එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට තමන්ගේ පීකොක් මන්දිරය ලබා දීම සම්බන්ධයෙන් ද ඒ.එස්.පී.ලියනගේ මහතා මෙහි දී කරුණු හෙළි කළා.
මහින්ද රාජපක්ෂ මහතාට මෙම මන්දිරය ලබා නොදෙන්නේ වත්මන් රජයේ අමාත්‍යවරයෙක්ගේ කීමට බව ඔහු එහි දී නම්ගම් සහිතව සඳහන් කළා.ප්‍රශ්නය - තොවිල් ගෙවල්වල ගිහිල්ල තියෙනවද පිළිතුර -තොවිල් ගෙවල්වල ගිහිල්ල තියෙනවා ප්‍රශ්නය - ඇයි මිනිස්සු තොවිල් නටන්නේ. පිළිතුර -මානසිකව තියෙන රෝගයක් සුවපත් කර ගැනීමක් තමයි ඕකෙන් කෙරෙන්නේ ප්‍රශ්නය - ඔබටත් ළඟදීම තොවිලයක් නටන්න වෙයි නේද.ඔබ බයවෙලානේ ඉන්නේ මේ දවස්වල පිළිතුර -ඒක ඉතින් දෙවියන්ගේ තීරණේ ප්‍රශ්නය - පීකොක් මන්දිරය හිටපු ජනාධිපති තුමාට දෙනවා කිව්වනේ.ඇයි එකපාරටම බය වුණේ. පිළිතුර -අවසාන මොහොත වෙනකම් එතුමාට අවශ්‍ය කටයුතු එතුමා කළා.පිහිනුම් තටාකය වැලිවලින් පුරවලා එතුමාගේ කේන්දරයට ගැලපෙන පරිදි,ඉස්සරහ දොර ගලවලා එහා පැත්තේ හයි කළා.දවසක්ම විශාල පුජාවක් කළා.එතුමා එන්න හිටියේ 20වනදා.ඊට දවස් දෙක තුනකට ඉස්සෙල්ල මේ රටේ තියෙනවලු මුදල් විශුද්ධිකරණ කියල පනතක්.මම මේක කෝටි හතලිස් පහකට වික්කා කියලා පත්තරවල ගියා.රටේ නීතියක් තියෙනවා කොටි හතලිස් පහක් තියෙනවා නම් කවුද ඒ පුද්ගලයා,කොහෙන්ද සල්ලි කියලා හොයන්න.ඔච්චරයි ඒගොල්ලන්ගේ ගැටලුව.ප්‍රශ්නය - ඒගොල්ලෝ කියන්නේ පිළිතුර -කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රශ්නය - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා ඔබට එහෙම කැඳවීමක් කළේ නැහැ.ඔබ කියන්නේ බොරු කියලා පිළිතුර -හරියටම 2ට මම එතනට ගියා.එතනට ගිහිල්ල පැයක් මම එතන හිටියා ප්‍රශ්නය - ඔබ දුරකථන ඇමතුමක් පොලිසියට දීලා තියෙනවා.පොලිසිය ඔබට කැඳවීමක් කරලා නැහැ.ඔබ එතැනට යනවා. පිළිතුර -ඔබ පටලවනවා මාව දාලා ප්‍රශ්නය - නැහැ ඔබයි පටලවන්නේ .ඔබට කැඳවීමක් කරලා නැහැ.ඔබ මාධ්‍යට කියනවා ඔබට කැඳවීමක් කළා මම ගියා පොලිසියට .ඔබ කොහෙද ගියේ පොලිසිය,කවුද ඔබගෙන් ප්‍රශ්න කළේ. පිළිතුර -නීතියට පමණයි මම බැඳී සිටින්නේ මේකට උත්තර දෙන්න.ඒනිසා ඔබගෙන් සමාවෙන්න කියල ඉල්ලනවා.ප්‍රශ්නය - අපට නම් තියෙන ආරංචිය අනුව ඔබව බය කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් පිළිතුර -ඇත්තටම මම කියන්න ඕනි රාජිත ඇමති තුමා එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා.එතුමා අපේ පවුලේ දැඩි සම්බන්ධයක් තියෙනවා.ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයාට ගේ දෙන්න එපා කියල කිවුවා කියලා ආරංචියක් තියෙනවා.මේකත් ආරංචියක්.මේ ආරංචිය ඇත්තද පිළිතුර -ඒක මෙහෙමයි වෙන්නේ.ඩොක්ටර් රාජිත සේනාරත්න ගරු ඇමතිතුමාව මම මුණ ගැසුණා.එතැනදී පැහැදිලිව ඇහුවා මම ගේ දෙන එක ප්‍රශ්නයක්ද කියලා.ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා ඇයි අපි එතුමාට ගෙයක් දෙනවනේ කියලා.ප්‍රශ්නය - ඔබ තුමාට නඩු තියෙනවද ඉඩම් සම්බන්ධයෙන්. පිළිතුර -මට හොර ඔප්පුවක් ලියලා හරි කිසිම දෙයකට නඩුවක් නෑ.හැබැයි ඔය කේස් අස්සේ එකම එකක් දාලා තියෙනවා.ප්‍රශ්නය - ඔබතුමාගේ පක්ෂෙ සභාපති කවුද පිළිතුර -පිලිප් ටෙරන්ස් කියලා මහත්තයෙක්.ප්‍රශ්නය - ඔබ තුමා කවුද පිළිතුර -පක්ෂෙ නායකයා ප්‍රශ්නය - පක්ෂෙ මහා ලේකම් කවුද පිළිතුර -මගේ දුව ප්‍රශ්නය - මේකේ සාමාජිකයෝ කොපමණ ඉන්නවාද පිළිතුර -විශාල සංඛ්‍යාවක් ඉන්නවා ප්‍රශ්නය - එකේ ඉන්නවද ඒඑස්.පී. එකේ වැඩ කරන කට්ටිය පිළිතුර -ඉන්නවා.ප්‍රශ්නය - පක්ෂෙත් දෙනවා කිවුවා නේද මහින්ද මහත්තයට තරඟ කරන්න පිළිතුර -ඒ වෙලාවේ අදහසක් තිබ්බා.ප්‍රශ්නය -කවුද පක්ෂෙ දෙන්න එපා කිව්වේ. පිළිතුර -මම හිතන්නේ මහින්ද මහත්තය මගේ පක්ෂය බලාපොරොත්තු වෙන්නේ නෑ.ඔක්කොටම වැඩිය ආසයි මහින්ද මහත්තය බේරනවට වැඩිය මගේ දරුවෝ පවුල එක්ක මේ ටික කාලය ගත කරන්න.ප්‍රශ්නය - පක්ෂෙ දෙනවා කියල මාධ්‍යට කිව්වේ පබ්ලිසිටියක් ගන්නද පිළිතුර -මම පබ්ලිසිටියට කැමතිනේ.ප්‍රශ්නය - ඔබ මහින්ද මහත්තයවත් විකුණලා තියෙනවා..මාධ්‍යයෙනුත් ලොකු පබ්ලිසිටියක් අරන් තියෙනවා ඔබ තුමාගේ ඔය ගෙදරට ඩිමාන්ඩ් එකක් හදා ගන්න. පිළිතුර -මම ඔබ තුමාට කියනවා නිවැරදි කියලා.අද පුළුවන් ඕක කෝටි ගානකට විකුණන්න.ඉල්ලුම ඇවිල්ල තියෙනවා මහින්ද මහත්තයාගේ සීන් එක හින්ද.මම විකුණන්නේ නෑ.කෝටි හතලිස් පහකට වෙබ් සයිට් එකක දාල තියෙනවා.ප්‍රශ්නය - ඔබට පහුගිය ආණ්ඩුවේ තානාපති ධූරයකුත් හම්බුනා නේද පිළිතුර -නයිජීරියාවේ තානාපති හැටියට අවුරුද්දක් විතර සේවය කළා.ප්‍රශ්නය - ඔබට තානාපති කෙනෙක් වෙන්න මොනවද තියෙන සුදසුකම් පිළිතුර -මට තියෙන පළමු සුදසුකම තමයි..ප්‍රශ්නය - ඉඩම් වික්ක එකද පිළිතුර -නෑ .තානාපති ලොකු සුදසුකම් තියෙන මෙච්චර ෆයිල් තොගයක් තියෙන එක්කෙනෙක් නෙමෙයි.අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තය විශ්ව විද්‍යාලයක ලොකු ඩිග්රියක් ගහලද ඉන්නේ.නමුත් එතුමා ලස්සනට අද ගෙනියන්නේ.ප්‍රශ්නය - නයිජීරියාවෙන් මොනවද ලැබුණේ ඔබතුමා ඉන්න කාලේ පිළිතුර -ලංකාවට කෝටි ගණනක ගනුදෙනුවක් දාලා දුන්නා.ලියල තියා ගන්න ඒක.ඇවන්ගාර්ඩ් කියන සමාගම නයිජීරියාව සමග ගනුදෙනු ඇරඹුවේ මගේ කාලේ .ගනුදෙනුවේ එක මුලිකයෙක් තමයි මම.ප්‍රශ්නය - ඒ සල්ලි කොහාටද ගියේ පිළිතුර -සල්ලි කොහෙද ගියේ කියන එක නම් මම දන්නේ නෑ.මම කලේ මට රජයෙන් ලැබුන උපදෙස් එක්ක ගනුදෙනුව හරියට කරන්න මග පාදල දුන්නා ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී.ලියනගේ මහතා සමග සාකච්ඡා කළ හිරු HARD TALK විශේෂාංගය පහතින් නරඹන්න
VIDEO