මෙන්න ! SMS කිහිපයකුත් එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

යොවුන් ආදරය නිසා සිදුවූ අකල් මරණවල අඩුවක් පෙනෙන්නට නැත. සියදිවි හානිකර ගන්නා තරුණ තරුණියන්ද බොහෝය.
 
පුතුගේ හෝ දියණියගේ මෙවන් අකල් මරණ නිසා තවමත් හඬා වැළපෙන මවුපියන් සංඛ්‍යාවද සුළු පටු නැත.
 
දහදුක් විඳ ඇති දැඩි කොට සිප්සතර කියාදී කරදඬු උස්මහත් වූ පසු රටේ හොඳ පුරවැසියකු කිරීමට පෙරුම් පුරන මවුවරුන් අකාලයේ වියෝවූ මෙවන් දරුවන් ගැන සිතමින් හෙළන කඳුළු තවමත් වියැළී ගොස් නැත.


ඉකුත්දා කළුතර දකුණ පොලිස් වසමෙන්ද මෙවන් සිදුවීමක් වාර්තා විය. ඒ ඇස් දෙක මෙන් බලාකියා ගත් තම තරුණ පුතු අකාලයේ වියෝවීමය. පුතුගේ වියෝවීම ඒ මවුපියන්ට තවමත් දරාගත නොහැකි සේය.
 
ඔවුන් පවසන්නේ තම පුතුගේ මරණය දිවි නසා ගැනීමක් නොවන බවය. ඔවුන් ඉකුත් සතිය තුළම පොලිස් ඒකකයකට යමින් එමින් පවසනුයේ තම පුතුගේ මරණය සැක සහිත බැවින් ඊට වගකිව යුත්තන්ට දඬුවම්දී තම පුතුට සාධාරණය ඉටු කරදෙන ලෙසය.
 
මහීම කෞෂික මෙලොව හැර ගියේ වයස අවුරුදු 18දීය. තම ඇස් දෙක මෙන් රැක බලාගත් තම පුතු කළු ගඟට පැන සිය දිවි හානි කර ගැනීම මහීමගේ මවට දරාගත නොහැකි වී ඇත.
 
“මගේ පුතාට එහෙම කරගන්න ඕන නැහැ” ඇය පොලිසිය හමුවේ කීවාය. මහීමට මෙලෙස දිවි තොරකර ගැනීමට කිසිදු හේතුවක් නැති බවත් තම පුතුට පහරදී ඇති බවත් කියමින් මහීමගේ මවත් පියාත් පොලිසියෙන් තවමත් ඉල්ලා සිටින්නේ පුතුගේ මරණය ගැන සැකයක් ඇති බවය.
 
“මහත්තයෝ ! පොලිසියෙන් කිව්වා…. ඇසින් දුටු සාක්කියක් නැහැ කියලා. සිකුරාදා උදේ අපි එහෙම සාක්කියකුත් ගෙනිහින් දුන්නා” මහීමගේ පියා පවසන්නේය.
 
ඔහු පවසන්නේ සිද්ධියක් ඇසින් දුටු බව කියන කාන්තාවක් කළුතර අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කෙරුණු බවය. මියයන්නට කලින් කළ පහරදීමක් නිසා තම පුතු හිස බදාගෙන සිටින අයුරු මෙම කාන්තාව දැක ඇති බවත් පසුව පහර කෑමට ලක්වූ තරුණයා තම පුතා බව හඳුනාගෙන ඒ බව තමන්ට දැන්වූ බවත් ඔහු හඬමින් කීවේය.
 
“ඒ විතරක් නොවේ. අපිට රෙකෝඩ් කරපු සාක්කිත් තියෙනවා”
 
ඔහු මෙසේ පවසන්නේ තම පුතුගේ මරණයට පොලිසියෙන් සාධාරණයක් ඉටු කරවා ගැනීම සඳහාය. එහෙත් තවමත් මහීමගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන කටයුතු පවතින්නේ විමර්ශන මට්ටමේය.
 
