"අම්මේ මන් පසු තැවෙන , හෙලන කදුලක් ගානේ මෙවැනි තත්වයක් උරුම කරපු උන්ට සාප කරනවා
අම්මා කෙනෙක් නැති අඩුව කිසිම විදියකින් පුරවන්න බැහැ...."
ඉන්ධන ගැන ඇහෙන කතා කොහෙත්ම සුබ ඒවා නම් නෙවෙයි.
ඇතැම් කතා සහ සිදුවීම් අහන්නත් දකින්නත් තරම් නොහිතෙන ඉතාමත් දුක්බර කතා..
සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස රැඳි මේ කතාවත් ඒ තරම් දුක්බර කතාවක්...
"අම්මේ තෙල් පෝලිම් දකිනකොට මට ලොකු වෛරයක් එනවා ...
අද ඔයා මන් තෙල් ටිකක් හොයන් එනකම් හිටියා නම් අද ජීවත් වෙනවා ....
අම්මේ මන් පසු තැවෙන , හෙලන කදුලක් ගානේ මෙවැනි තත්වයක් උරුම කරපු උන්ට සාප කරනවා ...
අම්මා කෙනෙක් නැති අඩුව කිසිම විදියකින් පුරවන්න බැහැ .
මගේ දරු පැටව් වෙනුවෙන් අරගලයට මාත් ඉන්නවා .."