"උද්දි අප්පා පෝ පෝ" කිවූ බට්ටිත්තී මතකද, මේ පුංචි කෙල්ලගේ නම තමයි Kim Sol Mae කියන්නේ . ඉතින් ඇගේ පුරවැසිභාවය අනුව ඇය උතුරු කොරියානු ජාතිකයෙක්. උතුරු කොරියානු ජනප්‍රිය ගීතයක් වන "උද්දි අප්පා පෝ පෝ" යන ගීතය ප්‍රේක්ෂක සංදර්ශනයක කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කරන විට ඇය ඉතා කුඩා වියේ පසු වූවා.
උතුරු කොරියානු භාෂාවෙන් Popo යන්නෙන් අදහස් කරන්නේ සිපගැනීමක් වන අතර මුළු ගීතයේම සදහන් වූයේ ඇය තම දෙමාපියන් දෙදෙනාගේ හාදුවලට ආදරය කරන ආකාරය නිරූපණය කිරීමයි.
ඇය තම මවට සහ තම පියාට කැමති කුමන කම්මුලටද යන්න ඇය නිරූපණය කළා. ඇය කුඩා කාලයේ කොතරම් ජනප්‍රිය ගායිකාවක් ද කිව්වොත් කිම් ජොන් උන් උතුරු කොරියානු ජනාධිපති එක්කත් ප්‍රේම සම්බන්ධයක් තිබ්බා කියලයි සඳහන් වුණේ, ඒ සම්බන්ධය කිම්ගේ බිරිඳ Ri Sol-ju දැන ගත්තේද මේ ගායිකාව ඔවුන් විවාහ වීමෙන් පසුව බොහෝ කාලයක් ගිය පසු රූපවාහිනි වැඩසටහනකට පැමිණ ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසුව කියලත් සඳහන් වෙනවා.
2014 වර්ෂයේ මාර්තු මාසේ තමයි මේ ගායිකාව ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉන් පසුව ඇය ගැන කිසිම තොරතුරක් වාර්තා වෙන්නේ නැති බවත් පැවසෙනවා. ඒ සිදුවීම හේතුවෙන් කිම් ජොන් උන්ගේ බිරිඳ රි සොල්-ජු අප්‍රසාදයට ලක් වුවා කියලත් පැවසෙනවා.
එම්. එම්. පී රණවීර