මහේෂ් රවීන්ද්‍ර රාජකරුණා සහ නිල්මිණි සමරසේකර මහීමගේ මාපියන්ය. මහීම පවුලේ තෙවැන්නාය. ඔහුට අක්කලා දෙදෙනෙකි. මහේෂ්ගේ ලොකු දුව කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන්නීය. මහේෂ් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ටික කලකට ඉහතදී පානදුරේ සංචාරක හෝටලයක සේවය කරන්නට පටන්ගෙන තිබිණි. මහේෂ්ගේ බාල පුතා තවමත් අධ්‍යාපනය හදාරමින් සිටී.
 
තරුණ වියට එළැඹුණු සෙසු තරුණයන් මෙන් මහීමගේ ආදරයද එක්තරා තරුණියක් වෙත ඇදී ගොස් තිබිණි. ඒ ගෙදර අයටද හොරාය. ඇයද සිය මවුපියන් සහ සොහොයුරියත් සමඟ ජීවත් වූයේ කළුතර දකුණ පොලිස් වසමේ ගල්ලස්සේන ප්‍රදේශයේය.
 
මහීමගේ මවුපියන් නොදැන සිටියද ඔහුගේ සිත හොරාගත් ඇය සහ ඔහු අතර SMS කෙටි පණිවුඩ හුවමාරු වී තිබිණි. ඒ වැඩි කාලයක නොව මෑතකදීය. කෙසේ හෝ මේ සබඳතාව මහීමගේ මවුපියන් දැන ගත්තේ පෙම්වතියගේ පියා කළ තර්ජනයක් නිසා බව කියති. ඒ පෙම්වතිය මහීමට දුන් පෙම් හසුනක් නිසාය. එම පෙම් හසුන නැවත ඉල්ලමින් පෙම්වතියගේ පියා මහීමට තර්ජනය කර ඇතැයිද ඔවුහු කියති.
 
වරෙක එම තර්ජනය සිදු කර ඇත්තේ මහීමගේ ඥාති සොහොයුරකු ඉදිරියේය. එම සොහොයුරා එම තර්ජනය ජංගම දුරකථනයේ පටිගත කර ඇතැයිද කියති.
 
පටිගත කර තිබූ එම තර්ජනයට මහීම සිය ඥාති සොහොයුරා සහ තවත් මිතුරකු සමඟ සවන් දෙද්දී ඒ ගැන සැක කළ මහීමගේ ඥාතියකු ඒ පිළිබඳ විමසද්දී මහීමගේ ආදර සබඳතාව හෙළිවී තිබේ. එහෙත් මහීම සිය මවට පවසා ඇත්තේ එවන් සබඳකමක් නැති බවය.
 
“එහෙම දෙයක් තියෙනව නම් ඒක දැන්ම නවත්තන්න පුතේ…” මහීමගේ මව එසේ පවසා ඇතැයිද කියති. ඊට මහීමද එකඟ වී තිබේ.
 
කෙසේ වෙතත්, ඉකුත් 7 වැනිදා සවස මහීම නිවෙසේ සිට ඇත්තේ ආහාර ගනිමින්ය. ඒ මොහොතේ මහීමගේ ජංගම දුරකථනයට SMS පණිවුඩයක් ලැබිණි. ඒ හැකි ඉක්මනින් ඇය හමුවීමට පැමිණෙන ලෙස කෙරුණු දැන්වීමකි. ඒ අනුව ඔහු ඇය සොයා ගොස් ඇති බව මහීමගේ පාර්ශ්වය කියති.
 
එහෙත් එම පණිවුඩය අනුව ගිය මහීමට හමුවී ඇත්තේ පෙම්වතිය නොව ඇගේ මවුපියන් බවද කියැවේ. ඔවුන් යතුරුපැදියකින් පැමිණ මහීමට බැන වැදී ඇති බවත් එම අවස්ථාවේ පෙම්වතියගේ පියා මහීමට පහර දී ඇති බවත් මහීමගේ පාර්ශ්වය චෝදනා කරයි.
 
