Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
21
"එයා නිදහසේ ඉන්න බව පේනවනේ. ඉතින් ඇයි ඒ සතුට නැති කරන්නේ. එයා ගැන කතා නොකර ඉන්න එක හොඳයි..." - මේධාගේ හිටපු සැමියා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුරංග කියයි

- "එයා නිදහසේ ඉන්න බව පේනවනේ. ඉතින් ඇයි ඒ සතුට නැති කරන්නේ. එයා ගැන කතා නොකර ඉන්න එක හොඳයි..." - මේධාගේ හිටපු සැමියා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුරංග කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

105 Views
"මට දැන් ආදරේ කරන්න දෙන්නෙක්ම ඉන්නවා, දැන් අපි සතුටින්.." 

"ඒක වෙලා ඉවරයි අපි දැන් අපි ගැන හිතමු කියලා පුතා මගේ හිත හදනවා..."

"දුවට තරහා ගියහම කියනවා අප්පච්චි පැත්තකට වෙලා ඉන්න මම උයන්නම් කියලත්..."

සුරංග ලක්මාල් සෙනෙවිරත්න කියන්නේ කාලයක් මාධ්‍ය කිහිපයක් එක්කම ගණුදෙනු කළ කලාකාමියෙක්. චිත්‍රපටි හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වගේම පිටපත් රචකයෙක්. ජනප්‍රිය කලාත්මක නිර්මාණ කිහිපයක හිමිකරුවෙක් වූ මොහු තවත් විටෙක නවකතාකරුවෙකුත් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඔහු රංගන ශිල්පීනි මේධා ජයරත්නගේ හිටපු සැමියා. දරුවෝ දෙන්නත් එක්ක කලාකටයුතුවල නියැලෙන ඔහු, ඔහු ගැනත් නිර්මාණ ගැනත් දරුවන් ගැනත් කතා කළේ මෙලෙසිනුයි.

සුරංග අපි මුලින්ම කතාබහ ආරම්භ කරමු single parent එහෙම නැත්තම් දරුවන්ට මවත් පියාගේ භූමිකාවත් තනි පුද්ගලයෙක් හැටියට ඉටු කරන ජිවිතේ ගැන..?
අපි එංගලන්තයේ ඉන්න කාලේ single parents දැකලා තිබ්බා. නමුත් දැන් මම ඒ අත්දැකීම විඳිනවා. ඒ ජිවිතේට ටික කලකින්ම පුරුදු වුණා. මගෙයි මේධාගෙයි සම්බන්ධයට අවුරුදු 23ක් වෙනවා. අපි විවාහ වෙලා වසර 18ක් වෙනවා. මේ ගෙවන්නේ පැරඩයිම් ෂිෆ්ට් එකක්. යම් රටාවකින් වෙන රටාවකට පැනීමක්. ජිවිතේ ඕනෑම කෙනෙකුට එහෙම පරිච්ජේද තියෙනවා. අපිට කිසිම දෙයක් තීරණය කරන්න බැහැ. ඒක එක්තරා ඇල්ගරිදම් එකකට වෙන්නේ. පොඩි ගණිත කර්මයක් වගේ. ඉතිං ඒ හුරුවුනු ජිවිතේ කණපිට පෙරළුනාම ලැබෙන ජිවිතේ එක්ක කාලයක් යනකොට හුරු වෙනවා. අමාරුවෙන් අපහසුවෙන් නමුත් ඒ ජිවිතේට හුරු වුණා. ඒ වගේම කියන්න ඕන එයා නිදහසේ ඉන්න බව රටටම පෙන්නනවා. ඉතින් ඇයි ඒ සතුට නැති කරන්නේ. එයා ගැන කතා නොකර ඉන්න එක හොඳයි. මොකද විරුද්ධ කතා කිරීම් කරන්න මට අවශ්‍ය වෙන්නේ නැහැ.

