හිරු එෆ්.එම්. ගුවන් විදුලියේ 17 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රාවක ඔබ වෙනුවෙන් ගුවනින් මිලියන ගණනක් වටිනා ත්‍යාග, වවුචර පත් ලබාදීමේ කටයුත්තක් අද සිදුකරනු ලැබුවා. උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත ආවරණය වන පරිදි ගුවනින් මෙම තෑගි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ අදියර 3 ක් යටතේ.
පළමු අදියර හිඟුරක්ගොඩ, දඹුල්ල, කුරුණෑගල, පොල්ගහවෙල, වරකාපොල, මීගමුව, ගම්පහ යන ප්‍රදේශවලටයි. දෙවන අදියර මොරටුව, පානදුර, කළුතර, බේරුවල, අම්බලන්ගොඩ, ගාල්ල, වැලිගම, මාතර, දෙණියාය, රත්නපුර, හොරණ, සහ පිළියන්දල යන ප්‍රදේශවලටයි. තෙවන අදියර කඩවත, නිට්ටඹුව, කෑගල්ල, නුවර, මාතලේ, පොළොන්නරුව ප්‍රදේශවලටයි.
ඒ අනුව අප ගුවනින් ලබාදෙන ත්‍යාගය සඳහන් වවුචර් පත ලැබුණු බවට තහවුරු කිරීමට අවස්ථාව ලැබෙන්නේ එළඹෙන ජූලි 5 වැනිදා සවස 6 දක්වා පමණයි. ත්‍යාගය සඳහන් වවුචර්පත ලැබුණු වහාම ඔබ 011 47 99 770 හෝ 011 47 99 780 යන දුරකථන අංකවලට හිරු ගුවන් විදුලිය අමතා එය තහවුරු කරගත යුතු වනවා.