තම ශරීරයට ගිනි තබාගෙන මහමඟ ඇවිදිමින් ගිය පුද්ගලයෙකු පිළිබඳව පාකිස්ථානයේ මුල්ටාන් නගරයෙන් වාර්තා වෙනවා.
වයස අවු 24 ක් වූ ශබාෂ් අහමඩ් නම් මෙම පුද්ගලයා, ආදායම් බදු දෙපාර්ථමේන්තුව විසින් සිදුකරනුලැබූ අවනඩුවට එරෙහිව තමන්ට යුක්තිය ඉෂ්ථ නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පා මුල්ටාන් නගරය පුරා තම සිරුරට ගිනි තබාගගෙන ඇවිද ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙම පුද්ගලයාගේ උදවුවට බොහෝදෙනා පැමිණෙන ඔහු රොහල කරා ගෙනයන විටත් ඔහුගේ ශරීරයේ 80% පමණ පිලිස්සී ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසා ඇත. ඔහු දැනට මුල්තානයේ රෝහලක බරලතල තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙම සිදුවීමත් සමඟ පසුගිය මාර්තුමාසයේ පකිස්ථානයේ තරුණියක් දූශණයට ලක්කළ දෙදෙනෙකුට එරෙහිව පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධව පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා වයස 18 ක් වූ එම තරුණියද අදාල පොලීසිය ඉදිරිපිට ගිණි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.