මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු එම ජලාශයේ ගිලී මරණයට පත්වී තිබෙනවා.
මස්කෙළිය කුයින්ස්ලන් වතුයායේ පදිංචි මෙම තරුණයන් දෙදෙනා සෙල්ලම් කිරීමට යන බව පවසා උදෑසන 9 ට පමණ නිවසෙන් පිටත්වී පදිංචි නිවසට මදක් නුදුරින්වූ මාවුස්සාකැලේ ජලාශයේ ඩැනියන් වත්ත ප්‍රදේශයෙන් ජලාශයට දිය නෑමට ගොස් තිබෙනවා.
එක් තරුණයෙක් ජලාශයේ ගිලෙනවාත් සමගම ඔහුව බේරාගැනීමට අනෙක් තරුණයා උත්සාහ කිරීමේදී දෙදෙනාම ජලාශයේ ගිලී ඇති බවයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පවසන්නේ.
එම අනතුරින් මියගොස් ඇත්තේ රාජේන්ද්‍රන් යෝගේෂ්වරන් (අවු.19) සහ විජේරත්නම් ක්‍රිෂ්ණසේන කුමාර් (අවු.17) යන දෙදෙනායි.