ඇසින් දුටු සාක්කිකාරිය එතැනින් ගමන් කර ඇත්තේ ඒ අවස්ථාවේදී බව කියති. කිසියම් පුද්ගලයකු බැන වදින හඬත් තරුණයකු හිස අත්දෙකෙන් අල්ලාගෙන සිටින අයුරු ඇය දුටු බවත් පසුව එම තරුණයා මහේෂ්ගේ හා නිල්මිණිගේ පුතු බව ඇය හඳුනාගෙන ඇති බවත් කියති.
 
අවසානයේ මේ බව මහීමගේ මවුපියන් දැන ගැනීමෙන් පසු ඔවුන් එම කාන්තාවද රැගෙන කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ගොස් එහි ස්ථානාධිපතිවරයාට ඇය ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.
 
මහීම සිය දිවි හානි කරගෙන ඇත්තේ ඉන් අනතුරුව බව කියති. ඒ එදිනම රාත්‍රි 7ට පමණය. මහීම කළු ගඟේ පාලම මත එක කකුලක් ගඟ පැත්තට දමාගෙන සිටින අයුරු ඒ අසලින් ගමන් ගත් ත්‍රිරෝද රථ රියැදුරකු දැක තිබේ.
 
ඔහුටද මහීම සිටින විලාශය ගැන සැකයක් ඇතිවී ඔහු අල්ලා ගැනීමට උත්සහ කළද මහීෂ ඒ සැණින් කළු ගඟට පැන ඇතැයිද වාර්තා වේ.
 
මහීමගේ මවුපියන්ගේ පාර්ශ්වයේ තවත් සැකයක් වී ඇත්තේ මහීමට අමානුෂික ලෙස පහරදී ගඟට දැමුවා දැයි යන්නයි. මේ සැක මත මහීමගේ මවුපියන් සිය පුතුගේ මරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා හමුවී තිබේ. මහීමගේ මවගේ දුක් ගැනවිල්ල සාවධානව අසා සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර මහතා වෙත භාරදී තිබේ. ඒ අනුව විමර්ශන ඇරඹූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මහීමගේ මව සහ පියාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
 
මහීම කළු ගඟට පැනීමට ආ මොහොතේ ඒ අවට පරිසරය දැඩි අඳුරු ස්වභාවයක් ගෙන තිබිණි. ඒ වනවිට වේලාව රාත්‍රී හතට පමණ ඇති බව කියැවේ. සමහර ප්‍රදේශවල විදුලියද විසන්ධි වී තිබිණි.
 
කළු ගඟ පාලම අසලට පැමිණි මහීම සෙරෙප්පු දෙක ගලවා සිය ජංගම දුරකථනයද අතැතිව පාලම මතට නැඟ පසුව දුරකථනයත් මුදල් පසුම්බියත් පාලම මත තබා කළු ගඟට පැන තිබිණි.
 
කෙසේ වෙතත් කිසිවකු ගඟට පනින අයුරු දුටු ඒ අසලින් ගමන් ගත් අයකු ඒ අසල රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරියකුට මේ බව දන්වා තිබේ. පසුව කරන ලද සෝදිසියේදී මහීමගේ ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය පොලිසිය සිය භාරයට ගෙන ඇති අතර ඒ ඔස්සේ මහීම ගඟට පැන ඇති බව ඔහුගේ පාර්ශ්වයට පොලිසිය විසින් දන්වා තිබිණි.
 
මහීමගේ අප්‍රාණික සිරුර කළුතර මෝයකට ප්‍රදේශයට ගොඩගසා ඇත්තේ ඉන් අනතුරුවය. ඒ ඉකුත් 9 වැනිදාය.
 
