විජෙයිගේ නිවස නිලංගරෙයි ප්‍රදේශයේ වන අතර විජෙයිගේ කාර්යාලය පිහිටා තියෙන්නේ පනායූර් ප්‍රදේශයේ.
පසුගිය දවසක විජෙයිගේ කාර්යාලයේ තීන්ත ආලේපනයක් සිදු කර ඇති අතර, ඒ සඳහා ප්‍රභාකරන් නම් තරුණයෙක් ද එක්ව තිබෙනවා.
ප්‍රභාකරන් මත්පැන් පානය කිරීමට කාර්යාලයෙන් පිටතට පැමිණ ඇති අතර, අනතුරුව නැවතත් කාර්යාලයට පැමිණ මිතුරන් හා එක්ව පාරාටා කමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව හදිසියේ ම මෙම පුද්ගලයා මිය යන අතර, මිය යන විටත් ඔහුගේ මුවේ පාරාටා තිබූ බව සඳහන්.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
By සෑම්
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.