Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
23
''එක පිරිමි ළමයෙක් මාව බදාගෙන එයාට මාව එයාලගේ ගෙදර එක්කගෙන යන්න ඕන කිව්වා'' - දිනිති වල්ගම

- ''එක පිරිමි ළමයෙක් මාව බදාගෙන එයාට මාව එයාලගේ ගෙදර එක්කගෙන යන්න ඕන කිව්වා'' - දිනිති වල්ගමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views

දිනිති වල්ගමගේ කියන්නේ වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. 
 
ඒ වගේම ටෙලි නාට්‍යය නිළියකුත් වන දිනිති පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා.


දිනිති එකදිගට ටෙලිනාට්‍ය තුනක රඟපාද්දී ගුවන් සේවිකාවක් විදිහට සේවය කරන්නත් කාලය තියෙනවාද?
 
හිත ඇත්නම් පත කුඩාද… ඒ හැමදේම මම කරන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා මට කාල කළමනාකරණය කරන්න පුළුවන්. මම පැන්ඩෙක් වගේ නිදාගන්නේ නැහැ. ඇත්තටම මම නිදාගන්නවා අඩුයි. වැඩක් තියෙද්දී මම මූලික තැන දෙන්නේ ඒකටයි. පහුගිය කාලයේදී මට ආයතනයෙන් නිවාඩුත් ලැබුණා ඒ අතරේ. මම ගොඩක් වැඩ කරගත්තා. ආසාවෙන් කරනවා නම් ඕනෑම දෙයක් කරන්න ලේසියි.
 
අද දිනිති ක්ෂේත්‍ර දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. පුංචි කාලේ හීන දැක්කෙත් ගුවන් සේවිකාවක්, නිළියක් වෙන්නද..?
 
නැහැ. මට පුංචිකාලේ ලෝකය දකින්නයි ඕනවුණේ. මගේ හීනය වෙලා තිබුණේ ඒකම විතරයි. ඒක මට හැබෑ කරගන්න ගුවන්සේවිකාවක් වෙන්න. ගුවන් නියමුවරියක් වෙන්න ඕනවුණේ නැහැ.කොහොම හරි ලෝකය වටේ යන්නයි ඕනවුණේ. ඉස්සර වෙන රටවල්වල ඉඳන් එන අය එයාලා ගෙනත් දෙන තෑගි, එයාලා ඒ රටවල් ගැන කියන දේවල් නිසා මට ඒ ආසාව ඇතිවුණා. අනෙක පිටරටවල්වල ඉඳන් ගේන තෑගිවලත් ඒ කාලේ හරි අපූරු සුවඳක් තිබුණනේ. ඉතින් ඒ හැමදේම නිසාම ලෝකය බලන්න මම ආස කළා. ඉතින් ලොකු වෙද්දී ඒ හීනය දකින්න නම් සල්ලිත් ඕනේ කියලා මට තේරුණා. ඒ නිසා ලෝකයත් පෙන්නලා සල්ලිත් දෙන රස්සාවකට තිබුණ මේ රස්සාව අන්තිමේදී මම තෝරාගත්තා.
 
දිනිතිගේ පවුලේ ඉන්නේ කවුද..?
 
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ලොකු අම්මයි, අයියලා දෙන්නයි.
 
අයියලා දෙන්නයි, දිනිතියි ගතකරපු ඒ ළමා කාලය ආයෙත් මතක් කළොත්..?
 
ඇත්තටම ඒ ළමා කාලයේදී මට සමහර වෙලාවට මම කෙල්ලෙක් කියලා මටම අමතක වුණා. ඒ තරමටම මම ඒ කාලේ කොල්ලා වගෙයි. මම සෙල්ලම් කළේ මගේ අයියලා එක්කයි. මගේ පොඩි අයියා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. අයියලාගේ යාළුවන්ට වුණත් මම නංගි කෙනෙක් වගේ දැනුණේ නැහැ.එයාලටත් මාව තවත් එක කොල්ලෙක් වගෙයි මාත් එක්ක සෙල්ලම් කළේ. මගේ ගම ගාල්ලේ. හැබැයි අපේ ගෙදර තියෙන්නේ ගාල්ලේ ටවුමෙමයි. ඒ නිසා ගාල්ලේ තිබුණ ගැමි පරිසරය ලොකුවට අත්විඳින්න මට ඉඩ ලැබුණේ නැහැ. හැමවෙලේම ගාල්ලට ආපු සංචාරකයින්, වේගයෙන් යන වාහන තමයි මම දැක්කේ.
 
දිනිති ඉගෙන ගත්තේ?
 
මම ඉගෙන ගත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා පාසැලෙයි. පාසැලේදීත් මම හරිම දඟයි. හැම බාහිර ක්‍රියාකාරකමකටම සහභාගි වුණා. මම පාසැලේ ශිෂ්‍ය නායිකාවක්. සංගීත කණ්ඩායමේ නායිකාව. නැටුම් කළා. නාට්‍ය කළා. විද්‍යා සංගමයේ උප සභාපති. හැම දෙයකටම සම්බන්ධ වුණා. කලාව වගේම විද්‍යාවටත් මගේ හැකියාවන් තිබුණා. මගේ අම්මා ගණිත ගුරුවරියක්. තාත්තා ගුරු උපදේශකවරයෙක්.
 
ඒ නිසා බාහිර ක්‍රියාකාරකම්වලට වගේම මම අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන ගියා. මම ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත්වුණා… සාමාන්‍ය පෙළ විභාගයට A අටක් ලබාගත්තා. උසස් පෙළත් හොඳින්ම සමත්වුණා.
 
