රට වෙනුවෙන් ඉදිරි මැතිවරණයේදී තරඟ කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී තවදුරටත් සඳහන් කළේ.අඩුපාඩු නිවැරදි කරගෙන මව්බිමට ආදරය කරමින් ඉදිරියට යාම සඳහා එක්වන ලෙස ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
ඔහු එම අවස්ථාවේ කළ කතාව පහතින්...
‘පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ගත වුණු කාලය තුළ නොයෙකුත් බියවැද්දීම් තර්ජන මැද මා වෙනුවෙන් පෙනී සිටීම අගය කරනවා. අපේ නිවසට පැමිණි ඔබ සියලු දෙනා ඉතා සෙනහසින් මා පිළිගන්නවා. ඔබ පැමිණ සිටින්නේ අධි ඇසල පොහොය දවසක. ඇසල පොහොය කියන්නේ බුදුන් වහන්සේ තමන්ගේ ගුරුවරුන් සොයා ගොස් මුල්ම ධර්ම දේශනය පැවැත්වූ දවස. ඔබ සියලු දෙනාගේ ඉල්ලීම මට ඉවත දමන්න බෑ. එනිසා ශ්‍රීලනිපය හා සන්ධානය පමණක් නොවේ එජාපය ඇතුළු පක්ෂවල ඉන්නා සියලු දේශප්‍රේමීන්ට මා ආරාධනා කරනවා අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙස. ඔබට මතක ඇති පසුගිය ජනවාරි නව වැනිදා. බහුතර ජනතාවගේ තීරණයට මා හිස නැමූ ආකාරය ඔබ දන්නවා. මම ඒ තීරණය අරගෙන රටට ඔප්පු කළ 70දි ලාබාලම මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට ආ මම ජනාධිපති වනතුරු ආවා. ප්‍රජාතන්ත්‍රවාදයට මා ගරු කරනවා. සමහරු මා හදුන්වනවා එක එක නම් වලින්. සමහරු හඳුන්වනවා සොඳුරු ආඥාදායකයා ලෙස. මේ මොන බොරු චෝදනා කළත් එදා කටයුතු කළ ආකාරය ගැන එදා මැතිවරණය හොඳ පූර්වාදර්ශනයක් සැපයූවා. පිටරට අයත් පුදුම වුණා මේ යෝධයා මේක බාර දීලා ගියාද කියලා. පසුවදා මා තංගල්ලට සියලු දෙනා කැඳෙව්වා. අපේ ඉරණම ගැන කතා කළා. ඡන්ද ප්‍රතිපල නිකුත් වූ දා පටන් අපේ පිරිසට හිරිහැර කළා. තවත් සමරු විකල්ප ශ්‍රීලනිපයක් හැදුවා. ඒ නිසා 12 වැනි දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳෙව්වා. ඒ තීරණාත්මක මොහොතේ පක්ෂය ආරක්ෂා කර ගැනීම වැදගත් බව මම කිව්වා. මම කතානායක නිවසෙදි ජනාධිපති හමුවුණා. පක්ෂය ඕනෑ බව ඔහු ඉල්ලීමක් කළා. ඒ අනුව මා පක්ෂය බාර දුන්නා. දින හතක් ඇතුළට පක්ෂයේ නායකත්වය බාර දුන්නා. මට මාස හතක් ගියා සම්මේලනයක් කැඳවා නායකත්වය ගන්න. මම කිසිම දවසක මගේ රටට, මගේ පක්ෂයට ද්‍රෝහි වෙලා නෑ. මම ඉවසගෙන පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා. එජාපය මේ රට පාලනය කළ ඒ හය මාසය තුළ ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක්, ජාතික ආර්ථිකයට අභියෝග එල්ල වෙලා තියෙනවා. ඒක කාටවත් රහසක් නොවෙයි. ත්‍රස්තවාදය විනාශ කරලා අවුරුදු හයක් යන්න කලින් ත්‍රස්තවාදීන්ට වන්දි දිය යුතුයි කියා කැබිනට් පත්‍රිකා දාන්න තරම් ලැජ්ජා නැති උනුත් ඉන්නවා කියන්න වෙනවා. හැබැයි එය සම්මත වුණේ නෑ. මා