ඇත්තම කිව්වොත් දැන් මට හිතෙනවා මේ ගෙවෙන්නේ හරිම සුන්දර කාලයක් කියලා. දුවගේ නම සියාරා ගඟුලි . ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබනවා. වයස 7යි. පුතා උළිඳු චංක්‍රමන. එයාගේ වයස අවුරුදු 17යි. මේ දෙන්නගේ ආදරේ එක්ක ගෙවෙන ජිවිතේ තරම් සුන්දරකමක් මට තවත් නැහැ. මේ ජිවිතේ ගෙනියන්න දරුවන් දෙන්නගෙන්ම ලොකු උදව්වක් ලැබෙනවා. ඒ නිසා අපි තුන්දෙනා සතුටින් කාලය ගත කරනවා අපි අපේ දුක සැප බෙදාගෙන

දුවක් ඉන්න තාත්තාට අම්මා නැතුව දුව හදන එක වගකීමක් නේද...?
මුල් කාලේ මාස කිහිපයකට පුංචි අම්මා කෙනෙක් හිටියා. එයා දැන් නැහැ. අනුරාධපුර ගියා. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි අපි තනියම ජිවත් වෙන්න පුරුදු වෙලා. දුව තමයි ලොකුම වගකීම. පිරිමි දෙන්නෙක් ඉන්න තැන කෙල්ලෙක් බලා ගන්නවා කියන්නේ ලොකු වගකීමක්. ඒ මගේ දුව. මගේ වගකීම. එයාගේ අම්මා ළඟ අනාරක්ෂිතයි කියනවා නෙමෙයි. නමුත් එයාගේ තාත්තා වුනු මටත් පුතාටත් දුවට ලොකු ආරක්ෂාවක් දෙන්න පුළුවන්. මම දරුවෝ දෙන්නව බලෙන් තියාගෙන නැහැ. මමයි මේධයි සුහදව කතා කරගෙන තමයි දරුවන් මගේ ලඟට ගත්තේ. මොකද දරුවන්ව උසාවි ගානේ රස්තියාදු කරලා මනස කඩන්න මට අවශ්‍ය වුණේ නැහැ. එයා මගෙන් අයින් වෙනකොට මම එයාගෙන් ඉල්ලුවේ මගේ දරුවෝ දෙන්නා මට ඕන කියලා විතරයි. දරුවෝ දෙන්නත් මාත් එක්ක ඉන්නේ කැමැත්තෙන්. ඒ නිසා මම තාත්තා විදිහට දුවවත් පුතාවත් කොහොම හරි හදාගන්න ඕන. පිරිමි දෙන්නෙක් ඉන්න නිවසක දුව වැඩිහිටිවියට පත් වුණොත් කියලා සමහරු අහනවා. මොන දේ වුනත් මට දුවව හදාගන්න පුළුවන්. ඉස්සරහ ගෙදර පිරිසත් උදව් කරනවා. මම කොහේ ගියත් දුවව ගෙදර තනියම තියලා යන්නේ නැහැ. දුවව අරගෙන යන්නේ. ඒ යද්දී එයාට අවශ්‍ය පහසුකම් මම සලසනවා.

දුවට කවදාවත් අම්මා ළඟ නැති එක ගැන කම්පා වෙන්නේ නැද්ද..?
දුව අම්මා නැතුව සාමාන්‍ය ජිවිතයකට හුරු වෙන්න දවස් දෙක තුනයි ගත වුණේ. ඒ දරුවා හරිම බුද්ධිමත් දරුවෙක්. නම්‍යශීලි, නිර්මාණශීලි, ක්‍රියාශීලි දරුවෙක්. මගේ හිතට ලොකුම ශක්තිය වුණේ දුවගේ වෙනස්විමම තමයි. එයා නිසා මම හිතුවා මේ ගමන අපි තුන්දෙනාට එකතු වෙලා යන්න පුළුවන් කියලා.

ඔබට ස්ථිර රැකියාවක් නැති නිසා ආර්ථික ප්‍රශ්න එහෙමත් පැනනගිනවා ඇති..?
කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ කොරෝනා කාලේ ලංකාවම ලොක් ඩවුන් කරපු මොහොතේ මම තනියම ඇඩුවා. දරුවන්ට ඒ දුක දැනෙන්න දුන්නේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනයට විශාල මුදලක් ඕන. තුන්දෙනාගේ නඩත්තුවට විශාල මුදලක් යනවා. කලාකරුවෝ විදිහට නිර්මාණ කරන්න බැහැ. පුදුමාකාර අසරණකමක් දැනුණේ. නමුත් අපි තුන්දෙනා සතුටින් ජිවත් වුණා. දරුවන්ට ඕන හැමදේම මම කරනවා. ට්‍රිප් එකක් යමු කියලා හිතුනු ගමන් ඇදුම් ටිකක් වාහනේට දාගෙන අපි කොහේ හරි ගිහින් විනෝද වෙනවා. දරුවන්ට කෑම බිම වල වෙනස් අවශ්‍යයි කියලා තේරුනොත් ඒ දේවල් ගෙනත් දෙනවා. මොන ප්‍රශ්න තිබ්බත් අපි ජිවත් වෙනවා. නිකන් නෙමෙයි හරිම සතුටින් විනෝදයෙන්, සැහැල්ලුවෙන්.

