Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
වයෝවෘද්ධ පියා ඇතුළු පවුලේ සියලුම දෙනා ඝාතනය කර, දියණියව රංචු ගැසී කෙළෙසූ මෙරට ඉතිහාසයේ අමානුෂිකම ඝාතන සිද්ධිය යළි කරළියට - Photos

- වයෝවෘද්ධ පියා ඇතුළු පවුලේ සියලුම දෙනා ඝාතනය කර, දියණියව රංචු ගැසී කෙළෙසූ මෙරට ඉතිහාසයේ අමානුෂිකම ඝාතන සිද්ධිය යළි කරළියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views

අසාධ්යව සිටි විශ්වවිද්යාල දියණියත් මරා දාලා
ඇයගේ සිරුර නිවසේ දොරේ සොයිබයේ එල්ලුවා...
 
ශ්රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන ඇත්තේ මෙකී නඩුවටයි !
 
පරිවේෂණාත්මක සාක්ෂි හා විද්යාත්මක සාක්ෂි මත පදනම්ව පසුගිය දශක තුනක කාලයක් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න නම් වූ ඔහු ලංකාවේ මෙතෙක් ආන්දෝලනයකට තුඩු දුන් නඩු බොහෝමයක රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ හිටපු ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකි.


තවත් විටක ඔහු ජූරි සභාව ඇමතීමේ විශිෂ්ටයකු විය. මිරුසුවිල් නඩුව, ඇඹිලිපිටිය සිසු ඝාතනය, කොබෙයිගනේ අවුරුදු කුමාරි ඝාතනය, රගර් ක්රීඩක ටෝනි මාටින් ඝාතනය, හෝකන්දර සය පුද්ගල ඝාතනය, බටලන්ද කොමිසම, විනිසුරු සරත් අඹේපිටිය, කටුනේරිය ප්රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතන වැනි රට හෙල්ලූ නඩු වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය විශිෂ්ටය.
 
අද සිට සිළුමිණ ඔබ වෙත ගෙන එන්නේ හිටපු ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නගේ ඒ මතකාවර්ජනයයි.
 
ඒ අමිහිරි අතීතය දිව යන්නේ මින් වසර 22 කට ඈතිනි. මේ වන විට හෝකන්දර ප්රදේශයේ පැවැති බිහිසුණු වාතාවරණය බොහෝ දෙනෙකු තුළ ජනිත කරවූයේ මහා මූසල නිහැඩියාවකි.
 
1999 පෙබරවාරි 10 වනදා මුළු රටක්ම කම්පාවෙන් සහ භීතියෙන් ඇළලෙමින් බිහිසුණු අපරාධයක් සිදුවන්නේ හෝකන්දර අමරගොඩ ප්රදේශයෙනි. ඒ එකම පවුලේ සය දෙනෙකු මහ පොළොව නුහුලන අමානුෂික අන්දමින් ඝාතනය කිරිම නිසාවෙනි. අදටත් බොහෝ දෙනෙකුගේ සිත් සතන්වලින් වියැකි නොගිය මේ අමිහිරි අතීතය නිසාවෙන් අමරගොඩ, මරණගොඩ නමින් කාලයක් ප්රසිද්ධ විය.
 
මේ මරණ සය ඇසින් දුටු එක් පුද්ගලයකුගේ සාක්ෂි මත මෙන්ම ඇගිලි සලකුණු හා DNA තාක්ෂණය ද භාවිත කරමින් ගරු ශ්රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය විසින් ලබා දුන් මරණීය දණ්ඩනය යළි තහවුරු කළේ මෙහි සැකකරුවන් සතර දෙනෙකු පෝරකයට යවමිනි. ලංකාවේ ප්රථම වරට DNA තාක්ෂණය අධිකරණ ක්රියාවලියේදී සාර්ථකව යොදා ගත් මුල්ම අවස්ථාව මෙය වන්නේය. මෙම නඩුවේ විද්යාත්මක සාක්ෂි මෙහෙය වූයේ රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ එවකට ජ්යෙෂ්ඨ අධිනීතීඥයතු වූ ්ජනාධිපති නීතීඥ ජනරාල් සරත් ජයමාන්නය.
 
