Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
06
වැඩකරන ජනතාවට විශ්‍රාම වැටුප අලුත් වෙන, EPF, ETF වෙනස්වෙන අගමැතිගේ විශේෂ ප්‍රකාශය - වීඩියෝ

- වැඩකරන ජනතාවට විශ්‍රාම වැටුප අලුත් වෙන, EPF, ETF වෙනස්වෙන අගමැතිගේ විශේෂ ප්‍රකාශය - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

ඉඩම් නැති අයට ඉඩම්,
කුලී ගෙවල් වල ඉන්න අයට ගෙවල්

රටේ අසනීපය නිට්ටාවටම සුවකර ගැනීමට තිත්ත බෙහෙතක් ලබාදීමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ  (05) ප්‍රකාශ කළා. ඒ, රජයේ ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්. මධ්‍ය කාලීන ඉලක්කයන් 5 ක් සපුරා ගැනීම මෙමඟින් අපේක්ෂිතයි.

රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහි කිරීම, ආදායම ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම, ජනතාවට දේපළ අයිතිය ලබාදීම සහ ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම ඊට අයත්. 2020 වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% දක්වා අඩු කෙරෙනු ඇති.  වක්‍ර බදු සහ සෘජු බදු ලබාගැනීමේ අනුපාතය 80% සහ 20% සිට, 60% සහ 40% දක්වා වෙනස් කිරීමටද නියමිතයි.  එමෙන්ම බදු සහන සහ නිදහස් කිරීම් අවම කෙරෙනවා.


එක් වරක් පමණක් අය කෙරෙන බදු මෙන්ම අතීතයට බලපාන බදු ද අත්හිටුවන අතර ශ්‍රී ලාංකිකයන් විදේශයන් හිදී උපයන ආදායම බදුවලින් නිදහස් කිරීමට නියමිතයි. සුපිරි වාසි බද්ද තවදුරටත් පවත්වාගෙන යන්නේ නැහැ.  අඩු බදු අය කරන රාජ්‍යයක් බවට පත්වීම රජයේ අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ.

ඉඩම් සන්තකය පැවරීමේ හා සීමා කිරීමේ පනතෙන් පනවා ඇති බදු, ලියාපදිංචි ආයෝජකයන්ට බල නොපාන ආකාරයට නීති සකස් කෙරෙනු ඇති.

දේශීය ව්‍යවසායකයින්ට 2016 සිට බදු සහන ලබාදීමටද නියමිතයි. රැකියා දස ලක්ෂයක ඉලක්කය වසර 05 ක් තුළදී සපුරා ගැනීමට සැලසුම් කර තිබෙනවා.  ආර්ථිකය ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, තරඟකාරී විදේශීය ආයතනයන්ට රට තුළ ආයෝජනය කිරීම දිරිමත් කෙරෙනු ඇති.

ලක්ෂ 30 කට ආසන්න ජනතාවකට සින්නක්කරවම නිවාස සහ දේපළ අයිතිය ලබාදෙන අතර වසර 10 කට වැඩි කාලයක් බලපත්‍රලාභී ඉඩම්වල සිටින ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට නියමිතයි.

රජයේ කුලී නිවාසවල වසර 10 කට වැඩි කාලයක් වාසය කරන්නන්ට නිවාසවල අයිතිය සින්නක්කරවම ලබාදෙනවා. වතුකයේ ලයින් කාමරවල වසර 10 කට වඩා වැඩි කාලයක් ජීවත් වන්නන්ට කුඩා ඉඩමක නිවාස අයිතිය ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. වසර 05 ක් තුළ නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම පාහේ විසඳනු ඇති.

 රජයේ පොදු ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ඒවායේ අයිතිය හිමි සීමාසහිත සමාගමක් ස්ථාපිත කරනු ඇති.

රාජ්‍ය ව්‍යවසායන්ට සම්බන්ධ නැති හෝටල් සහ ලංකා හොස්පිට්ල්ස් වැනි ආයතන කොටස් වෙළඳපොල හරහා විකුණා දැමීමට නියමිතයි.  මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ආදායම් ලබන ආයතන බවට පත්කිරීම සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකෙරෙනවා.

 සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක්කර ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල නමින් නව අරමුදලක් පිහිටුවන අතර විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇති. සේවක භාරකාර අරමුදලේ සහ විනිමය පාලනයේ වගකීම මහ බැංකුවෙන් ඉවත් කෙරෙනවා.

 ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර 2500 ක් ස්ථාපිත කෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. පූර්ණ බලැති ජාතික කෘෂි අලෙවි අධිකාරියක් මෙන්ම තේ කර්මාන්ත කමිටුවක්ද පිහිටුවනවා.  වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙන්ම පන්තියක ළමයින් සංඛ්‍යාව 35 ක උපරිමයකට යටත් කර ඩිජිටල්කරණය පාසලටද හඳුන්වාදීමට නියමිතයි.

දැනුම සහ කුසලතා මත පැනවුණු බදු ඉවත් කිරීමේ ආරම්භක පියවරක් ලෙස පොත් සහ ක්‍රීඩා භාණ්ඩ සඳහා පනවා ඇති බදු ඉවත් කෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top