මට ශිෂ්‍යත්වයක් ලැබිලා ඉන්දියාවට ගියා. ඉගෙන ගන්න කියලා ගෙදරින් මට ලොකුවට බලපෑම් කළෙත් නැහැ. ගෙදර හැමෝම ගුරුවරු ගෙදර ඉගෙනගන්න ඒවා ඇහුණා. ගෙදරදි වැඩිපුරම පොත්පත් දැක්කේ. ඒ නිසාම මම ඉගෙන ගත්තා. මට තාම මතකයි මට සාමාන්‍ය පෙළට ඉගැන්නුවෙත් මගේම නෑදෑයෝ. මගේ Subject එකට A එකක් තිබුණොත් ඇති කියලා ඒ අය කිව්වට මට අටදෙනාම කිව්වේ එකම දේ නිසා A අටක්ම ගත්තත් මට පුළුවන් වුණා. මගේ මුළු පරම්පරාවම ගුරු පරම්පරාවන්.
 
ඉන්දියාවේ ගතකරපු ජීවිතේ ගැන මතක් කළොත්?
 
ඉන්දියාවේ ඉගෙන ගන්න ලංකාවේ දොළොස් දෙනෙකුට රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. මට ලංකාවේ විශ්වවිද්‍යාලයට යන්න පොඩි ලකුණු සංඛ්‍යාවක් මදි වුණා. ඒ වෙනකොට මම Online කරපු විභාගවලින් සහතික අටක් තිබුණා. ඒකෙන් තමයි මට ඉන්දියාවට යන්න ශිෂ්‍යත්වය ලැබුණේ.
 
මම ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයේ අවුරුදු තුනක් ඉගෙන ගත්තා. අවුරුදු තුනකට පස්සේ 1st Class උපාධියත් අරගෙන මම ලංකාවට ආවා. පුංචි කාලයක් මම සහකාර කථිකාචාර්යවරියක් විදියට ලංකාවේ සේවය කළා. හැබැයි ඒක මට ගැලපෙන්නෙම නැහැ කියලා මටම තේරුණා. ඒ නිසා මම ඒකෙන් අයින් වුණා.
 
 
ගුවන් යානයේදී ඔයාව හඳුනගෙන කතාකරන අය ඉන්නව නේද?
 
මාස්ක් එකත් දාලා, Face Shield එකත් දාලත් මිනිස්සු මාව අඳුරගන්නවා. ඒ අය &මේ ගුවන් යානයේ දිනිති ඇති කියලා හිතාගෙනයිලු ඉන්නේ. ඒ නිසා දැක්ක ගමන් මාව හඳුනගෙන කතාකරන අය ඕනතරම් ඉන්නවා. ඒ ආදරය හරි සුවිශේෂියි. එයාලා හිතේ තියාගෙන එන රෑපය දැක්ක ගමන් හඳුනා ගන්නවා.
 
ඒ වගේ ආදරණීය මිනිසුන්ගෙන් ලැබුණ අමතක නොවුණ මතකයක් මතක් කළොත්?
 
එකවතාවක් මෙල්බන් එයාර්පෝට් එකේදී එක පිරිමි ළමයෙක් මාව බදාගෙන එයාට මාව එයාලගේ ගෙදර එක්කගෙන යන්න ඕන කිව්වා. ඒක මට අමතක වෙන්නේ නැහැ.
 
දිනිතිගේ ප්‍රථම ප්‍රේමය පාසැල් ප්‍රේමයක්ද?
 
මම ඉස්සර Tom Boy කෙනෙක් වගේනේ. ඒ නිසා මට එහෙම කොල්ලෝ ගැන අදාලම නැහැ. මට අයියල දෙන්නෙක් හිටියනේ.ඒ නිසා මගෙන් අහන්න සමහරු බයවුණා. කොල්ලෙක් මගේ දිහා බලන්නත් බයයි. ගුටිකන්න වෙන නිසා. එහෙම ගුටිකාලත් තියෙනවා. මගෙනුත් අනවශ්‍ය දේවල්වලට ආපු කොල්ලේ කිහිප දෙනෙකුත් ගුටිකාලා තියෙනවා. මගේ හිතට දැනුණු ප්‍රේමයක් තිබුණා. නමුත් අද ඒක නැහැ. දැන්නම් මම පෙම්වතියක් නෙමෙයි. ඒක මේ කාලයේදී ගන්න හරි අමාරුයි. මේ කාලයේදී ගෙවන්නේ හරි කාර්යබහුල කාලයක්. ඒ කාලයේදී එවැනි ආදරයක් පටන් ගත්තොත් ඒ කෙනා පව්. මට එයාට කාලය දෙන්න බැරිවුණාම ඒක එයාට දුකක් වේවි. ඒ නිසා මේ වෙද්දී මම නම් පෙම්වතියක් නෙමේ.
 
ඊළඟට තිබෙන බලාපොරොත්තු?
 
මම කිසිම දාක ටාගට්වලට ගිය කෙනෙක් නෙවේ. අද දවස ජීවිතේ විඳින්නයි මට ඕනේ. මම ඊයේ වෙච්චි දේ ගැන දුක් වෙන්නේවත්, දැකලා නැති හෙට ගැන හිතන්නේවත් නැහැ. අද දවස ලැබුණ තෑග්ගක්. ඒ අද දවසට මම ආසයි. ඒ දවස සතුටින් ඉන්නයි මට ඕනේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top