හෝකන්දර අමරගොඩ භීතියෙන් කැලඹෙන්නේ 1999 පෙබරවාරි 10 වැනිදාය. ඒ හෝකන්දර අමරගොඩ පදිංචි වෙද මහතකු වු විතානගේ ලලනදාස හා ඔවුන් සමඟ දැඩි වෛරයෙන් පසු වූ අමරදාස පවුල අතර කාලයක සිට තිබූ දැඩි පළි ගැනීමේ චේතනාව නිසාය.
 
ගමේ විශාල ඉඩම් ප්රමානයක් හිමිව සිටි ලලනදාස ගෞරවාන්විතව ජිවත් වූ වැදගත් පවුලකි. ඔහුගේ බිරිඳ කොලුරගේ සිරියාවතී වන අතර දියණියන් සහ එකම පුතා පිළිවෙලින් ගිණුම් ලිපිකාරියක් වූ චන්ද්රා ප්රියංගනී, ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වාණිජ පීඨයේ චිත්රා දයංගනී, ගණකාධිකරණ පාඨමාලාවක් හැදෑරූ නයනා දමයන්ති සහ කාර්මික ශිල්පියකු වූ නිස්සංක වෙයි. ගෞරවාන්විතව ජිවත් වුවද ලලනදාස පවුල ගම්මුන් සමඟ එතරම් හිතවත්කමක් නොතිබුණි.
 
ඉහත ලලනදාස හා අමරදාස පවුල් දෙකේ විරසකය කාලාන්තරයක් තිස්සේ පැවතෙන්නකි. ඒ මෙම නඩුවේ ප්රධාන චුදිතයින් ලලනදාසගේ නිවසේ ගස්වල ගෙඩි හොරෙන් කැඩීම එක් සිදුවීමකි. අමරදාස ගමේ බලවත් මුදලාලි කෙනෙකි. වතුර කාණුවක් කැපීම, අමරදාසගේ පුත් සංජීව ඇතුළු යහළුවන් ලලනදාසගේ දියණියන්ට අයුතු යෝජනා කිරීම මේ විරසකයට හේතු විය. ඝාතනයට මසකට පෙර මෙම චූදිතයින් සිය මිතුරන් හා එක්ව හෝකන්දර පවුලට පහර දී තිබුණි. මෙයට හෝමාගම අධිකරණයේ නඩුවක්ද පැවරිනි.
 
පෙබරවාරි 10 වැනිදා මෙම නඩුව අධිකරණය විසින් කැඳවා තිබුණු අතර සාක්ෂී දීමට සිරියාවති හා චන්ද්රා නම් වූ වැඩිමහල් දියණිය ගියද සංජිව හෙවත් උක්කුවා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අමරදාස හා ගයාන් සුරංග පෙනි සිට ඇත. එහෙයින් මෙදින දහවල් කාලයේ නිවසේ සිටියේ ලලනදාස සමඟ මද්දුම දියණිය පමණි. මේ මිනිමැරුමට දායක වන්නේ අමරදාසගේ සේවකයකු වූ 19 හැවිරිදි සංජීව නොහොත් “උක්කුවා” (1 වන චුදිත), අමරදාසගේ පුතා වන 17 හැවිරිදි ගයාන් සුරංග (4 වන චුදිත) සහ මෙම දෙපලගේම යහලුවන් දෙදෙනෙක් වන 25 හැවිරිදි සම්පත්සිරි නන්දන හා 21 හැවිරිදි මහින්ද සිරිවර්ධන( 2 වන සහ 3 වන චුදිතයින්) ය. සිද්ධිය වූදා මොවුන් සවස 2 සිට රාත්රි 8 දක්වා මේ ඝාතන වැල සිදු කරන්නේ නිවැසියන් විවිධ වේලාවන්හිදි නිවසට පැමිණිම නිසාවනි.
 
මහ පොළොව නුහුලන පරිදි මේ අපරාධ වැල සිදු වන්නේ ඉතා සැහැසි අයුරිනි. මුලින්ම වයෝවෘද්ධ පියාව ඝාතනය කරන්නනේ පස්වරු 2 ට වන අතර ඒ බෙල්ලට ලණුවක් දමා ගෙල සිර කිරීමෙනි. නමුත් දෙවැනි දියණිය නොමැරවූ අතර ඇයව වෙනමම කාමරයකට ගෙන ගොස් 1,2 හා 3 වැනි සැකකරුවෝ ඇයව දූෂණය කළහ. 4 වැනි සැකකරු ඇයව දුෂණයට ගොස් නවතින්නේ ඒ මොහොතේ අමරදාස මේ නිවසේ වත්තට පැමිණිම නිසාවෙන් බව මෙම නඩුවේ සාක්ෂිකරු වන ජොන්ටි නැමැත්තාගේ සාක්ෂියේ සඳහන්ය. ඉන් අනතුරුව පැය දෙකකට පමණ පසු අධිකරණයට ගොස් නිවසට පැමිණෙමින් සිටි මව හා වැඩිමහල් දියණිය මරා දමන්නට මොවුන් කටයුතු කරන්නේ ගෙල කපා මරා දැමීමෙනි. මෙම චුදිතයින් විවිධ අවස්ථාවල මරණ සිදුකර නිවස පිටුපසින් වූ වෙල්යාය දිගේ අවස්ථා ගණනාකවදි හෝකන්දර ටවුමට යන අතර එය අසල්වැසියන්ද දැක ඇත. යළිත් නිවසට පැමිණි සැකකරුවන් ඊට පැයකට පමණ පසු කුස්සියේ සිට නිවසට ඇතුළුවෙමින් සිටි බාලම දියණිය මරා දමන්නේ වැසිකිළිය ආසන්නයේදීය.

මේ අතර මෙතෙක් වේලා සමුහ දූෂණය කර නිවසේ අසධ්
යව සිටි විශ්වවිද්යාල දියණියද මරා දමන අතර ඇයගේ සිරුර නිවසේ දොරේ වූ සොයිබයේ එල්ලූහ. මේ සිරුරු ආසන්නයේ රුධිරය, කොන්ඩම් එකක්, හිස් සිගරට් පැකට්ටුවක් හා සිගරට් අළු පසුව සාක්ෂි වශයෙන් සොයා ගත්තේය. අනතුරුව සහසිකයින් පිහි අමෝරාගෙන සිටියේ රාත්රී 8 ට පමණ නිවසට පැමිණෙන එකම පිරිමි දරුවා මරන්නටය. එයද ඔවුන් ඉටු කර ගන්නේ තරමක් අසීරුවෙනි. නිවසින් මීටර් 30 ක් දුරින් මරා දමා තිබු මඩ තැවරී තිබූ ඇඳුම් සහිත නිශ්ශංකගේ සිරුර සොයා ගත්තේ පාන්දර යාමයේ වන අතර ඊට යාබද ලේ හා මඩ තැවරි තිබු කිතුල් පොල්ලක්ද පසුව සොයා ගත්තේය. ඔහුගේ සිරුරට මදක් එහායින් අමරදාස පණ අදිමින් සිටි අතර නිශ්ශංක ඔහු මරාගෙන මැරෙන්නට ඇතැයි මෙයින් අනුමාන විය. කෙසේ වෙතත් මේ සිදුවීම් පෙළ අවසානයේදි අමරදාසද මිය ගියේය.
 
මෙම අමානුෂික ඝාතනය තලංගම පොලිස් හදිසි ඇමැතුම් අංශයට වාර්තා වන්නේ අහඹු ලෙසය.
 
තලංගම පොලිස් ස්ථානයට රාත්රී 8.30 ට ලැබෙන මෙම ඇමතුමෙන් අනතුරුව අදාල ස්ථානයට ළඟා වන්නේ රාත්රී 11 ට පමණය.
 
ජනයා ගැවසෙන තැනක වුවද සය දෙනෙකු ඝාතනය වෙද්දි අසල්වැසියන් ට කණ නොවැකුණේ මන්ද?යන්න මෙහිදි මතු වූ ප්රබල තර්කයකි. අනතුරක සේයාවක් දැනි දැනී ඔවුහු කරබා ගෙන සිටියාද? හෝකන්දර සමුහ ඝාතනය සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂියට අසල්වැසියන් කිහිප දෙනෙකුද කැඳවනු ලැබිය. ඔවුන්ගේ සාක්ෂිවලින් කියවූයේ මෙම නිවසේ වැසියන් සාමාන්යයෙන් ගොම්මන් වේලාව වන විටත් විදුලි පහන් දැල්වීම සිරිතක්ව පැවැතියද, එදින රාත්රී 7-8 වන තෙක්ම විදුලි පහන් දැල්ව නොතිබුණු බවකි.
 
