පාකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගනයෙන් පිටත දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඊයේ(29) එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරගයක් පැවැත්වෙන අතර තුර ප්‍රහාරය එල්ල වූ බවයි.
මෙම ප්‍රහාරය පාකිස්ථානය වාර්තා කළේ අද(30)දිනයේ දියි.
බෝම්බකරු පොලිසිය විසින් නතර කිරීමත් සමඟ ඔහු එය පුපුරවාගෙන ඇති අතර එහිදී දෙදෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කෙසේ නමුත්, ක්‍රිකට් තරඟය අඛන්ඩව පවත්වාගෙන ගිය අතර නරඹන්නන් කළබලයට පත්වී තෙරපීමක් සිදුවිය හැකි බැවින් සිද්ධිය ඊයේ දිනයේ වාර්තා නොකිරීමට පාකිස්ථාන බලධාරින් තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත්, ඒ පිළිබඳව පාකිස්ථාන මාධ්‍ය අද හෙළිදරව් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන 2009 වසරේ මාර්තු 3 වනදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ද ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය ආසන්නයේදීයි.
