Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
07
කොටකෙතනේ තීන්දුව කල් යයි - අම්මයි දුවයි මැරූ හැටි පාපොච්චාරණය කළේ මෙලෙසයි (ඡායාරූප)

- කොටකෙතනේ තීන්දුව කල් යයි - අම්මයි දුවයි මැරූ හැටි පාපොච්චාරණය කළේ මෙලෙසයි (ඡායාරූප)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව අද(07)ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය මේ මස 28 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය තීරණය කළා.

ලියනආරච්චිගේ ප්‍රේමවතී නමැති 63 හැවිරිදි මව සහ 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි නමැති ඇගේ දියණිය කපා කොටා ගිනිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් චමින්ද සිල්වා,සිසිර කුමාර සහ එල්.ජී. මිතිල චෝදනා ලැබ සිටියා.



2012 ජූලි 19 වැනිදා මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බී 503/12 ලෙසින් පවත්වාගෙන ගිය මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ පසුව විභාග වුණා.
 
නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල මෙම නඩුවේ දී සාක්කි දුන්නා.

පසුගිය නඩු වාරයක දී ජීන් ටෙක්” ආයතනය වෙනුවෙන් මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සාක්කි ලබාදෙමින් රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතා මරණකාරිනියන්ගේ ස්ත්‍රී ලිංග තුළ තිබූ ස‍්‍රාවයන් පිස්න ආකාරයෙන් ලබාගෙන තමන් වෙත එවූ බවත් පුෂ්පකුමාරිගේ ස්ත්‍රී ලිංගය තුළ තිබී පුරුෂ ධාතු සොයාගත් බවත් එම පුරුෂ ධාතු මෙම විත්තිකරුවන් තිදෙනා හා සිරිපාලගේ ඩී.එන්.ඒ. රටාවන් සමග නොගැළපුණු අන්දමත් හෙළි කළා.

ඇගේ යෝනිය තුළ සොයා ගත් ශුක්‍රාණු වල ඩී.එන්.ඒ.රටාව පරිගණකයට ඇතුල් කළ විගසම එමඩී.එන්.ඒ. රටාවට සමාන ඩී.එන්.ඒ. රටාවක් ඇති පුද්ගලයකුගේ සාම්පලයක් මීට පෙර පරීක්ෂා කර ඇති බව පෙන්වනු ලැබු බවත් ඊට පෙර සිදුකළ ද්විත්ව කාන්තා ඝාතනයටත් අමතරව එම අපරාධකරු තවත් කාන්තා ඝාතන දෙකකට සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළි වූ බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා.

භූත බලවේගයක් නිසා මෙම ඝාතන සිදුවන බවට ගමපුරා ප්‍රචාරයක් පැතිර ගොස් තිබූ අතර ගම්මුන්ගේ අවධානය වෙනතකට යොමුකරලීම මේ ඝාතකයන්ගේ සැලසුමක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළිවී තිබුණා.

නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල ලබා දුන් කට උත්තරය පහත දැක්වෙනවා.

ප්‍රේමවතී අක්කාටයි එයාගේ දුවටයි පිහියෙන් කෙටුවා. ඔවුන් දෙදෙනා මරු විකල්ලෙන් දඟලද්දී දෙදෙනාටම අතවර කළා. පස්සේ මමත් තුෂාරත් යට ඇඳුම්පිටින්ම ගෙදර ගියා. තුෂාරගේ සිරුරට හා කමිසයේ ලේ තැවරී තිබූ නිසා ඒවා උනා ප්‍රේමවතී අක්කාගේ හා දියණියගේ දැවෙමින් තිබූ සිරුරු මතට වීසිකළා. යට ඇඳුමෙන් සිටි දෙදෙනා දුෂණය කිරීමෙන් පසු ඔවුන්ගේ සිරුරුවලට භූමිතෙල් හලා ගිනි තිබ්බා. යට ඇඳුම් පිටින් ගෙදර ඇවිදින් නාගෙන පිරිසිදු වී වෙනත් ඇඳුම් ඇඳ ගත්තා.

මගේ ඇඳුම්වල ලේ තැවරී තිබුණේ නැහැ. නමුත් මා ඇඳ සිටි සරම ගලවාගෙන කිහිල්ලේ ගසාගෙන තුෂාරත් සමග ආවා. යැයි සැකකාර සිරිපාල නමැත්තා පොලිසියට පාපෝච්චාරණයක් කරමින් පවසා ඇත. ඝාතනයට යොදාගත් මන්නාපිහිය තුෂාර වෙලට විසිකර දැමුවා. පස්සේ දවසක ගිහින් ලේ තැවරී තිබූ ඒ පිහිය සෝදා මම නැවතත් ප්‍රයෝජනයට ගත්තා. අපි ප්‍රේමවතී අක්කාගේ නිවසේ ගින්න නිවා දැමීමටත් හවුල්වුනා. සිරුරුවලට ගිනි තැබුවායින් පස්සේ තමා ගෙටත් ගිනි ගත්තේ. මේ දෙදෙනාගේ සිරුරු මෙට්ට හා ඇඳ ඇතිරිලි දමා භූමිතෙල් හලා ගිනි තිබ්බා. ඒ ගෙදරින් පිටත්වෙලා එන්න කලින් ජනේලයක කම්බි කූරු ඈත්කළා.

එහෙම කළේ පරීක්ෂණ පැවැත්වීමට එන පොලිසියේ මහත්වරුන් නොමග යවන්නයි. මේ සිද්ධිය මට හැම තිස්සේ මැවී පෙනෙන්නට වුනා. මම සමහරදාට රෑට හීනෙන් බය වෙලා කෑ ගැසුවා. මේ නිසා රෑට හොඳට බීලයි නිදා ගන්නේ .

නාමල් චමින්ද සිල්වා ලබා දුන් කට උත්තරය

ප්‍රේමවතී අක්කාගේ හා ඇයගේ දුවගේ ඝාතනයන්ට ශාප කරන්න මම ගමේ කට්ටියත් එක්ක රත්නපුර සමන්දේවාලයට ගොස් පොල් ගැසුවා. මේ අපරාධය කරපු ඔවුන්ට හෙණ හතම ගහන්න ඕනෑ කියා දෙවියන්ට කන්නලව් කළා. මේ වගේ රඟපෑමක් මට කරන්නවුනේ කාටවත් සැකයක් ඇති නොවන්න.

සිරිපාල ගැහැනුන්ට කෑදර මිනිහෙක් කියලා දැන ගත්තා. මේ බව දැන ගත්තාට පස්සේ සිරිපාලට අසභ්‍ය දර්ශන තියන සී.ඞී. කිහිපයක් ගෙනවිත් පෙන්නුවා. ඒවා මිනිහා පුදුම ආශාවකින් බලා හිටියා. එහෙම කළේ දුවගැන මිනිහට කාම ආශාවක් ඇතිකරවන්න හිතාගෙනයි. හරියටම හරි ගියා.


ඝාතනයට ලක්වූ හේවාගමගේ පුෂ්පකුමාරි


ඝාතනය සිදු වූ නිවස 



නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල 



සැකකාර නාමල් චමින්ද සිල්වා



සැකකාර සිසිර කුමාර



සැකකාර එල්.ජී. මිතිල

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top