කෑම බිම හදන්නෙත් ඔබමද..?
ඔව්. දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, කෑම බිම හදන්නේ සියල්ල කරන්නේ මම.

ඒ කියන්නේ කෑම බිම රසට උයන්න පුළුවන් ඇති..?
ලොක් ඩවුන් කාලේ මමත් එක එක කෑම බිම හදලා දරුවෝ දෙන්නව සතුටු කළා. යාලුවෝ අවම කෑම හදලා දෙනවා. එයාලා නම් කියනවා රසයි කියලා. දුවට තරහා ගියහම කියනවා අප්පච්චි පැත්තකට වෙලා ඉන්න මම උයන්නම් කියලත්.

ආර්ථිකය ශක්තිමත් කරන්න මොන වගේ කටයුතුද කරන්නේ, අලුත් නිර්මාණ කටයුතු ගැන කිව්වොත්..?
අපේ ටි වී ඇකඩමිය පවත්වාගෙන යනවා. බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරනවා. අපේ ඇකඩමියට ඉගෙන ගන්න මේ වෙද්දී 60ක් විතර එනවා. අපි පවුලක් වගේ කටයුතු කරන්නේ. පොඩි ළමයින් පවා එනවා රංගන ගැන ඉගෙන ගන්න. සති අන්තයේ අපි තුන් දෙනාගේ ජිවිතේ ගෙවෙන්නෙත් ඇකඩමිය ඇතුළේ. ඊට අමතරව ටෙලි නාට්‍ය දෙක තුනක් අධ්‍යක්ෂණය කරන්න සුදානම් වෙනවා. ඒ සියල්ලේ වැඩ අපි ආරම්භ කරනවා ටික දවසකින්. ඒ වගේම චිත්‍රපටයක වැඩ කරන්න සියල්ල සුදානම්. තව චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකවරයෙක් මට ආරාධනා කළා. දැන් පටන් ගත්ත වැඩ ටික අවසන් වුනාට පස්සේ ඒ ආරාධනාව ගැන සලකා බලනවා. කොරෝනා වලට කලින් මම කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයෙක් හැටියට කටයුතු කළා. නැවත කැලණිය, රජරට හා කොළඹ විශ්ව විද්‍යාලවලින් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැනත් හිතන්න ඕන. ඒ වැඩකටයුතු ටික කළොත් අපේ ආර්ථිකය වුනත් ශක්තිමත් වෙයි කියලා හිතනවා.

නවකතාවක් ලිව්වා කියලත් ආරංචියි, ඒ ජිවිත කතාවද..?
මං හොයන මං තමයි කතාවේ නම. සත්‍යට එහා ගිය කල්පිතයට මෙහා මම ලියන්නේ. මට කරන්න දෙයක් නැහැ, මගේ ජීවිතෙත් ඒ ඇතුලේ තියෙනවා. කතෘ කෙනෙක් ලියන්නේ අත්දැකීම් හා පරිකල්පනයෙන්. එතකොට ඇත්ත ජීවිතෙත් අහුවෙනවා. ඒක හිතා මතා කරන දෙයක් නෙමෙයි.

අධ්‍යාපන කටයුතු අවසන් කළාද..?
ඔව්. මම අවුරුදු 23 දී තමයි මිඩියා ෆීල්ඩ් එකට එන්නේ. මේ වෙද්දී ශාස්ත්‍රපති උපාධි දෙකක්, පශ්චාත් උපාධියත් අවසන් කළා. ශාස්ත්‍රපති උපාධි කළේ එංගලන්තයේ.

