රාත්‍රී කාලයේ නිවසකට ඇතුල් වී නිවෙස් හිමියා සිටියදීම පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ රැදී සිටි කාන්තාවක් සමූහ දූෂණයකට ලක්කර රුපියල් විසි දහසක මුදලක් මංකොල්ල කා ඇතැයි නාඋල උස්අත්තතෑව ප්‍රදේශයේ කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා.
සිය නිවසේ සැමියා සමඟ සිටියදී පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කුඩා දියණිය ඇදගෙන යැමට උත්සහ කල බවත් සැමියා විසින් දියණිය ආරක්ෂා කර ගැනිම සඳහා උත්සහා කරන අවස්ථාවේ දී පැමිණි පුද්ගලයන් දෙදෙනා විසින් තමාව සමූහ දූෂණයකට ලක්කල බව ඇය පැමිණීල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ නාඋල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධියට සම්බන්ධ එක් සැක කරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (12) දින ඔහු ලග්ගල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා නාඋල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක ආරම්භකර ඇත.
කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිනිල්ලට අනුව අපරාධය සිදුකල තැනැත්තන් ගෙන් එක් අයෙකු අවිවාහක වසය 35ක පමණ පුද්ගලයෙකු බවත් අනෙක් පුද්ගලයා වයස 48ක පමණ විවාහක තිදරු පියෙකු බව අප වාර්තාකරු සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකෙකරු ඊයේ (12) දින ලග්ගල අධිකරණයට ඉදිරිපත් කළ බවත් අයුතු ඇතුල්වීම,දේපල සොරකම් කිරීම,ස්ත්‍රි දූෂණයක් සිදුකිරිම,අනර්ථයක් සිදුකිරිම ආදී චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්ථා කිරීමට නියමිත බව අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කරයි.