ත්‍රී රෝද රථ දිනා ඇති බව පවසා රටපුරා ජනතාව මුලාවේ දමනා වංචනිකයෙකු පිළිබඳව තොරතුරු අපි ඊයේ හිරු ගොසිප් හරහා රටට හෙළිකළා. ඔහු තම වංචාව බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා නොබියව රණවිරු අධිකාරියේත්, ගජබා රෙජිමේන්තුවේද නම් භාවිතා කරයි. Hiru Gossip කළ මෙම අනාවරණයෙන් පසු ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා පැවසුවේ මෙම වංචාව මඟින් සිය රෙජිමේන්තුවේ කීර්තිනාමයට හානිවීම සම්බන්ධයෙන් ඊයේ දිනයේම අනුරාධපුර පොලිසියට පැමිණිලි කළ බවයි.
එසේනම් දැන් මෙම වංචාකරු සොයාගැනීමේ වගකීම ඇත්තේ පොලිසිය සතුවයි. වසර ගණනාවක් තිස්සේ සිදුකරගෙන ගිය මෙම වංචාවෙන් මේ වන විට ඔහු කෝටි ගණනක් උපයාගෙන හමාරයි.
එම නිසා නීතිය දෑස් දැන්වත් විවරවිය යුතුයි. මෙවැන්නවුන්ට තවදුරටත් රටතුළ රජයන්නට නීතිය විසින් ඉඩහසර ලබාදිය යුතු නැත. දුප්පත් අසරණ මිනිසුන් රවටා සිය බඩවඩාගන්නා මේවන් වංචනිකයින් නිදැල්ලේ හැසිරෙන්නේ නීතිය හැරිහැටි ක්‍රියාත්මක නොවන නිසාබව අපගේ හැගීමයි..
මේජර් ජනරාල් ලලිත් දවුලගල මහතා පැවසූ පරිදි අනුරාධපුර පොලිසිය ඊයේ පැමිණිල්ල භාරගෙන තිබේ. නමුත් මේ වනතුරුත් එම වංචනිකයා සිය සුපුරුදු වංචාවේ නිරතවන්නේ නීතියේ තොණ්ඩුව තවමත් ඔහුගේ ගෙළට නොවැටී ඇති නිසා නොවේද ?මෙම වංචනිකයාට ඔබත් හසුවී ඇත්නම් වහාම ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන්න..
වංචනිකයාට එරෙහිව අනුරාධපුර පොලිසියේ කළ පැමිණිල්ල.....

පහත දැක්වෙන්නේ ඔහු නැවතත් වංචාව සිදුකරන අයුරු දැක්වෙන හඬපටයකුයි