සිය පියාට එරෙහිව 16 හැවිරිදි පාසල් සිසුවෙකු පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. කැබිතිගොල්ලෑව - කණුගහවැව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකුයි ඊයේ දිනයේදී කැබිතිගොල්ලෑව පොලීසියට මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ.
තමාටත්, බාල සොහොයුරියන් දෙදෙනාට සහ බාල සොහොයුරන් දෙදෙනාටත් සිය පියා නිසි ලෙස නොසලකන බව පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.
මව විදේශගතව සිටින නිසා පාසල් අධ්‍යාපනය පවා අඩාල වී ඇති බවයි මෙම සිසුවා පැමිණිල්ල ගොනු කරමින් සදහන් කර ඇත්තේ. එමෙන්ම තම සහෝදර සහෝදරියන්ට නිසි ලෙස කෑම බීම පවා ලබා නොදීමට සිය පියා කටයුතු කරන බව ද එම පැමිණිල්ලෙන් සදහන් කර තිඛෙනවා.
මේ සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරියෙන් විමසීමකදී එහි සභාපතිනී නටාෂා බාලේන්ද්‍ර සඳහන් කළේ ළමයින්ට නිසි ආරක්ෂාවක් ලබා නොදෙන්නේ ඔවුන් පරිවාස භාරයට ගන්නා බවයි.
පසුගිය කාලය පුරා දෙමාපියන්ට නොසලකන දරුවන් ගැන රටපුරා කතාබහක් ඇති වුණු අතර මේ වන විට වාර්තා වන්නේ දරුවන්ට නොසලකන දෙමාපියන් පිළිබඳවයි.