දුව හා පුතාට රංගනයට ඇරයුම් ලැබෙන්නේ නැද්ද..?
මම අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය හතරකට විතර දුව රඟපෑවා. දැනටත් දුවටයි පුතාටයි ආරාධනා ලැබෙනවා. නමුත් මම දුවව නම් රඟපාන්න යවන්න අදහසක් නැහැ. එයාව යවලා සල්ලි හම්බ කරන්න මට අවශ්‍ය නැහැ. එයාව තනියම යවන්න බැහැ නිර්මාණයක් භාර ගත්තොත්. එයත් එක්ක මට ඉන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න නිසා දුවව නම් රඟපාන්න මම යවන්නේ නැහැ. පුතාට ස්වාධින තීරණයක් ගන්න පුළුවන්. එයා කැමති නම්.

පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කරනවා නේද..?
ඔව් පුතා 17 පහළ පාසල් කණ්ඩායම නියෝජනය කරනවා. ඊට අමතරව NCC ක්ලබ් සෙල්ලම් කළා. දැන් ඉන් ඉවත් වෙලා ඉන්නේ. පුතා ඉ පැත්තෙන් දක්ෂයි. නිතරම පුහුණු වීම් කටයුතු කරනවා. බලමු ඉදිරියේදී ඒ පැත්තෙන් යයිද කියලා.

මේධා ගැන ලැබෙන ප්‍රතිචාර ගැන විවේචන ගැන දරුවෝ මොනවාද කියන්නේ..?
දරුවෝ දෙන්නම බුද්ධිමත්. දුව ඒ ගැන හිතන්නේ නැහැ. පුතාට නම් එයාගේ යාලුවෝ මේධා ගේ එක එක ලින්ක් හෝ ආර්ටිකල්, ෆොටෝස් පුතාට එවලා මොකක්ද බං මේ කියලා හිනා වෙලා කියනවලු. එහෙම කියන්නේ පුතාව රිද්දන්න නෙමෙයි. විහිළුවට. නමුත් පුතා නම් මට කියන්නේ ඒක වෙලා ඉවරයි අපි දැන් අපි ගැන හිතමු කියලා පුතා මගේ හිත හදනවා. ඒ කොහොම වුනත් එයා මොනවාද කරන්නේ කියලා හොයන්නවත් දැන් මට උවමනාවක් නැහැ.

දරුවෝ ගැන හිතලා ඔබ නැවත විවාහයක් ගැන හිතන්නේ නැද්ද..?
දරුවෝ ගැන හිතලා මම නැවත විවාහ වෙන්නේ නැහැ. මට නිතරම විවාහ යෝජනා එනවා. දරුවෝ තනියම බලාගන්න අමරුයිනේ කියලා. නමුත් මගෙන් දරුවන්ට අඩුවක් වෙන්නේ නැති නම් මට තව විවාහයක් ඇයි. මම විවාහ වුනොත් මගේ තනිය මැකෙයි, නමුත් දරුවන් ගැන හිතන්නේ කවුද. දරුවෝ දැන් සතුටින් ඉන්නේ එයාලා ළඟ තාත්තා ඉන්න නිසයි. ඒ සතුට මට නැති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට වෙලාවකට බයයි මට මොකුත් වුනොත් දරුවන්ට මොකද වෙන්නේ කියලා. තව අවුරුදු 5,6ක් මම ජිවත් වුනොත් ඇති. දරුවෝ දෙන්නා පිළිවෙලක් වෙලා එයාලගේ ලෝකයකට යනකල්.

ඇතැමුන් කියනවා මේධා ජයරත්න නිසා ඔබ ජනප්‍රිය වුණා කියලත්..?
එයාට කලින් මම ෆීල්ඩ් එකට එන්නේ. අපි ආදරේ කරන්නේ කැම්පස් යන කාලේ ඉදලා. එයා කැම්පස් ඉද්දි තමයි මම එයාව කලාවට යොමු කරන්නේ. එයා අතිශයින් ජනප්‍රිය කාලයක් තිබුනා. ඒ කාලේ පවා එයත් එක්ක කිසිම මාධ්‍යකට මම පෙනී හිටියේ නැහැ. මම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වුනාට පස්සේ තමයි එයත් එක්ක මධ්‍යයේ පෙනී හිටියේ. එයා නිසා මම බැබලුනේ නැහැ. හැම මාධ්‍යකම හිතවතුන් මට ඉන්නවා. මට කතා කලාම මම ඒවා ප්‍රතික්ෂේප කරනවා.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top