මෙහිදී මරණයට පත්ව ඇත්තේ කොළඹ තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ නඩත්තු හා උපකරණ අංශයේ සේවය කළ කැලණිය දිප්පිටිගොඩ අංක 220-බී නිවෙසේ පදිංචි ජී.ඒ.ඩී. නිමංක මධුශංක අබේරත්න නම් 28 හැවිරිදි තරුණයෙක්...
පොලිසිය පවසන පරිදි මියගිය තරුණයා කඳාන බටගම ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණිය සමඟ මීට වසර 07කට පමණ ඉහතදී පෙම් සම්බන්ධතාවක් ඇතිකරගෙන ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසයේදී විවාහ වීමටයි සුදානම්ව ඇත්තේ..
ඒ සඳහා දෙපාර්ශ්වයේම එකඟතාව තිබී ඇත. පොලිසිය පවසන පරිදි ඒ අතරතුර තරුණිය 21 හැවිරිදි තවත් තරුණයකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව සඳහන්.
සිද්ධිය වූ දින මියගිය තරුණයා තරුණිය නිවෙසට ඇරලා ආපසු යන අතරතුර 21 හැවිරිදි තරුණයා තවත් ඔහුගේ 19 හැවිරිදි මිතුරකු සමඟ මඟ රැක සිට අදාළ තරුණයා හා ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
පසුව ඔවුන් විසින් රැගෙන පැමිණ තිබූ මන්නා පිහියකින් අදාළ තරුණයාගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය පවසන්නේ මෙම පහරදීම 19 හැවිරිදි තරුණයා විසින් සිදු කර තිබෙන බවයි.
පසුව මියගිය තරුණයා බිම වැටී දඟලමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශයට දැනුම්දීම අනුව පොලිසිය පැමිණ සුවසැරිය ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට රැගෙන යමින් සිටියදී අදාළ තරුණයා මියගොස් තිබෙනවා.
මේ අතර... මෙම තරුණයාගේ මරණය පිළිබඳව මුහුණු පොතේ විවිධ අන්දමේ කතා පැතිර යන අතර තරුණයාට සමීප පිරිස් සංවේදී සටහන් තබා ඇති අයුරු දකින්නට ලැබුණා.
මේ එවන් සටහන් කිහිපයක්....
ප්‍රවේශමෙන් ක්‍රියා කරන්න. සමාජයේ මෙවන් දේවල් සිදුවෙමින් පවතී. කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාලුවෙලා ඉන්නව, (ආදර කල කාලය අවුරුදු 8ක් ). කොල්ල කෙල්ලට සලෝන් එකකුත් කොහොම හරි දාල දෙනව, කෙල්ල ජිම් යනවා, ජිම් එකේදි පොඩි කොල්ලෙක් යාලු කර ගන්නව, කලින් කොල්ලව මරනව, බඳින්න ඉදලා තිබෙන්නේ ලබන මාසේ. ස්තූතී,
Me medar ekak ayya 7/06/2020 hawasa 6.30ta විතර උනේ. කදානෙ බටගම කෙල්ලක් බදින්න හිටියා කැලනියේ කොල්ලෙක් එ කොල්ල මෙ කෙල්ලට ගොඩක් උදවු කරල තියනවා එ කෙල්ලට සැලෝන් එකකුත් දාලා දීලා... රාගම.. ඒ තරම් කෙල්ලට උදවු කරල. ලබන මාසෙ බඳින්න ඉදල තියෙන්නෙ. ඒ එක්කම මේ කෙල්ලට වයස 27යි.. මේ කෙල්ල ජිම් ගිහින්. ඒ ජිම් එකේ කොල්ලෙක් මෙ කෙල්ලත් එක්ක යාලු වෙනව එ කොල්ලාගෙ වයස 20යි. දැන් මෙ කෙල්ල අර පොඩි කොල්ලත් එක්ක රවුන් ගහන්නෙ. ඊට පස්සෙ අර බදින්න හිටපු කොල්ලා මේ කෙල්ලව සැලොන් ඉවර උනාට පස්සෙ කෙල්ලව අරලන්න එනව. ඇරලලා යද්දි මෙ කෙල්ල අර ජිම් එකෙ සෙට් උන කොල්ලා එක්ක එකතුවෙලා අර බදින්න හිටිය කොල්ලව බෙල්ල කපල මරනව. මරන්න එන්නෙ ජිම් එකෙ සෙට් උන කොල්ලයි එ කොල්ලගෙ යාලුවෙකුයි ස්කුටියක ඒ යාළුවගෙ වයස 19යි. දෙන්න ඇවිත් අර කැලණියෙ කොල්ලගෙ බෙල්ල කපල යනවා. කඳානෙ ස්ථානාධිපති මුණසිංහ සර්ගෙ මෙහෙමයවීමෙන් අපරාධ අංශේ රුමේස් සර් එක්ක ඒ නිලධාරින් දැඩි කැපවීමෙන් දවස් දෙකක් ඇතුලත මිනි මරුවො දෙන්නාව අල්ලනව ආපු ස්කුටිය කපපු මන්නෙ සරමත් හොයාගන්නවා. මේ කතාව සමස්ත සමාජෙටම හොඳ ආදර්ශයක්..
මස්සිනා ඔබට නිවන් සූව...!!!
==========================
කෙල්ලෙක්ට ආදරය කරන්නේ මරනයක් බලාපොරොත්තු ව නෙමෙයි... උබේ ආදරය උබේ මාරයා වෙයි කියලා උබ කවදාවත් හිතන්න නැතිව ඇති මල්ලි..
අවුරුදු 8ක් ආදරය කරපු කෙනා සහාසික විදියට උබව මරලා දාන්න ප්ලැන් කරන්න තියා හිතන්න වත් ඇති කියලා උබ හිනෙන් වත් හිතන්න නැතිව ඇති මල්ලි....
මේ කරපු අපරාධය පොළොව උහුලන අපරාදයක් නෙමෙයි....උබට නිවන් සුව මල්ලි...
නිහතමානි, අවන්ක,උබට කව්රුත් ආදරෙයි ...
ඒ හිත් අද උඹ වෙනුවෙන් හඩා වැටෙන්නේ කියා ගන්න බැරි දුකකින්...