එසේම තවත් සාක්ෂියකින් කියවූයේ මෙම නිවසේ හරකුන් සාමාන්ය දිනවල දහවල් කාලයේදි ලිහා දමන බවත් ගොම්මන් වේලාවට ගාල් කරන බවත්ය. නමුත් එදින ගොම්මන් වේලාවේදීද හරකුන් වත්තේ එහා මෙහි ඇවිඳිමින් ‘උම්බෑ‘ කියමින් සිටි බවත්ය. ගොම්මන් වෙලාවේදි බල්ලන් බුරන හඩද අසල්වැසියන්ට ශ්රවණය විය. හරකුන්ගේ මෙන්ම බල්ලන්ගේ මෙම අසාමාන්ය කෑගැසීමෙන් අනාවරණය වූ පරිවේෂණීය සාක්ෂිවලින් ඔප්පු වූයේ ඒ වන විටත් මෙම නිවැසියන් ජීවතුන් අතර නොවීමත් අපරාධකාරයන් නිවසේ සැඟවි සිටීමත්ය. මේ සිදුවීම් සියල්ල අවසන් වන්නේ මිනිමැරුම් හයකින් මා අමරදාසගේ මරණයෙන් කෙළවර වීමෙනි. මේ ඝාතන වැලේ පැමිණිල්ල වෙනුවෙන් මරණ ඇසින් දුටු හොඳම සාක්ෂිය වූයේ ජොන්ටි ය. ඔහුගේ නියම නම ඩබ්ලිව්. ඩබ්ලිව් ජයන්තය. එහෙත් අතුරුදහන් වූ ඔහු දින දෙක තුනකට පසු හසු වන්නේය.
 
ඔහු 4 වැනි චූදිත වන අමරදාසගේ පුතාගේ හොඳම මිතුරාය. ජොන්ටිගේ සාක්ෂිය වූයේ 4 වැනි චූදිතගේ පෙරැත්තය මත විටින් විට එම නිවසට ගියද තමන් එයට සම්බන්ධ නොමැති බවය. ඔහු නිවැසියන් මරා දැමු හැටි කාල වේලා සහිතව දුන් සාක්ෂි අසල්වැසියන්ගේ පරිවේෂණිය සාක්ෂි සමඟ හොඳින්ම ගැළපෙන්නට විය.
 
ජොන්ටි එදින අවස්ථා තුනකදි ලලනදසගේ නිවසට ගිය අතර මුල්වරට සවස 2 ට පමණ ඔහු යන්නේ ගයාන් සමඟය. ඒ වන විට ඔහු දැක ඇත්තේ ලලනදාසගේ හා නයනාගේ මල සිරුරු දෙක පමණි. මේ අවස්ථාවේ 1,2 හා 3 වැනි චූදිතයින් නිවසේ සිටි බව ඔහු හඳුනා ගෙන තිබුණි.
 
එදින දෙවැනි වරට ඔහු යන්නේ සවස 3.30 ටය. ඒ යන විට ඔහු තවත් මල සිරුරු දෙකක් දකින අතර ඒ සිරියාවති හා චන්ද්රාගේය. තුන්වැනි වතාවේ ඔහු නැවතත් ගයාන් සමඟ යන්නේ සවස 6 ටය. එහිදි ඉහත චුදිතයින් විසින් විට විට චිත්රා දයාංගනි කාමරයේ ඇඳක ගැට ගසා දුෂණය කරනු දැක ඇති අතර ජොන්ටි පවසන පරිදි දූෂණයට ලක්වන අවස්ථාවේ ඇය ජිවතුන් අතර සිට ඇති බවයි. මේ අනුව ජොන්ටි පුද්ගල මරණ සිදුකරවා දැක නැති අතර දුෂණ සිදුවීම් දැක ඇති බව අවබෝධ විය.
 
හෝකන්දර නඩුවේ අපරාධකාරයින් නිවස තුළ පැය ගණනාවක් රැඳි සිට ඇති අතර ඔවුන් එහි තිබු Celebration වර්ගයේ බිස්කට් ටින් එකක් කඩා කා මේ අවස්ථාව සමරා කර ඇත.
 
