පසුගිය 29 වැනිදා මහරගම ප්‍රදේශයේ අවන්හලක් තුල අලුයම 4.15 ට පමණ තියුණු ආයුධයකින් පහර දීමෙන් සිදුවූ ඉන්දික රත්නායක නැමති රංගන ශිල්පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඊයේ බදුල්ල පොලිසිය කටයුතු කලා.
මෙසේ අත්අඩංගුවට ගැනීමට ලක්වුණේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ මහනුවර ප්‍රදේශයේ කාන්තාවක්.
මෙම සැකකරු මීට පෙරද පොලිසියට අවශ්‍යව සිටි, බදුල්ල සහ බණ්ඩාරගම මහේස්ත්‍රාත් අධිකරණ වලින් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කල පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව ටෙලි නාට්‍ය නිළියක් සහ නිරුපිකාවක් බවත් එම අවස්ථාවේ ඇය සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 100 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසනවා.