බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍යවරයෙකු ස්ත්‍රී දුෂණ චෝදනාවකට ලක් කරවීම සඳහා ස්ත්‍රියක් මෙහෙයවූ පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම කොන්ත්‍රාත්තුව ලබාගත් සැකකරුවන් ඉන් රුපියල් විසිපන්දහසක් දෙන බවට පොරොන්දු වී දික්වැල්ල ප්‍රදේශයේ පදිංච් 30 හැවිරිදි දෙදරු මවක් මේ සදහා යොදාගෙන බණ්ඩාරවෙලට පැමිණ මෙම කාන්තාවට වෛද්‍යවරයා පෙන්වා ඇතැයිද පොලිසිය පවසනවා.
සැළසුම ක්‍රියාත්මක කිරිම සඳහා උදෑසන වෛද්‍යවරයා හමුවට මෙම කාන්තාව පැමිණ ඇති අතර එම කාන්තාව පිළිබඳ සැක සිතූ වෛද්‍යවරයා ඇගෙන් ප්‍රශ්න කිරිමේදි අනාවරණය වු තොරතුරු නිසා සැකකාරිය කැටුව ගොස් බණ්ඩාරවෙල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
වෛද්‍යවරයා ස්ත්‍රි දුෂණයක් කළ බවට වැල්ලවාය පොලිසියේ පැමිණිලි කිරිමට සැකකරුවන් සැළසුම් කර තිබෙනවා.
ඇය කැටුව යාමට ඇල්ල ප්‍රදේශයේ හෝටලයට පැමිණි අවස්ථාවෙි සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.