කෙසේ වෙතත් එහි 2 වැනි චූදිතගේ ඇඟිලි සලකුණු තිබී හමු වී ඇත. මේ පිළිබඳ විමසීමේදී චූදිතගේ ස්ථාවරය වූයේ අපරාධය සිදුවී දවස් ගණනකට පසු පොලීසිය තමන් අත් අඩංගුවට ගත් බවත්, එහිදී බිස්කට් ටින් එක තමන්ගේ හිස මත තබා අල්ලා ගෙන සිටිමට නියෝග දුන් බවත්ය. එයින් කියවූයේ පොලීසිය විසින් බලහත්කාරයෙන් තමන්ගේ ඇඟිලි සලකුණු ටින් එක මත තැබූ බවය. ලැබි තිබෙන සාක්ෂි අනුව අධිකරණය මෙහි සම්භාවිතාව සොයා බැලීය. මෙහිදි ඇඟිලි සටහන් රෙජිස්ටාර්වරයාගේ සාක්ෂියට අනුව එම ස්ථාවරය ගැලපුණේ නැත. අනික් අතට පොලීසියට අවශ්ය වූයේ නම් මොහුගේ පමණක් නොව අනික් අයගේ ඇඟිලි සටහන්ද එසේ වැද්දවීමට හැකියාව තිබූ අතර එසේ සිදුවූයේ නැත. නමුත් නඩුව විභාග වෙද්දි එම බිස්කට් ටින් එක අතුරුදහන් විය. මේ පිළිබඳව දෙපිරිස අතර දෝෂාරෝපනද විය.
 
මෙම නඩුව මුලික විමර්ෂණ සඳහා මුලින්ම යන්නේ කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයටය. මෙහි මුලික පර්යේෂණ මහේස්ත්රාත් අධිකරණයේ නොපැවැත්වු අතර නඩු විභාගය කල්යැම නිසා පර්යේෂණ අතහැර කොළඹ මහාධිකරණයේ අංක 2 උසාවියේ නඩු ඇසීම ආරම්භ වූයේ ක්රි පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේය.
 
මෙම නඩුවේ ඇඟිලි සලකුණු සාක්ෂි හා අධිකැණ වෛද්ය විද්යාත්මක සාක්ෂි ගොනු කළේ එවකට ජ්යෙෂ්ඨ අධි නීතීඥ සරත් ජයමාන්න හා DNA සාක්ෂි හිටපු ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාලිත ප්රනාන්දු විසින් සිදු කරන්නේය. මෙම DNA සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන්නේ එවකට ජ්යෙෂ්ඨ අධි නීතීඥ සරත් ජයමාන්නය.
 
මෙහි ජොන්ටි ප්රබල පරිවේෂණීය සාක්ෂිකරු වන හෙයින්ද, ඔහු අපරාධ සහයකු වන හෙයින්ද ජොන්ටිගේ සාක්ෂියේ සත්යාසත්යතාව විමසීමට පරිවේෂණිය සාක්ෂි සෙවීම වැදගත් විය. මෙහිදි එක් සැකරුවෙකුගේ ඇඳ සිටි ටී ෂර්ටයේ වූ ලේ සලකුණ වැදගත් සාධකයක් විය. මෙය මරණකරුගේ ලේ විය හැකි බවට අවබෝධ වූ අතර මෙය සනාථ කිරීම ගැටලුවක් විය. මේ වන විට DNA තාක්ෂණය ලෝකයේ භාවිතා කළද, ලංකාව එය අත්හදා තිබුණේ නැත. මේ පිළිබඳ විමර්ෂණය කරද්දි කොළඹ විශ්වවිද්යාලයේ අනුක ජිව විද්යාව හදාරණ ආචාර්ය මායා ගුණසේකර සරත් ජයමාන්නට හමුවිය.
 
මේ කාර්යයේදි එවකට අපරාධ අංශය භාරව සිටි සී.ආර් ද සිල්වා ප්රධාන කාර්යභාරයක් සිදු කළේය. ආචාර්ය මායා ගුණසේකර සරත් ජයමාන්නට මේ තාක්ෂණය ඉගැන්වීය. විත්තිකරුගේ ලේ සාම්පල සමඟ මෙම ටි ෂර්ටය ඇයට පර්යේෂණ සඳහා යැවුණි. රුධිර සාම්පල ටික දිනකින් වියෝජනය වන අතර එහිදි DNA විනාශ වීමේ ප්රවණතාව පවතින නිසා මෙය ඔප්පු කර ගැනීමේ ප්රායෝගික ගැටලු මතුවිය. නමුත් මෙහි සාක්ෂි වැදගත්කම නිසා අවසානයේ මේ ලේ පැල්ලම විත්තිකරුවාගේ ලේ පැල්ලම සමඟ සැසදු අතර එහිදි පැහැදිලිවම මෙම ලේ විත්තිකරුවාගේ නොවන බවට සනාථ විය. DNA සාක්ෂි අධිකරණ ක්රියාවලියේදී කල එළි බැස්සේ මේ අයුරිනි.
 