හිතනවා සමහර වෙලාවට මේ නායකයෝ හැසිරෙන්නේ මීට අවුරුදු 12කට කලින් ත්‍රස්තවාදී නායකයා සමඟ ද්‍රෝහීම ගිවිසුම අත්සන් කළ ආකාරයට කියලයි තේරෙන්නේ. වත්මන් ජනපතිට, ආරක්ෂක ප්‍රධානීන් කියන දේ අහන්නේ නැතිව කටයුතු කළ කාලය මතකයි. නව යොවුන් තරුණයන්ට එජාපයේ දරුණු කාලයේ අත්දැකීම් නෑ. රටේ නීතියට පිටින් නොයෙක් ආයතන සංවිධාන පිහිටුවා දඩුවම් දෙන සංවිධාන පිහිටෙව්වා. ගෝනිබිල්ලෝ ඇවිත් ජනතාව උස්සන් යන හැකි මේ තරුණයන් දැකලා නෑ. රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණපු හැටි මේ තරුණයන් දැකලා නෑ. බෙදුම්වාදීන්ට මේ රට පාවා දුන් හැටි මේ තරුණයන් දැකලා නැහැ. අපට මතකයි 89, 90 මේ රටේ තරුණයන් වෙනුවෙන් මම වාසු ඇතුළු කණ්ඩායම් එකතුවෙලා ජිනීවා ගියා. අපි එදා හඬ නැගුවා. අපි පාද යාත්‍රා ගියා. අපි ඔක්කොම එකතු වෙලා එදා පාරට බැස්සේ. මිනිස් දංවැල් ඇද්දේ, ජනඝෝෂා කළේ. හැබැයි මේ මාස හයේදි වැඩ කළ ආකාරය දැක්කම මේ තරුණයන්ට දැනගන්නට පුළුවන් වෙයි ඉතිහාසයේ කොහොමද වැඩ කළේ කියා. ත්‍රස්තවාදීන් තවත් පෝෂණය කරන්නට, හමුදාව උතුරෙන් ඉවත් කරන්න, ඩොලරය 141 දක්වා යන්න ඉඩ හැරලා, දේශීය ව්‍යාපාරිකයා බංකොලොත් කරලා, රජයේ සේවකයන් පීඩනයට ලක් කළා. ඔවුන් මහ මඟට ඇද දැම්මා. දින සියයක් ඇතුළත එතනෝල් ලයිසන් 27ක් දීලා. දින සියයක් ඇතුළත ලංකාවේ සිදුවූ බැඳුම්කර වංචාව වුණා. එය මහා මංකොල්ලය කියලයි හඳුන්වන්නේ. විරුද්ධ දේශපාලන මත දරන දේශපාලනඥයින් හිරේ විලංගුවේ දැම්මා. දූෂිතයන්ගේ නඩු ඉවත් කළා. මේ දින සියය ඇතුළත වැඩිහිටි අපට එජාපය ගැන අතීතය නැවත මතක් කළා. ඒවගේම අපේ කාලයේ තිබුණු වරයා, ගුවන්තොටුපොළ, මාර්ග, විද්‍යාගාර, සතිපොළ ගැන දවස ගානේ පළ වුණා. ලංකාව පුරාම සංවර්ධනය වුණා. ලංකාවම වැඩ පොළක් වුණා. අද අපි පටන් ගත් ඒවා අවසන් කර පෙර බෝඩ් ගලවා අලුත් බෝඩ් ගසා විවෘත කළා. දැන් හැමදාම කියන්නේ දේශපාලනඥයන් හිරේ යවන එක ගැන. පසුගිය කාලයේ ආවා ඉතාම ඉක්මනින් දියුණු වෙන නගරය කොළඹ නගරය කියා. මේ රටේ හානිකර දේවල් අපි දේශපාලන වශයෙන් කුණුබක්කියට දැම්මා. අපේ යුගයේ නීතියේ ආධිපත්‍ය රැකුණා. යම් ක්‍රමවේද තියනවා යමක් කරන්න. අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ කිසිම දෙයක් කරන්න. ව්‍යවස්ථාවට ඒ තැන දුන්නා. එදා ඇමැතිවරු අධිකරණයට බැන්නා නම් හිරේ ගියා. මතුගමින් අපේ කෙනෙකු දන ගස්වලා තමයි පළිගැනීම් පටන් ගත්තේ. පක්ෂය බාර දීලා හිස් අතින් ගමට ආපු මට මොන චෝදනා නැගුවත් මේ රටට මා ආදරෙයි. දිනේෂ්, උදය, විමල් ඇතුළු නායකයන් පෙරටුකරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන අද ජනපවුරක් වෙලා. එය මාතර හරහා අපේ දොරකඩට හමාගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා මම රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා ඔබ කරන ඉල්ලීම මා ප්‍රතික්ෂේප කරන්න සූදානම් නෑ. ඒ නිසා රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනෑ කියා ඕනෑකමින් කියනවා. ඔබ කරන ඉල්ලීම මා ඉත සිතින් පිළිගන්නවා. ඒ නිසා මේ පැවැත්වෙන මහ මැතිවරණයට මේ ජන පවුරත් එක්ක අපි ඉදිරියට යනවා. ඒ නතර වුණු සංවර්ධනය, ආර්ථිකය ගොඩගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය අපි නැවත ගොඩ නගනවා. ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම්. අපිට තියෙන්නේ එක ගිවිසුමයි. ඒ මේ රටේ ජනතාව සමඟ තිබෙන ගිවිසුම පමණයි. 2005දි 2010දි අපට බාර දුන් වගකීම් උපරිම ලෙස ඉටු කරන්න පුළුවන් වුණා. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ සමහර ගෙවල්වල ලිප ගිනි මෙළවුණේ නෑ. හඬා වැටුණා. කාල්ටන් නිවසට වැල නොකැඩී ආවා. එදා අඩකුඹු වුණු ජාතික ධජය අපි ඔසවන්න එදිරියට එනවා. මේ වෙහෙසකර ගමනෙදි මා හැර නොගොස් මා වෙත ආශිර්වාද කළ ඈත එපිට පිටිසර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට දියවන්නාව දක්වා පිරිසට මා හිස නමා මගේ ප්‍රණාමය පුද කරනවා. අපි අතින් සිදුවූ වැරදි නැවරදි කරගෙන ඉදිරියට යනවා. සියලු ජාතීන් අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නට අපි පියවර ගන්න ඕනෑ. ශ්‍රීලනිපය සහ සන්ධානය පමණක් නොවෙයි එජාප, ජවිපෙ ඇතුළු සෑම දේශපාලන පක්ෂවල දේශප්‍රේමීන්ට අප සමඟ අත්වැල් බැඳ ගන්න ආරාධනා කරනවා. මෙම අවස්ථාවට එක්ව සිටි
හිටපු මන්ත්‍රීවරියන් සහ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව පහතින්.... හිටපු කථානායක චමල් රාජපක්ෂ
කුමාර වෙල්ගම
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
එස්.එම්.චන්ද්‍රසේන
ආර්. දුමින්ද සිල්වා
මාලනී ෆොන්සේකා
පවිත්‍රා වන්නිආරච්චි
කමලා රණතුංග
ටී.බී.ඒකනායක
ජොන්ස්ටන් ප්‍රනාන්දු
කෙහෙළිය රඹුක්වැල්ල
චන්දිම වීරක්කොඩි
විමල් වීරවංශ
දිනේෂ් ගුණවර්ධන
නිශාන්ත මුතුහෙට්ටිගම
තිස්ස කරලියැද්ද
මනූෂ නානායක්කාර
තිස්ස විතාරණ
සරණ ගුණවර්ධන
සබරගමුව මහඇමති මහීපාල හේරත් මෙන්ම උතුරුමැද හිටපු මහඇමති එස්.එම්.රංජිත් ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම, හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා ද අද මැදමුලනට පැමිණ සිටීම විශේෂත්වයක්. එසේම, අතිවිශාල පිරිසක් ද මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා මැදමුලනට පැමිණ සිටියා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.....
VIDEO හිටපු ජනපති මහින්ද අධි ඇසල පොහෝදා පෙරවරුවේ ආගමික වතාවත් වල නිරතවූ අයුරු VIDEO