Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
03
කැම්පස් පෙම අතහැර වෙනත් අයෙක් බැන්ද සිසුවිය කාමරේකට එක්ක ගිහින් අතවර කර ෆොටෝ ගැසූ කළින් පෙම්වතා

- කැම්පස් පෙම අතහැර වෙනත් අයෙක් බැන්ද සිසුවිය කාමරේකට එක්ක ගිහින් අතවර කර ෆොටෝ ගැසූ කළින් පෙම්වතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

ගත්ත ෆොටෝ ෆේස්බුක් එකෙත් දාලා ?

රජරට කැම්පස් එකේ වෛද්‍ය සිසුවියක් බලහත්කාරයෙන් නිරුවත් කර ඡායාරූප ගෙන එසේ ලබාගත් ඡායාරූප අන්තර්ජාලට එක්කිරීම හා ඒ තුළින් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේම සිසුවෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එසේම ඔහු අගෝස්තු 07 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පෙරේදා නියෝග කර ඇති බවට වාර්තා වේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ශිෂ්‍යාව රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුවයි. මෙම සිදුවීමට  මුහුණදුන් තරුණිය සරසවියේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් බවත් ඇය විසින් ඉහත කී එම විශ්ව විද්‍යාලයේම සිසුවා සමඟින් 2013 වසරේදී ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.



කෙසේ නමුත් කළත් ගතවෙත්ම විවිධ නොගැළපීම් මෙන්ම දෙමාපියන්ගේ වෙනත් මංගල යෝජනාවක් නිසා ඇය 2015 වසරේ ජනවාරි වෙනත් අයෙක් සමඟින් විවාහ ගිවිසගෙන ඇත. මෙම සිසුවිය ඇයගේ ආධුනිකත්ව පුහුණුව අනුරාධපුර මහ රෝහලේ සිදු කරන කාලයේදී දිනක් මෙම සැකකරු අනුරාධපුර රෝහල අසලට පැමිණ ඇයව බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන අනුරාධපුර ප්‍රදේශයේම පිහිටි හෝටලයක කාමරයක් වෙත රැගෙන ගොස් ඇයට එහි දී පහරදී තර්ජනය කර බිය වද්දා ඇය නිරුවත් කර ඡායාරූප ලබාගෙන ඇත.
පසුව ඇය සමඟ විවිධ ලිංගික ක්‍රියාකාරකම් සැකකරු විසින් සිදු කරන ළද බව පැමිණිල්ලේ සඳහන් කර ඇති බවට වාර්තා වේ.

මෙසේ ඇයගේ නිරුවත් ඡායාරූප ගත් සිසුවා අප්‍රේල් මාසයේ දිනක E mail මඟින් එම ඡායාරූප සිසුවියට යවා ඇති අතර විවාහ ගිවිසගත් පුද්ගලයාව ඇතහැර තමන් සමඟ ලිංගික කටයුතු පවත්වාගෙන යන ලෙසට තර්ජනය කර ඇති බවට වාර්තා වේ. එයට අකමැති වුනහොත් කාමරයේදී ලබාගත් ඡායාරූප ෆේස්බුක් ඔස්සේ පළකරන බවටද තර්ජනය කර ඇත.

මෙසේ ෆේස්බුක් එකට බෙදා හැරීම සඳහා සැකකරු විසින් සිසුවියගේ නිරුවත් ඡායාරූප - වෛද්‍ය ශිෂ්‍යාවක් වශයෙන් සිටින ඡායාරූප හා තවත් ඡායාරූප කිහිපයක එකතුවකින් දැන්වීමක් නිර්මාණය කර, එය ප්‍රචාරය කිරීම පිළිබඳ ලබා ගන්නා ලද පරිගණක පිටපත් පැමිණිලිකාරිය විසින් ඇයගේ පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර තිබෙන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට යොමුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වූ බව රහස් පොලිසිය දන්වා සිටි අතර තරුණිය පහර දීමෙන් අසරණව හඬමින් සිටින අවස්ථාවල හා සිහිසුන්ව නිරුවතින් හෝටල් කාමරය තුළ වැටී සිටින අවස්ථාවලදී, සැකකරු විසින් ලබා ගන්නා ලද ඡායාරූප විද්‍යුත් තැපෑල මඟින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගත් බවද රහස් පොලිසිය දන්වා ඇති බවට වාර්තා වේ.

සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී, එම අපරාධයට යොදාගත් ඩිජිටල් කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකතනයක්, දත්ත බහාලන උපකරණයක් අත්අඩංගුවට ගත් බව දන්වා සිටි රහස් පොලිසිය, සැකකරු මෙසේ රැගෙන ගොස් ඡායාරූප ගත් ස්ථානයන් හා පුරුද්දක් ලෙස කාන්තාවන් මෙසේ ක්‍රියාකාරකම් සඳහා යොදවා ගත්තේද? යන්න සම්බන්ධයෙන් ද, පරිගණක නිර්මාණ සිදු කිරීම සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන සිදු කරන බවට වාර්තා වේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top