මීට අමතරව 1 වැනි චුදිතගේ මඟ පෙන්විම යටතේ වළලු ජෝඩු 8 ක්ද, 2 වැනි චුදිතගේ මඟ පෙන්වීම යටතේ රත්තරං මාල 2ක්ද, 3 වැනි චූදිත ළඟ තිබී රත්තරං මුද්දක්ද සොයා ගත්තේය.
 
අධිකරණ සාක්ෂි වමසිමේ කටයුත්තේදී ජොන්ටිගේ සාක්ෂියේ නිරවද්යතාව සනාථ කිරිමට අධිකරණ වෛද්යවරු තිදෙනෙකුගේ සාක්ෂි හා ගැලපීම සිදුවිය.
 
කොළඹ මහාධිකරණයේ අංක 2 හි විභාග වූ නඩුවේදි ත්රි පුද්ගල විනිසුරු මඩුල්ලේ අවසන් තින්දුව ප්රකාශ වූයේ අපරාධකරුවන් පෝරකයට යවමිනි.
 
නැවතත් මේ චූදිතයින් විසින් මහාධිකරණ තින්දුව අභියාචනා කළ අතර අභියාචනාව විභාග වූයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ ගරු ශ්රේෂ්ඨාධිකරණයේදීය. මෙම නඩු විභාගයේදි එනම් 1995 වසරේ දණ්ඩ නීති සංග්රහයට අලුතින්ම නීතියක් සංශෝධනය කර එක්වීම විශේෂත්වයක් විය. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්රහයේ (සංශෝධන) පනතේ 364 (2)(g) වගන්තිය යටතේ I වන පැහැදිලි කිරීම අනුව රංචු ගැසි ස්ත්රී දූෂණය කිරීමත් හා එයට ආධාර අනුබල දීමත් ප්රධාන වරදක් විය. මෙම වගන්තියද මෙම නඩුවේදී ශ්රේෂ්ඨාධිකරණය ගැඹුරු විග්රහයක යෙදුණි. මෙම නීතිය ටෙතේ මුල්වරට වදරකරුවන් බවට පත්වූයේද මෙම චුදිතයින් වීම විශේෂත්වයකි. ගරු ශ්රේෂ්ඨාධිකරණයේදී ද DNA සාක්ෂි සම්බන්ධ සාක්ෂි ඉදිරිපත් කළේ හිටපු ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාලිත ප්රනාන්දු වන අතර එය සූදානම් කළේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නය. විද්යාත්මක සාක්ෂි මෙහෙයවූයේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නය.
 
ගරු ශ්රේෂ්ඨාධිකරණයද මහාධිකරණය දුන් මරණ දඩුවම ස්ථීර කර අභියාචනය නිශ්ප්රභ කර සිව් දෙනාටම මරණ දඩුවම එලෙසම ස්ථීර කළේය. රංචු ගැසී ස්ත්රි දූෂණය කිරීමේ වරදට සිවු දෙනාටම අවුරුදු 20 ක සිර දඩුවමක් නියම විය. ඒ 4 වැනි චූදිත ස්ත්රී දූෂණය සිදු නොකළද අයට අනුබල දීම මේ යටතේ වරදක් වන හෙයිනි.
 
හෝකන්දර අපරාධකරුවන්ගෙන් සිවු දෙනෙක් මේ වන විට සිටින්නේ පෝරකය අභිමුවය. අමරදාසගේ පොඩි පුතා වසර 15 කට පසු නිදහස්ව නිවසට පැමිණ ඇත. ඝාතනයෙන් පසු ලලනදාස සතු සියලු දේපල හිමිකාරත්වය පැවරුණේ මහා භාරකාර දෙපාර්තමේන්තුවටය. මේ වන විට එය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන හමුදා නිවස්නයකට එම දේපල පැවැරි ඇත. නිවස ඒ ආකාරයෙන්ම මෙදා ඇතත් එහි පිටුපස කොටස පමණක් වෙනස් කර සාදා තිබේ. එදා අසුන්දර අත්දැකීමක් එක්කළ පොල්වත්ත අදටත් ඒ අයුරින් ඇත්තේය.
 
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top