සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන්නේ 79 හැවිරිදි ජනාධිපතිවරයා ඇද වැටීමෙන් පසු වහාම නැගිටින ආකාරයයි.
අනතුරුව ඔහු ප්‍රකාශ කරන්නේ "මම හොඳින්" යනුවෙන්.
ඔහු ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි ඔවුන්ගේ වෙරළ නිවහන අසල පිහිටි රාජ්‍ය උද්‍යානයක ආර්යාව සමඟ බයිසිකල් පදිමින් සිටි අතරයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
ඔහු එම ස්ථානයේ ඇද වැටීමෙන් පසු එහි සිටි පිරිස සමඟ කතා කිරීමට ද එක්ව තිබෙනවා.
පාපැදියේ පැඩලයේ ක්ලිප් එකකින් පාදය එළියට ගැනීමට තැත් කිරීමේදී තමාගේ සමබරතාවය නැති වූ බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
වැටීමෙන් සීරීම් හෝ තැලීම් කිසිවක් නොමැති බව ධවල මන්දිරයේ වාර්තාවක සඳහන්.
ජනාධිපතිවරයාට වෛද්‍ය ප්‍රතිකාර ද අවශ්‍ය නොමැති බවයි ධවල මන්දිර නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ.
"ජනාධිපතිවරයා තම පවුලේ අය සමඟ දවසේ ඉතිරි කාලය ගත කිරීමට බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස, Biden ගේ සෞඛ්‍යය නිරන්තර අවධානයට ලක්වන කරුණක්.