Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
05
හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹෙයි - පැය කිහිපයක් තුල කතරගම කිරිවෙහෙරට වාර්තාගත ජන ගඟක් (වීඩියෝ සහ ඡායාරූප)

- හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹෙයි - පැය කිහිපයක් තුල කතරගම කිරිවෙහෙරට වාර්තාගත ජන ගඟක් (වීඩියෝ සහ ඡායාරූප)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

කතරගම කිරිවෙහෙරට පැමිණි වැඩිම ජනගහනය මෙයයි - කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමි
මේක දාන පාරමිතාවක් හරි සතුටක් දැනෙනවා අපිට. - පූජ්‍ය වස්කඩුවේ මහින්දාභිනන්ද හිමි

-එතන්නට ගියාම මම ඇඬුවා, බුදුහාමුදුරුවෝ ඇස්දෙකෙන් දැක්කා වගේ කියලා මට දැණුනා පුතේ
- ඇත්තටම ගොඩාක් පිං, බුදුහාමුදුරුවෝ දැක්කා හා සමානයි, - ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි පිරිස්

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ලක්වාසී ජනතාවට වැද පුදා ගැනීමේ අවස්ථාව උදා කරමින් හිරු උත්තම ධාතු වන්දනාව අද (04) අලූයම කතරගම කිරිවෙහෙර පුද බිමේදී ආරම්භ වුණා. ඒ වන විටත් අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා එහි පැමිණ සිටියා. වස්කඩුව - රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ අද අලූයම කතරගම කිරිවෙහෙර පුද බිමට වැඩම කරවනු ලැබුවා.

ආසියානු මාධ්‍ය  ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් සර්වඥධාතූන් වහන්සේ කතරගම කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කළ අතර  පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට මෙය වන්දනාමාන කරන්නට අවස්ථාව සැලසෙනවා. අනතුරුව 6 වන දා සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරයට වැඩම කරවන අතර එදින බැතිමතුන්ට එම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගත හැකියි.



පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.

ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට කිරිවෙහෙර පුදබිමට පැමිණි සැදැහැවතුන්ට ආහාර වේලක් ලබාදීමද මෙහිදී සිදුකෙරුණේ ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙනුයි.

එහිදී ස්වාමින් වහන්සේලා දැක්වූ අදහස් පහතින්....

කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමි

‘‘ඊයේ උදෑසන සිට ධාතු වන්දනාවේ සිටින ජනතාවට ආහාර වේලක් දියයුතුයි කියලා ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා තීරණය කරලා  ඒ අනුව අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කළා. මම හිතන්නේ කතරගමට පැමිණි වැඩිම ජනගහනය. කිරිවෙහෙර කියන ඉතිහාස කථාවේ නව පිටුවක් පෙරලුවොත් එහි මූලිකත්වය ආසියානු මාධ්‍යජාලයටත් එහි සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ටත් හිමිවන බව හිතට එකඟව කියන්න ඕනි.‘‘

පූජ්‍ය වස්කඩුවේ මහින්දාභිනන්ද හිමි

‘‘මේ රැස්වෙලා ඉන්න පිරිස මහා පොළිම් වල ඉඳලා, දුක් විඳලා බඩගින්නේ පිපාසෙන් ඉන්න ඇත්තෝ. මේ බඩගින්න සංසිඳුවන එකත් මහා දානයක්. මේක දාන පාරමිතාවක් හරි සතුටක් දැනෙනවා අපිට. බුද්ධ කාලයේ අනේපිඬු සිටුතුමා මහා දන්දුන්නා. ඒවා තමයි මතක් වෙන්නේ මේවා දකිනකොට. මහ පිං කරනකොට මහා දන් දෙනවා. දෙන්න සංසාරේ පිං තියෙන්නත් ඕනි. ආසියානු මාධ්‍යජාලයේ සභාපතිතුමා පෙර පිං කරලා තියෙන නිසා ලැබෙනවා.‘‘

ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණි පිරිස් දැක්වූ අදහස් පහතින්...

-දැන් අවුරුදු 26ක් වෙනවා, අවුරුදු 26ටම මේ ධාතූන් බලනවාමයි, ගොඩක් සතුටුයි ඇත්තටම, හිරු අපේ පණ වගේ

-බුදුහාමුදුරුවෝ දකින්න යනවා වගේ කියලා තමයි හිතෙන්නේ, ගොඩාක් පිං ඔයාලට, ලබන සැරෙත් එන්න කියලා තමයි කියන්නේ අපේ ගමට.

-පෙරේදා තමයි ආවේ, ගොඩාක් සතුටුයි, මට ඉන්න බෑ හිතේ ශ්‍රද්ධාවයි

-ඇත්තටම ගොඩාක් පිං, බුදුහාමුදුරුවෝ දැක්කා හා සමානයි,

-මට හරීම සන්තෝසයි, උතුම් වූ අමාමහා නිවන් දකින්න මේ පිං හේතු වාසනාම වේවා

-නිවන් දකිනවා මේ දේවල් ඔයාලා කරාට, හිරු අපේ පණ වගේ, හැමදාමත් පණ වගේ, කියන්න බෑ සතුටුයි

-හිරු කවදත් ලංකාවේ පළවෙනි නැතනේ, සභාපතිතුමාට, කාර්ය මණ්ඩලයට සියළු දෙනාටම මේ අවස්ථාවේ ගොඩාක් පිං ලැබෙනවා

-ඊයේ පෙරේදා මේ දවස් තුනේ උදව් උපකාර කරලා අපිට ධාතූන් වහන්සේ අපි පෝලිමේ ඉඳලා වැඳගත්තා, ඒ පිං වලින් මහත්තයාලගේ වැඩසටහන්වලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා

-එතන්නට ගියාම මම ඇඬුවා, බුදුහාමුදුරුවෝ ඇස්දෙකෙන් දැක්කා වගේ කියලා මට දැණුනා පුතේ


මේ අතර, වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

සම්බුදු දහමේ තිරස්චිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කළේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්. ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට රැස් වූ අතිවිශාල උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලය පිහිටුවා ආරම්භ කළ එම කටයුත්ත ධර්ම දේශනා, බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡාවලින් පෝෂිත වුණා.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි.  

සුදුවතින් සැරසී මේ මහඟු පිං කටයුත්තට දායක වන ලෙස ලක්වාසී සෑම සියලූ දෙනාටම හිරු ටී.වී., හිරු එෆ්.එම්. ආරාධනා කර සිටිමු.

හිරු උත්තම ධාතු වන්දනාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.







   



සම්පූර්ණ ඡායාරූප එකතුව මෙතනින් නරඹන්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top