සිද්ධිය සම්බන්ධයෙන් සුබ්‍රමනියම් ජයකුමාර්, සුබාලසිංහම් තවකුමාර්, සුබාලසිංහම් ජයකුමාර් යන සැකකරුවන් පළමුවෙන්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
පසුව පිල්ලෙනාදන් චන්ද්‍රරාසම්, ශිවදේශන් තුෂාන්තන්, මාලිංගම් ශෂීධරන්, පරනි සුබසිංහම් කුගනාදන් සහ ජයදරන් කෝකිලන් යන සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා.
පෙරේදා වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණේ මාලිංගම් ශෂීකුමාර් නමැත්තෙක්.
සිද්ධිය සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් ඊයේ දිනයේ දී රජයේ දේපළ වලට අලාභහානි සිදු කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 130 දෙනෙකු ද මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලබල සම්බන්ධයෙන් තොරතුරු විමසා පොලිසියට උපදෙස් දීම සඳහා පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා ද ඊයේ යාපනයට ගොස් සිටියා.
මේ අතර සිසුවිය මරා දැමීමට විරෝධය පල කරමින් පුත්තලමේ සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තාවන් ද විරෝධතාවක නිරත වී තිබෙනවා.
මෙවැනි පාපතර ක්‍රියාවල නිරතවන පිරිස් වෙත සමාව නොදී නිසි නීතිය ක්‍රියාවට නංවන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.