කොටකෙතනේ සිදුවූ කාන්තා ඝාතන දෙකක සැකකරුවන් සොයාගැනීමට නොහැකි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඉතිරි සියලු අපරාධවල සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති බව ඔහු පෙන්වා දෙනවා.
මේ අතර පසුගිය 28 වන දා විත්තිකරුවන් නිදහස් වූ කොටකෙතන ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේ දී ද පොලිසියේ වැරදි සම්බන්ධයෙන් සඳහන් වුණා.
කොටකෙතන ප්‍රදේශයේ දී 2012 වසරේ අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ ඝාතනය සම්බන්ධව පෙරේදා(28) නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ එම විනිසුරුවරිය කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය දුර්වල ආකාරයෙන් සාක්කි ඉදිරිපත් කැර ඇති බවයි.
ඒ අනුව පහත වැරදි පොලිසියේ බව හෙළි වුණා.
1-සිද්ධිය වන විට අදාළ නිලධාරීන් අදාළ ප්‍රදේශයේ නොසිටි බව.
2-අදාළ නඩුවේ මූලික විමර්ශන කටයුතු සිදු කළ පොලිස් පරීක්ෂක සමන් ප්‍රේමතිලක නමැත්තාගේ විමර්ශනය සිදු කළ ආකාරය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇතිවී තිබූ අතර ඔහු විසින් සාධාරණ පරීක්ෂණයක් සිදු කළේද යන්න සම්බන්ධවද සැකයක් පවතින බව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය සඳහන් කර සිටියා.
3-ආචාරිගේ සිරිපාල ලබාදුන් සාක්කිය අධිකරණය හමුවේ සාක්කි ලබා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනාගේ සාක්කි සමඟ සංසන්දනය කිරීමේදී කිසිසේත්ම නොගැළපෙන පරස්පර විරෝධී සාක්කියක් වූ බවද ඒ අනුව සිරිපාල නමැත්තාගේ සාක්කිය බරපතළ ලෙස සැකයට භාජනය වන බවද විනිසුරුවරිය සඳහන් කිරීම