අදාළ පරීක්‍ෂණයේදී තම පුතුගේ මරණය සැක සහිත බව ඔහුගේ මවුපියන් පවසා ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් මහීම කෙසේ මිය ගියේ දැයි දැන ගැනීම සඳහා සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුතර නාගොඩ මහ රෝහලේදී පැවැත්විණි. ඒ නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්. එල්. එල්. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඔහු නිගමනය කර ඇත්තේ මහීමගේ මරණය දියේ ගිලී සිදුවූවක් බවය. එහෙත් හිසේ තුවාල දකින්නට ඇති නමුත් එය මරණයට හේතුවක් නොවන බවද අධිකරණ වෛද්‍යවරයා දන්වා තිබිණි.
 
මෙවන් නිගමනයක් තිබියදීත් මහීමගේ මරණය සැක සහිත බව කියමින් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශනයට සිදු කළ පැමිණිල්ල මත විමර්ශන ඇරඹූ එම ඒකකය මහීමගේ ජංගම දුරකථනයද සිය භාරයට ගෙන විමර්ශන සිදුකර තිබිණි.
 
”මියගිය තරුණයාගේ පාර්ශ්වයේ සැකයක් තියෙනවා. මහීමට පහරදීලා හෝ පහරදීමෙන් පසු මහීම ගඟට දාලා හෝ ගඟට පැනපු බවට. එහෙත් ඒ සැකය බැහැර කරන්න එක හේතුවක් තියෙනවා. මහීම කළු ගඟට පනින්නට කලින් පාලම උඩ ඉඳන් එයාගේ ෆෝන් එකෙන්ම සෙල්ෆියක් අරගෙන තියෙනවා. ඒක එයාගේ ෆෝන් එකේ තිබිලා අපි හොයා ගත්තා…ඒ අනුව අපිට හිතන්න බැහැ මහීමට පහර දීලා ගඟට දැම්මා කියලා. පහර දුන්නා නම් එයාට සෙල්ෆි ගහගහ ඉන්න වෙලාවක් නැහැනේ. ඒ සැකය බැහැර කරන්න වෙනවා. ඒත් මහීම ගඟට පනින්න කලින් කිසියම් පහරදීමට ලක්වුණාද කියලා සොයලා බලන්න අපි විමර්ශනය කරනවා.”
 
විමර්ශන භාර ජේ‍යෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
 
මේ අතර මහීම කළු ගඟට පනින්නට කලින් සිය ඥාති සොහොයුරකුට කෙටි පණිවුඩයක් යවා තිබිණි. මහීමගේ පාර්ශ්වය පවසන්නේ ඒ පෙම්වතියගේ පියාගෙන් පහර කෑමට ලක්වීමෙන් අනතුරුව බවය.
 
“අරූ මට ගැහැව්වා”
 
කෙටි පණිවුඩයේ එසේ සඳහන් වී ඇති බව විමර්ශන නිලධාරියෙක් කීවේය. එහෙත් එම පණිවුඩයේ ගැහැව්වේ කවුදැයි සඳහන්ව නැත.
 
“හරි බං උඹට මාමණ්ඩියනේ ගැහැව්වේ. උඹ ඔහොම ඉඳපන්! මම දැන්ම එනවා” ඥාති සොහොයුරා ඊට පිළිතුරු දෙමින් කෙටි පණිවුඩයක් යැවුවද ඔහු පැමිණීමට කලින් මහීම කළු ගඟට පැන ඇති බවද පැවැසේ.
 
මහීමගේ පියා රියැදුරු රැකියාව කරන අතර මවද කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වී සිටින බවද වාර්තා වේ. කලක් ත්‍රිරෝද රැකියාවක නිරත වූ මහීමගේ පියා මහේෂ් මේ වනවිට ලොරියක රියැදුරකු ලෙස රැකියාව කරයි. ඉකුත් 7 වැනිදා වැඩකටයුතු නිමවී සිය සොහොයුරාගේ නිවෙසට පැමිණ ලොරිය මාර්ගයේ නතර කොට ප්‍රවෘත්ති බැලීම සඳහා ඔහුගේ ගෙට ගොඩවී සිටියදී දියණියක් දුන් විලාපයකට අනුව මහීමගේ වියෝව ඔහු දැනගෙන තිබිණි.
 
