විවාහ චාරිත්‍රවලින් අනතුරුව මේ දෙන්නා තිරුපති වැඳ පුදාගන්නටත් ගොස් තිබුණා.
තිරිපති හි වීදිවල නයනතරා පාවහන් පැළඳ සිටින ඡායාරූපයක් පිටවීමත් සමඟ බොහෝ ආන්දෝලනයක් ඇති වී ඇති බව ඉන්දීය මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.
තිරුපති දේවස්ථානය මේ ක්‍රියාව හෙළා දැක ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විග්නේෂ් සමාව ඇයද තිබෙනවා.
නමුත් ඉන් නොනැවතී නයනතාරාට එරෙහිව තවත් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ මාමල්ලපුරම් ප්‍රදේශයේ මංගල උත්සවය පැවැත්වෙන අතර, වෙරළ කලාපය ඔවුන් විසින් අවහිර කිරීම නිසයි.
යම් රූගත කිරීමක් නිසා වෙරළට මහජනතාවට පැමිණීම තහනම් කරමින් නයනතාරා සහ සැමියා එහි රැඳි සිට ඇති බවත්, එය මානව හිමිකම් කඩවීමක් ලෙස ජාතික මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඉතින් නයනතාරාට මොනා වෙන්න යනවද කියලා අපි තවදුරටත් බලන් ඉමු..!
By සෑම්
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.