“මමයි බිරියයි හරියට දුක් මහන්සියෙන් දරුවෝ හතර දෙනා හදාගත්තේ. මහීම පුතාත් ඒ වගේමයි. එයාට වුණු දේ අපිට හිතාගන්නවත් බැහැ.
 
“අපේ පුතාගේ මරණය සැක බවට අපි පොලිසියට කිව්වා. සාක්කි ඉල්ලුවම සාක්කිත් හොයලා දුන්නා. ඒත් මෙතෙක් කවුරුත් අත්අඩංගුවට අරන් නැහැ. අපි කියන්නේ අපේ පුතාගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි.” මහීමගේ පියා මහේෂ් ‘මව්බිම’ ට කීවේය.
 
කෙසේ වෙතත් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර මහතා පැවැසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකර ඇති බවය. මෙම ප්‍රකාශවල ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා සහ විමර්ශන කිරීම සඳහා මහීම සමඟ සබඳකමක් පැවැත්වූ බව කියන පෙම්වතියගේ පාර්ශ්වයෙන්ද ප්‍රශ්න කෙරෙන බවද හෙතෙම කීවේය.
 
කෙසේ වෙතත් ලැබුණු තොරතුරුවලට අනුව මහීමගේ අකල් මරණයෙන් පසු ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය හා ඇගේ මවුපිය පාර්ශ්වය සිය නිවෙස වසා දමා ගොස් තිබිණි. ඒ නිසා විමර්ශනවලට ගෙන දුන්නේ කිසියම් බාධාවකි.
 
මහීමගේ මරණ වාර්තාවේ තියෙන්නේ මහීමගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් බවයි. ඒත් එයාගේ මවුපියන් කියනවා මහීමගේ මරණය සැක බව. ඒ නිසා අපි විමර්ශනයක් සිදුකරනවා.
 
“මේ විමර්ශනයට මහීමට පහර දුන් බව කියන පාර්ශ්වයෙනුත් ප්‍රශ්න කරලා ප්‍රකාශ ලබාගන්න ඕන. දින කිහිපයක් ඔවුන් ගෙවල්වල හිටියේ නැහැ. ඒත් අපි විමර්ශන නතර කළේ නැහැ. පහර දීමක තොරතුරු කියැවෙනවා. ඒ ගැන ප්‍රශ්න කරන්න ඕන. අපි මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මියගිය තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියට විමර්ශන කොට්ඨාසයට එන්න කියලා දැනුම් දුන්නා. එයාගේ මවුපියන්ගෙනුත් ප්‍රකාශ ලබා ගැනෙනවා. ඒ විමර්ශනවලින් පස්සේ තමයි අපිට කිසියම් නිගමනයකට එන්න පුළුවන්” ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර මහතා අවධාරණය කළේය.
 
මහීම ගඟට පැන දිවි තොර කරගත්තේද මහීම ගඟට තල්ලු කරදැමුවේද ඊට කලින් ඔහුට පහරදීමක් සිදුකර ඇත්ද?
 
මෙවන් සැකසංකා සහිත මහීමගේ මරණයට නිශ්චිත හේතුවක් ලැබෙනුයේ එම විමර්ශනයෙන් පසුවය. ඇසින් දුටු සාක්කි පර්වේෂණ සාක්කි මෙන්ම විද්‍යාත්මක සහ තාක්‍ෂණික සාක්කිද මෙම විමර්ශනය සඳහා උපයෝගී කරගන්නා බව විමර්ශන පවත්වන උසස් නිලධාරියෙක් අපට අනාවරණය කළේය.
 
කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ අධීක්‍ෂණය මත කළුතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.
 
පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් ලිපිය සකස් විණි.
 
කීර්ති මෙන්ඩිස්
සම්පූර්ණ උපුටා ගැනීම 'මව්බිම' පුවත්පතෙන්..
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top